3 පරිච්ඡේදය

2K 339 12
                                    

ඊළඟ දිනයේ නුගේගොඩට ගිය ෂමිත් බැංකු කාඩ්පත පරික්ෂා කර ගත්තේ ය. එහි නිවැරදිව ම ලක්ෂ පහක් තිබිණ. නමුත් මේ උගුලෙහි පැටලීමට ෂමිත්ට කිසිදු අවශ්‍යතාවයක් නොවින. ඔහු තවමත් අවුරුදු විසි දෙකක තරුණයෙකි. එවන් වයසක සිටිය දී මෙතරම් බරපතල ගනුදෙනුවකට අත ගැසීම භයානක ය. ඔහුගේ එක ම අරමුණ වූයේ විභාගය කර මෙතැනින් පැන ගැනීම ය. එබැවින් ගනුදෙනුව ප්‍රතික්ෂේප කරන්නට ඔහු දැනටම සිතාගෙන සිටියේ ය. එදින තම පන්ති අවසානයේ ඔහුට පළමු දුම්රිය අල්ලා ගත හැකි විය. එය නිවසට යන විට රාත්‍රී හයයි තිහ පමණ වේ. ඔහුට අද රාත්‍රී රැකියාවට යාමට පෙර මද විවේකයක් ගත හැකිය. ඔහු දුම්රියෙන් බසින විට අහස කලු කර තිබුණත් පෙර දා මෙන් වැසි ඇද හැලුනේ නැත. එබැවින් ඔහු සාමාන්‍ය ගමනින් නිවස සහිත ගොඩනැගිල්ලට පැමිණියේ ය. ගමේ මිනිසුන් මෙය හැඳින්වූයේ 'සණස' යන නමින් වුවත් මෙහි සණසක් පවත්වාගෙන ගියේ අවුරුදු ගණනකට පෙර ය. නමුත් ඒ නම මෙයට සදහට ම පටබැඳින.

ඔහු දෙවෙනි මහලට යන පඩිපෙළ නැග්ගේ ද සෙමිනි. නිවසට යන කොරිඩෝව වෙතට හැරෙන විට ම අඳුර අතරින් ඔහුගේ ඉදිරියට මතු වූයේ අපැහැදිලි රූපයකි. ඔහු කිසි දිනෙක අඳුරට බිය වූයේ නැත. එසේ බිය වූවා නම් ඔහු මෙම මහලේ නිවසක් කුලියට ගන්නේ ද නැත. ඔහු නැවතී බැලුවේ පැමිණි පුද්ගලයා ඔහුට අනුමාන කරන්නට හැකි වූ බැවිනි. ඒ පුද්ගලයා හඳුනාගත් ඔහුගේ මුහුණ කෝපයකටත්, අප්‍රසන්නතාවයකටත් හැරිණ.

"මොකට ද ආවේ?"

ෂමිත් සැරෙන් ඇසුවේ නොඉවසිල්ලෙනි. ඔහුට මේ පුද්ගලයාව හැකි ඉක්මනින් පිට කරන්නට අවශ්‍ය විය.

"මොකක්ද කොල්ලො? හෙන කාලෙකට පස්සෙ පොඩ්ඩක් බලල යන්න ආවම ඔහොම ද තාත්තට සලකන්නේ?"

ඔහු සිනාවකින් මුව පුරවා ගත්තේ ය. ෂමිත්ගේ මුහුණ තව තවත් අඳුරු විය. ඔහුට දැන් මේ පුද්ගලයා සමඟ ගනුදෙනු කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැත.

"සලකන්න දෙයක් නෑ ආපු අතක් බලන් යන්න. මට වැඩ තියෙනවා."

ෂමිත් තවමත් දොර විවර නොකළේ ඔහුගේ පියා නිවසේ යතුර ඇති තැන සොයා ගනීවි යැයි සැක සිතුණු බැවිනි.

The Deathtrap Where stories live. Discover now