14 පරිච්ඡේදය

1.7K 330 26
                                    

[Mature Content ⚠️🔞]

"යේන්!"

ෂමිත් ක්ෂණිකව යේන්ව නවත්වා ගත්තේ ය.

"අපි ඉන්නෙ public!"

ඔහු කීවේ වාහනයේ හැර තිබූ දොරෙන් ඇතුළට ද එක් කකුලක් තබමින් තවත් පසුපසට වෙමිනි. නමුත් ඔහුට එතැනින් එහාට යාමට ඉඩක් නොවීය. යේන්ගේ දෑත් හා වාහනය අතරට ඔහු දැනට ම සිර වී සිටියේ ය.

"ඉතින් මොක ද?"

කියූ යේන් තවත් මදක් ෂමිත් දෙසට නැඹුරු විය.

"යේන්! අත අහකට ගන්න!"

ෂමිත්, යේන් ඔහුගේ දකුණු පසින් තබාගෙන සිටි අතේ බාහුවෙන් අල්ලා ඉවතට කරන්න උත්සාහ කළත් එයින් ඵලක් නොවින. මීට පෙර නිවසේ දී ෂමිත් කලබල වූ තරම මෙන් කිහිප ගුණයකින් මේ මොහොතේ කලබල වී සිටියේ ය. ඔහුට ප්‍රසිද්ධියේ මෙලෙස රඟපෑමට මුල සිට ම කිසිදු අදහසක් තිබුණේ නැත. යේන්ගේ පවුලේ සාමාජිකයන් ඉදිරියේ එලෙස සිටීම හා ප්‍රසිද්ධියේ මෙලෙස සිටීම සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකකි. ප්‍රසිද්ධියේ මෙලෙස නොහැසිරීමට හේතු ගණනාවක් ඔහුගේ හිසේ නිර්මාණය වී තිබිණ. ඒවා එකින් එක ඔහුගේ මනසේ හොල්මන් කරන්නට පටන් ගත්තේ ය.

ඔහු එක් අතක් පෙර සේම යේන්ගේ පපුවෙන් තබාගෙන, අනෙක් අත යේන්ගේ පපුවට මදක් පහළින් ද තබාගෙන ඔහුව පසුපසට කරන්නට වෙර දැරුවේ ය. නමුත් සිදු වූයේ එහි විරුද්ධ පැත්ත ය. ෂමිත්ගේ මුහුණට අඟල් දෙකක් පමණ වන තෙක් ළං වුනු යේන් නැවතී ෂමිත්ගේ දෑස් දෙස බැලුවේ ය. මේ වන විටත් ෂමිත්ගේ ආශ්වාස ප්‍රශ්වාස වේගය අනවශ්‍ය ලෙස වේගවත් වී තිබිණි. ෂමිත්ට ඇති ලොකුම ගැටලුව වූයේ යේන්ගේ මෙවැනි හැසිරීම් හේතුවෙන් නොසිතන ඉක්මනට ඔහුගේ සිරුරේ පාලනය ඔහුට අහිමි වී යාම ය. මෙවැනි තැනක එවැන්නක් වුවහොත්? තමන් කුමක් කරන්න ද? ඔහු යේන් දෙස ඔරවා බැලුවේ ය.

"යේන්! අයින් වෙන්න! මෙතන පිස්සු කෙළින්න බෑ!"

ඔහු කියන විට ම වාහනයේ වහලයට තබාගෙන සිටි යේන්ගේ එක් අතක් ෂමිත්ගේ නිකට ස්පර්ශ කළේ ය. එම කුඩා ස්පර්ශය පවා ෂමිත්ගේ මුළු සිරුරට ම දැනී ගියේ ය. ෂමිත් ක්ෂණිකව ඔහුගේ දෙතොල් එකිනෙකට තද කර ගත්තේ ය. ඒත් සමඟ යේන්ගේ දිගු සිහින් ඇඟිලි තුඩු ෂමිත්ගේ නිකට ඔස්සේ ඔහු සපාගෙන සිටි යටි තොල දක්වා පැමිණියේ ය. තමාගේ දෙතොල් වෙතම රැඳි යේන්ගේ හැඟීම් විරහිත දෑස් දුටු ෂමිත්ට දැන් මේ උගුලෙන් ගැලවීමට නොහැකි බව වැටහිණි.

The Deathtrap Where stories live. Discover now