67 පරිච්ඡේදය

1.4K 259 14
                                    

තවත් දින හතරක් කිසිදු වෙනසක් නැතිව ගත විනි. යේන් ෂමිත්ව සම්පූර්ණයෙන් ම අමතක කර දමා ඇති සෙයකි. නමුත් ෂමිත් ඔහුට කතා නොකළ එක් දිනක් නැත. යේන්ගේ පීඩනකාරී හැසිරීමට මුහුණ දීමට සම්පූර්ණ සූදානමෙන් සිටි ෂමිත් සෑම දිනක ම ඔහුට කෙටි පණිවිඩ යවා ඔහු කුමක් හෝ සොයා ගත්තා ද යන්න විමසා බැලුවේ ය.

යේන් ෂමිත්ව ඔහුගෙන් ඈතට තල්ලු කරන්නට දැඩි උත්සාහයක නිරත වන අතරවාරයේ දී එය නොතකා තව තවත් ඔහුට ළං වන්නට ෂමිත් දැඩි වෙහෙසක් දරමින් සිටියේ ය. ඔවුන් දෙදෙනාගේ මෙම උත්සාහයන් නිෂ්ඵල බව ඔවුන් දෙදෙනාට ම වැටහී ගියේ වරක් දෙවරක් නොවේ. නමුත් දෙදෙනාගෙන් කිසිවෙකුත් එයින් අධෛර්යමත් නොවීම පුදුමයකි. ඔවුන් දෙදෙනාට ම එයට සාධාරණ හේතු ඇති බව නිසැක ය.

තමන් නොදන්නා කුමක් හෝ යමක් යේන්ට සිදු වී ඇති බව ෂමිත්ට විශ්වාස ය. එය ඔහුගේ සිතුවිලි මෙන් ම මනස ද දැඩි ලෙස වෙනස් කරන්නට සමත් වී ඇත. යේන් තමාගේ හැඟීම්, සිතුවිලි මෙලෙස උපහාසයට ලක් කර තමන්ව අපහසුතාවයට පත් කරන්නේත්, තම සිත රිදවන්නේත් ඒ හේතුවෙන් බවට ෂමිත් පෙර සිට ම නිගමනය කර තිබිණි. නමුත් ඔහුට ඒ කුමක්දැයි කිසිදු වැටහීමක් නොවී ය. ඔහුට අවශ්‍යත් එය කුමක්දැයි සොයා ගන්නට ය. එලෙස යේන්, ඔහුව තමාට එපා කරවන්නට දරන උත්සාහය ෂමිත් නොතැකුවේ යේන්ගේ ස්වභාවය මේ වන විට යම් තරමකට ෂමිත්ට තේරුම් ගන්නට හැකි වී තිබූ නිසාවෙනි.

එසේ ම යේන් තමන් අසන ප්‍රශ්නවලට කෙටියෙන් පිළිතුරු දී එය මග හරින්නට උත්සහ කළත් නිසැකව ම මේ වන විට ඔහු කුමක් හෝ සොයා ගෙන තිබිය යුතු බව ද ෂමිත්ට හැඟී ගොස් තිබිණ. එබැවින් මෙදින වචනයෙන් දෙකෙන් තම ප්‍රශ්නවලට උත්තර දී කතාවෙන් බේරෙන්නට යේන්ට ඉඩක් නොදෙන්නට ෂමිත් ඉටා ගත්තේ ය.

'මුලින් කියන්න ඔයා මොකක් ද කරන්න යන්නේ කියලා'

ඔහු වේගයන් දුරකථනයේ යතුරු පුවරුව මත ඇඟලි එහෙ මෙහෙ යවන්නට විය.

'For what?'

යේන්ගේ පිළිතුරු ෂමිත් බලාපොරොත්තු වූ ආකාරයේ ම ඒවා ය.

'මොකකට හරි. ඇයි මට දැන් ඒක දැන ගන්න බැරි ද? අපේ deal එක මතක නැද්ද?'

The Deathtrap Where stories live. Discover now