අඳුර.....
ඔහුට දැකිය හැකි වූයේ එපමණකි. නමුත් මද වේලාවක් ගත වන විට තමන් තවමත් දෑස් විවර කර නැති බව ඔහුට වැටහිණ. ඔහු හිස පසෙකට හරවමින් දෑස් විවර කර ගන්නට මද උත්සහයක් දැරීය. දිගු වේලාවක් තද නින්දක සිටි අයෙකු මෙන් ඔහු දෑස් විවර කළේ ය. ඒත් සමග ඔහුගේ දෑස්වලට යොමු වූයේ දීප්තිමත් ආලෝකයකි. ඔහු එය දෑසට හුරු වන තුරු මදක් බලා සිටියේ ය. මොහොතක් ගත වන විට ඔහුට වටපිටාව පැහැදිලිව දැක ගත හැකි විය. සිටි ස්ථානය හඳුනා ගත් මොහොතේම ඔහු කෙළින් විය.
"ආව්! අහ්! ස්ස්ස්!"
ඔහුගේ ඉන වේදනා දෙන්නට වූයෙන් ඔහු නැවතත් ඇඳේ විට්ටමට හේත්තු විය. මදක් සන්සුන් වූ ඔහු නැවත කාමරය පුරා දෙනෙත් යැව්වේ ය. ඔහුගේ නෙත් නැවතුනේ කාමරයේ කොනේ මදක් විශාල පුටුවක ඇන්ද මත දමා තිබූ තද නිල් පැහැති සූට් ජැකට්ටුවක් දැකීමෙනි. එය කාගේදැයි ඔහු හොඳින් ම දනී. එසේ නම් යේන් තවමත් මෙහි සිටිනවා ද? ඔහු දොර දෙස ද බැලී ය. එය වසා ඇත. ඔහු සිටිනා රෝහල කුමක්දැයි නොදන්නා වුවත් මෙය රජයේ සාමාන්‍ය රෝහලක් නොවන බව ඔහුට දැන් නිශ්චිත ය.
මදක් සියල්ල නිසි ලෙස පැහැදිලි වන තුරු සිටි ඔහු, ඔහුට පෙරවා තිබූ පොරෝනාව ඉවතට කරමින් ඔහුගේ සිරුර දෙස බැලුවේ ය. තවමත් තැලුම් පහරවල් හොඳින් ම පෙනිනි. එසේම ඔහුගේ වම් අතේ වැළමිටට ආසන්නයේ සිට මැණික් කටුව ආසන්නයට වන තෙක් වෙලුම් පටිවලින් වෙලා තිබිණි. ඔහු හැඳ සිටියේ පෙර දිනයේ හැඳ සිටි කලිසම නොවේ. ඔහු ෂර්ටයක් හැඳ නොසිටි අතර ඔහු පෙර දින හැඳ සිටි ඇඳුම් කිසිවක් ද පෙනෙන්නට නොවින.
ඔහු පොරෝනාව මදක් පසෙකට කරමින් ඇඳේ විට්ටමට කෙළින් වී හේත්තු වනවාත් සමඟම කාමරයේ දොර හැරිණි. ජංගම දුරකථනය කනේ තබාගෙන එයින් ඇතුළට පැමිණි යේන් නැවතුනේ අවදි වී සිටි ෂමිත්ව දැකීමෙනි. දුරකථනය විසන්ධි කරමින් ඔහු ෂමිත් අසලට පැමිණියේ ය. ඔහු සූට් ජැකට්ටුව හා ටයි පටිය ගලවා, යටින් හැඳ සිටි සුදු පැහැ ෂර්ටයේ දෑත් වැළමිට දක්වා නවාගෙන සිටියේ ය. දුරකථනය කලිසම් සාක්කුවට දමා ගනිමින් ඔහු ෂමිත් දෙසම බලාගෙන ඔහුගේ ඇඳ අසලින් නැවතිනි.
YOU ARE READING
The Deathtrap
Romance"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...