71 පරිච්ඡේදය

1.2K 249 27
                                    

මීළඟ දින කිහිපයම කිසිදු වෙනසක් නැතිව ගෙවී ගියේ ෂමිත්ගේ දෛනික කටයුතු නැවතත් සාමාන්‍ය අතට හරවමිනි. ඔහුට යේන් සමග පණිවිඩ හුවමාරු කර ගැනීම හැර ඔහුව හමු වන්නට කිසිදු අවස්ථාවක් නොලැබිණ. නමුත් යේන් ඔහුගේ පණිවිඩවලට පිළිතුරු එවීම ම ඔහුගේ සිතට සැනසීමක් විය. ජනවාරි මාසයේ අවසානය ද ඔහුට නොදැනීම උදා වූයේ එනිසාවෙනි. තවමත් රිය පැදවීමේ පුහුණුවලට සහභාගී වෙමින් සිටි බැවින් ඔහු සාමාන්‍යයෙන් නිවසට පැමිණෙන්නේ හවස් වරුවේ ය.

එදින ඔහු එම ස්ථානයෙන් පිටතට පැමිණෙන විට වේලාව හවස පහට පමණ ආසන්න ය. එයින් පිටතට පැමිණි ඔහු ප්‍රධාන පාරට පිවිසෙන තැන නැවතුනේ ඇසට යම් තරමක හුරු පුරුදු රූපයක් දක්නට ලැබීම නිසාවෙනි. එතැනම නැවතී තප්පර කිහිපයක් ඔහු ඒ පුද්ගලයා දෙස බලා සිට එදෙසට පිය නගන්නට විය. 

ප්‍රධාන පාර අයිනට වී ෂමිත් පැමිණෙන තෙක් වෙලාව ද පිරික්සමින් සිටි පුද්ගලයා, පිටතට එමින් සිටි ෂමිත්ව දැකීමෙන් තෘප්තිමත් වූ බව පෙනින. ඔහු, පැළඳ සිටි කණ්ණාඩි කුට්ටම ඇඟිලලකින් ඉහළට කර ගත්තේ ෂමිත් වෙතට හැරෙමිනි. 

"Sir මොකක් ද මෙතන කරන්නේ?" 

ෂමිත් අසන විටම, මිෂාර එයට පිළිතුර සැපයුවේ ය. 

"මට sir කියන්න එපා." 

එයට ෂමිත් යන්තමින් සිනාසුනත්, මිෂාර මෙවැනි වේලාවක මෙහි පැමිණීම ඉතාම අසාමාන්‍ය දෙයක් ලෙස ෂමිත්ට හැඟිනි. 

"මං ආවේ ඩැනියෙල් Sir ගෙ order එකට. ඔයාට මාත් එක්ක එන්න වෙනවා. Sir ට ඔයා එක්ක දෙයක් කතා කරන්න ඕනෙලු." 

මිෂාර පැහැදිලි කළේ ය. 

"මාත් එක්ක මොනව කතා කරන්න ද? ඇයි මං එදා කියන්න ඕනේ ටික කිව්වනේ?"

"ඒක මං දන්නෑ. මං කරන්නේ Sir මට කරන්න කියපු දේ විතරයි. මගෙ job එක ඔයාව Sir ගාවට අරගෙන යන එක. So, please." 

කියමින් මිෂාර මදක් ඉදිරියෙන් නවත්වා තිබූ කලු පැහැති මෝටර් රථයක් පෙන්වී ය. ඔහු අනෙක් අයට මෙන් ම තමන්ට ද ඉතා වැදගත් ලෙස සලකන බව ෂමිත් තේරුම් ගත්තේ ය. ෂමිත් මෝටර් රථය දෙස බැලුවේ ඔහු අත වූ දුරකථනය ක්‍රියා විරහිත කර සාක්කුවේ දමා ගනිමිනි. 

The Deathtrap Where stories live. Discover now