13 පරිච්ඡේදය

1.7K 322 22
                                    

'මං class එක ඉස්සරහ ඉන්නෙ. Class ඉවර නම් එලියට එන්න.'

"මොකා?! මළ කෙළියයි! මුං ටික දැක්කොත් මං ඉඳල ඉවරයි!"

ෂමිත් ක්ෂණිකව පන්තියේ ජනේලය වෙත පැමිණ වීදුරුවෙන් පහළ බැලුවේ ය. ඔහු සිටියේ තුන්වන තට්ටුවේ ය. හරියට ම පන්තියට පැමිණෙන කුඩා අතුරු පාරට ඉදිරියෙන් නවත්වා තිබූ සුදු පැහැ මෝටර් රථය ඔහුගේ නෙත ගැටිණි. ඒත් සමග එහි රියදුරු අසුනේ දොර ද විවර විනි. ඉන් පිටතට බැස ගත් යේන් පන්තිය සහිත උස් ගොඩනැගිල්ල දෙස හිස මදක් ඔසවා බැලුවේ මෙය නිවැරදි ස්ථානය දැයි නිශ්චය කර ගන්නට මෙනි. බැස යන හිරු එළිය මුහුණට වැටීම හේතුවෙන් ඔහු එක් අතක් ඔහුගේ නළලෙන් ද තබා ගනිමින් ගොඩනැගිල්ල දෙස බලන අයුරු ෂමිත් දුටුවේ ය. සුදු හා කලු පැහැ මිශ්‍ර, වැලමිට දක්වා අත ඉහළට කරන ලද සිරුරට තද වන ආකාරයේ ටී ෂර්ටයක් ඇඳ සිටි ඔහුගේ රුව දෙස ෂමිත් තප්පර කිහිපයක් නොසෙල් වී බලා සිටියේ ය.

"ඒහ්, මොකක්ද බන් බලන්නේ?"

තම මිතුරන්ගේ කටහඬ ඇසෙන විට ම ෂමිත් ක්ෂණිකව ජනේලයෙන් පසෙකට විය.

"මුකුත් නෑ. මේ මට පොඩි වැඩක් තියෙනවා. උඹල පලයන් මං එනකන් ඉන්න එපා!"

කියූ ඔහු මේසය මත තිබූ ඔහුගේ බෑගය ද කරට දමාගෙන වේගයෙන් පඩිපෙළ බැස පහළට ආවේ ඔහුගේ මිතුරන් පුදුම වී ඔහු දෙස බලා සිටින විට ය. මන්ද මේ ඔහුට මෙවැනි 'වැඩක්' වැටුණේ පළමු වතාවට වන නිසාවෙනි. පඩිපෙළ බැස පහළට ආ ෂමිත් අඩියට දෙකට යේන්ගේ වාහනයට ළං විය.

"මොන එහෙකට ද පන්තිය ගාවට ආවේ?!"

ඔහු කලබලයෙන් මෙන් ඇසුවේ ය.

"ලේසි හින්දා. එක්කන් එන්න හැමදාම දුර යන්න බෑ."

යේන් පැවසූ කතාව සාධාරණ ය. එයට කිසිවක් නොකියූ ෂමිත් ඉක්මනින් ඉදිරි අසුනේ දොර විවර කර වාහනයට නැග ගත්තේ ඔහුගේ මිතුරන් ඔහුව දකීවි යන බිය නිසාවෙනි. යේන් ද රියදුරු අසුනට බරව වාහනය පණ ගන්වා ගත්තේ ය. ඒත් සමග ඔහු මෝටර් රථයේ පිටුපස අසුනේ තිබූ යමක් එදෙසට නැඹුරු වී ගෙන එය ෂමිත්ගේ උකුල මතට දැමුවේ ය. ඒ පෙර දින පොත් හලෙන් ඔහු ගත් පොත ය.

The Deathtrap Where stories live. Discover now