127 පරිච්ඡේදය

1.2K 221 188
                                    

[Warning: ⚠️ Mature content/ Smut warning ⚠️🔞🔞]

[Saying again, this is a pretty heavy smut. Won't recommend under 19. Read it at your own risk. I won't take the responsibility! 😂 If you're uncomfortable, DO NOT proceed, skip 🙏]


'This is amazing... I'm going crazy... '

තම ගතට යට වී සිටි ෂමිත්ගේ මුහුණ දෙස සැලකිල්ලෙන් බැලූ යේන් සිතින් ඔහුට ම කියා ගත්තේ කී වැනි වතාවටදැයි ඔහුවත් නොදනී. කහ පැහැති මද ආලෝකය වැටීමෙන් පසෙකට හැරී තිබූ ෂමිත්ගේ මුහුණ දිගේ සිට ගෙල දක්වා ගලාගෙන යන දහඩිය දිලිසෙන අයුරු ඔහුට පෙනෙයි. ඔහුගේ හිස කෙස් අවුල් ජාලයක්ව මුහුණට ඇලී ඇත.

"Pretty..." 

යේන් ඔහුට ම සිහින් හඬින් මුමුණා ගත්තේ ය. ෂමිත්ගේ කම්මුල් සම්පූර්ණයෙන් ම පාහේ තෙත් වී ඇති බව ද ඔහුට පෙනෙයි. ඒ දහඩිය ද නැතිනම් කදුළු ද යන්න යේන්ට අදහසක් නොවී ය.

නමුත්, මෙය පටන් ගත් පසුව, ඔහු දැනුවත් ව, ෂමිත්ට ආරම්භයේ දී මෙන් වේදනාවක් නොදුන් බව ඔහුට විශ්වාස ය. එහෙත් මෙම කොටසට හුරු වන්නට නම් ෂමිත්ට සිතුවාට වඩා වේලාවක් ගත විය. යේන්ගේ පෙර වූ සංයමයෙන් යුතු වූ ස්වරූපය ද මේ වන විට මදින් මද පහව යන්නට පටන් ගෙන තිබිණි. එබැවින් එයට හැඩ ගැසෙන්නට ෂමිත්ට සිතූ තරම් පහසු නොවී ය. නමුත් ඒ කාලය තුළ යේන්, ෂමිත්ට මෙය කෙතරම් දුරට දරා ගත හැකි දැයි විටින් විට සැලකිලිමත් විය.

ඔහු ආරම්භයේ දී ම ෂමිත්ගේ ගතට පීඩනයක් යෙදීම හැකිතාක් අවම කළේ ය. මුලින් ෂමිත්ගේ හඬෙහි වූ වේදනාත්මක ස්වරය පසුව මදින් මද වෙනස් වන්නට විය. යේන් ඔහුට අවශ්‍ය වින්දනය සොයා යන්නට වූයේ එයින් පසුව යි. ඔහු පැවසූ අයුරින් ම ෂමිත්ගේ ගතෙහි සෑම ප්‍රතිචාරයකට ම අවධානය දෙමින් එය, තමාට මෙන් ම ෂමිත්ට ද වින්දනයක් බවට හරවන්නට උත්සාහ කළේ ය.

තම ගතේ චලනයට ෂමිත්ගේ දෙකකුල් වෙව්ලන්නේ නම්, එය ඔහුට වින්දනයක් බව යේන් මේ වන විටත් වටහා ගෙන සිටියේ ය. කලින් වතාවේ මෙන් ම මෙදින ද මදින් මද ෂමිත්ගේ ස්වරය ගැඹුරු විය. එය ඔහු වැනි අයගෙන් කලාතුරකින් දකින්නට ලැබෙන දෙයකි. ඒ නිසා ම දෝ එය තව තවත් යේන්ගේ හැඟීම් අවුස්සන්නට සමත් විය.

The Deathtrap Where stories live. Discover now