105 පරිච්ඡේදය

910 211 54
                                    


"එච්චර ද කියන්න තියෙන්නේ?"

"ඔයාට දැන ගන්න වෙන දෙයක් තියෙනව ද?"

ෂෙරිල් ඇසුවේ තරමක පැකිලීමෙනි.

"ඔව්. තියෙනවා. ඇහුවොත් උත්තර දෙනව ද?"

යේන් මලානික දෑස් ඇය වෙත යොමු කරගෙන ම ඇසුවේ ය.

"පුලුවන් එකකට දෙන්නම්..."

ඇය කීවේ තප්පර කිහිපයකට පසුව යි.

"අම්-"

ඔහු කියන්නට ගියත් නැවතිනි. 

"අ... තාත්තට මුලින් ම..."

නැවතත් අතරමග හිර වූ ඔහු දිගු සුසුමක් පිට කළේ ය. දැන් ඔහු සිටියේ මාලියාට ඇමතිය යුතු ආකාරයක් ගැන සිතා ගත නොහැකිව අතරමංව යි. මාලියා තව දුරටත් තම මව නොවන බව ඔහුට දැන් තහවුරු ය. සත්‍ය නම්, ඔහුට කිසිදිනෙක ඇයට එලෙස අමතන්නට උවමනාවක් නොතිබීම ය. ඔහුට එක් විටම හැඟුනේ තව දුරටත් ඔහුට එසේ නොකරන්නට හේතුවක් නැති බව යි. නමුත් දැන් ඇයට අමතන්නේ කෙසේදැයි ඔහුට සිතා ගත නොහැකි ය. 

"ඔයාගේ දුව."

ඔහු එක්විට ම කීවේ ය. ෂෙරිල් දෑස් විශාල කර යේන් දෙස බැලුවා ය.

"එයයි, තාත්තයි... හම්බුනේ කොහොම ද?"

ඔහු ඇසී ය.

"අ.... ඒක මට මතක හැටියට මොකක් හරි event එකක්. Business event එකක් වෙන්න ඕනේ... මට මතක මාලියා ගෙදර ඇවිල්ලා කුමාර් ගැන මට කියපු හැටි විතරයි. ඒ කාලේ ඒ දෙන්නම ගොඩක් තරුණයි..."

එම පිළිතුරෙන් යේන් යම් තරමකට සෑහීමට පත් වූ බවක් පෙනින.

"එතකොට ඒක මොන විදියේ ආශ්‍රයක් ද? මං අහන්නේ.... දැක්ක ගමන් relationship එකක් පටන් ගත්තා වෙන්න බෑනේ?"

"දැන අඳුන ගත්තට පස්සේ මාලියාට කොහොමත් කුමාර් ගැන interest එකක් ඇවිත් තිබ්බා. එතකොට අපේ family එකයි, ඩැනීයි යාලුවො වෙලා හිටිය නිසා තමයි ඔය proposal එක ගෙනාවේ. ඩැනී අපේ business එක ගැන පැහැදිලා හිටියේ. සමහරවිට ඒ නිසා වෙන්න ඇති එයා proposal එකට කෙලින්ම කැමති උනේ."

"ඒ කියන්නේ proposal එක ගෙනාවේ ඔයාලා?"

යේන් ඇසී ය. එයට පිළිතුරු ලෙස ෂෙරිල් හිස සෙලෙව්වා ය.

The Deathtrap Where stories live. Discover now