111 පරිච්ඡේදය

1K 213 65
                                    

වේලාව රාත්‍රී එකට පමණ ආසන්න ය. මේසය මත වූ විස්කි බෝතලයේ තවත් ඉතිරිව තිබුණේ වීදුරු දෙක තුනක් පමණි. වෙරි මත වැඩි වන විට යේන්ට තව දුරටත් හිස ඔසවාගෙන සිටින්නට නොහැකි විය. එසේම ඔහු පෙර දී පැවසූ අයුරින් සම්පූර්ණයෙන්ම නිහඬ විය. ඔහු සෝපාවට හිස හේත්තු කරගෙන ම දැස් පියා ගත්තේ ය. 

විනාඩි කිහිපයක් ගත වන විට ෂමිත් සිතුවේ ඔහු නින්දට වැටී ඇති බවයි. ඔහුව මේ මොහොතේ කාමරයට ගෙන යාම ෂමිත්ට කළ නොහැකි ය. ඔහු වැනි අයෙකුව වාරු කරගෙන, ඇද නොවැටී යාම පහසු නොවේ. මොහොතක් යේන් දෙස බලා සිටි ෂමිත් නැගිට්ටේ මේසය මත වූ බෝතලය අතට ගෙන එය වසමිනි. 

මීළඟට කාමරයට ගිය ඔහු කොට්ට දෙකක් හා පොරවන රෙද්දක් රැගෙන පැමිණියේ ය. ඒවා සෝපාවට දමමින් ඔහු යේන් වෙතට පහත් වූයේ යේන්ගේ කම්මුලට තට්ටුවක් දමමිනි.

"යේන්?" 

ප්‍රතිචාරයක් නොවින.

"යේන්? නැගිටලා මේ සෝපාවට එන්න. ඔහොම ඉන්න බෑනේ."

"ම්...."

යේන්ගේ උගුරෙන් නැගුනේ නොරුස්සන ගෙරවීමකට සමාන හඬකි. ෂමිත් වෙහෙසකර සුසුමක් පිට කළේ ය.

"මට ගොරවලා වැඩක් නෑ. ඔහොම බිම නිදා ගත්තොත් ඔයාට හෙට නැගිටින්න වෙන්නෑ. ඒ නිසා මේ සෝපාවට එන්න."

කියමින් ඔහු යේන්ගේ එක් අතකින් අල්ලා ඔහුව බලෙන් මෙන් නැගිට්ටවා ගත්තේ ය. මීළඟට ඔහු කපා දැමූ ගසක් මෙන් දිගු සෝපාව මතට ම මුනින් අතට ඇද වැටිණි. ඉනට දෑත් තබාගෙන යේන් සිටි ඉරියව්ව දෙස මොහොතක් බලා සිටි ෂමිත් කොට්ටය අතට ගත්තේ තවත් ඔහුව එහෙ මෙහෙ නොකළ යුතු බව සිතමිනි. ඔහු යේන්ගේ හිස යන්තමින් ඔසවා ඊට යටින් කොට්ටය තැබී ය. ගෙනා රෙද්ද ද එලෙසම දෙකට තුනට නවා යේන්ගේ ගතට දැමී ය.මීළඟට ඔහු මේසය මත වූ සියල්ල ම අස් පස් කරන්නට විය. 

විස්කි බෝතලයේ තවත් ස්වල්පයක් ඉතිරිව තිබූ නිසා ඔහු ශීතකරණය විවර කළේ එය ඒ තුළට දමන්නට යි. නමුත් ඒ තුළ වූ ස්වභාවය දැකීමෙන් ඔහු එතැනම නැවතුනේ ලොකු කර ගත් දෑසින් යුතුව යි. 

The Deathtrap Where stories live. Discover now