140 පරිච්ඡේදය

838 176 66
                                    


[Waring: self harm/violence ⚠️]


"Hello? කියන්න රොහාන්."

නිවසේ පඩිපෙළ බසින අතර ම ෂෙරිල් ඇගේ දුරකථනයට පිළිතුරු දෙන්නට වූවා ය. මේ වන විට රෑ බෝ වී තිබූ හෙයින් මාලියා සිටියේ ඇගේ කාමරයේ යි. එබැවින් ෂෙරිල් යන එන තැන් සොයන්නට ඇය උත්සුක නොවූවා ය.

"ආ? යේන් කතා කළා?"

ඇය ඇසුවේ පඩිපෙළ මත ම නවතිමිනි.

"මිනිහට ඉඳලා එපා වෙලා වගේ. ෂමිත් ආවා විතරයි! ඒකත් කමක් නෑ එක අතකට. එතකොට ඕකත් ඉවරයක් කරලා ෂමිත්වත් එහෙම ම යැව්වැහැකි. යේන් දැන ගන්න ඕනත් නෑ අපි ෂමිත්ව තියන් හිටියා කියලා."

ෂෙරිල් කියන්නට වූයේ සැනසුම් සුසුම් හෙලමින් සෙමින් සෙමින් පඩිපෙළ බසිමිනි.

"තමුසේ ෂමිත්ට මුකුත් කළේ නෑනේ?"

ඇය ඇසුවේ සැක සහිත ස්වරයකිනි.

"හ්ම්. මං එන්නම්."

ඇය සාලයේ පුටුවක් මත තබා තිබූ ඇගේ අත් බෑගය අතට ගත්තා ය.

"මං ගෙදර ඇවිල්ලා කාලා wash එකක් දා ගත්තා විතරයි. ඒත් කමක් නෑ මං එන්නම්. යේන්ව තවත් ඔතන තියා ගන්න බෑ. Dangerous. බැරි වෙලාවකවත් පොලීසියෙන්ට ඔත්තුවක් ලැබිලා තිබ්බොත් එහෙම."

එයට අනෙක් පසින් පිළිතුරු ලැබිණි. එයින් ඇය සෑහීමට පත් වූ බවක් නොපෙනින.

"හරි, හරි, මාව ගන්න එනවා. ගෙදරට."

කියමින් ම ඇය නිවසේ කොරිඩෝවට පිවිසින. යේන් නිවසින් පිටත් වූ දින සිට නිවසේ සිටි මුරකරුව ආපසු යවා තිබිණි. මාලියා ඒ ගැන ප්‍රශ්න කළත් එය පහසුවෙන් තේරුම් කර දෙන්නට ෂෙරිල්ට හැකි වූවා ය. එබැවින් නිවසේ සිටියේ වත්තේ වැඩ කරන පුද්ගලයා පමණි.

තමා නිතරම එහෙ මෙහෙ යන එන බැවින් ඔහුට මෙය හුරු පුරුදු ය. අන් කිසිවකටත් වඩා ෂෙරිල්ට මේ මොහොතේ නොදන්නා අයෙකු සමග නිවසින් පිට වන්නට සිත් දුන්නේ නැත. තමාට විශ්වාස කළ හැකි එකම පුද්ගලයා ලෙස ඇය දුටුවේ රොහාන්ව පමණි.

රාත්‍රී එකොළහ පමණ වන විට ඇයට යේන් සිටි නිවසට ළඟා වන්නට හැකි විනි. ඇගේ නිවසේ සිට එහි පැමිණෙන්නට ම පැය දෙකක පමණ කාලයක් ගත වේ. එයට එක් හේතුවක් නම් රොහාන් එහි යන්නට තෝරා ගන්නා මාර්ග දවසින් දවස වෙනස් වීම ය. මෙදින ගිය මාර්ගය අනෙක් දිනවල ගිය මාර්ගයට වඩා වැඩි දුරකින් යුක්ත විය.

The Deathtrap Où les histoires vivent. Découvrez maintenant