77 පරිච්ඡේදය

1.4K 254 35
                                    


"අ..... යේන්?"

ෂමිත් පැකිලෙමින් කතා කළේ තවත් නිහඬව සිටින්නට නොහැකි වූ නිසාවෙනි. නමුත් යේන්ගෙන් එයට පිළිතුරක් ලැබුණේ නැත. ඔහු එක දිගටම පිළියමක් මෙන් ඉදිරිය බලාගෙන වාහනය ධාවනය කරයි. ඔවුන් කිරුළපනට පැමිණ යේන්ගේ නිවස ඇති දෙසට හරවන විට නම් ෂමිත්ට කට වසාගෙන සිටින්නට නොහැකි විනි. යේන් කුමක් කරන්නට යන්නේ දැයි ඔහුට කිසිදු අදහසක් නැත. ඔහුගේ සිතට දැඩි බියක් දැනෙන්නට හේතුව ද එය ය.

"ඇයි මෙහෙට යන්නේ??"

එයට ද පිළිතුරක් නොලැබිණි. තවත් මිනිත්තුවක් ගත වන්නට පෙර යේන්ගේ වාහනය ඔහුගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිට නැවතින. ගේට්ටුව ද විවර විනි.

"යේන්?"

"බහිනවා."

දැඩි ස්වරයකින් කියූ ඔහු මොහොතක් හෝ පමා නොවී ඔහුගේ පැත්තේ දොර විවර කරගෙන වාහනයෙන් බැස්සේ ය. ෂමිත් ඔහු දෙස බලා සිටියේ කිසිවක් තේරුම් ගන්නට නොහැකිව ය. යේන් වාහනය වටෙන් ඔහු සිටින දෙසට අඩියට දෙකට එන අයුරු ඔහු බලා සිටියේ ය. ඔහුට සැබැවින්ම දොර විවර කර බසින්නට කිසිදු උවමනාවක් තිබුණේ නැත.

නමුත් ඒ කිසිවක් නොතැකූ යේන් පැමිණි වේගයෙන් ම දොර විවර කර ෂමිත්ගේ අතකින් අල්ලා ඔහුව පිටතට ඇද ගත්තේ ය. ෂමිත්ට ඔහුගේ අත ඉවතකට ගන්නටවත් කාලයක් නොවිනි. එය දඬු අඬුවකට සිර වූවාක් හා සමාන ය. වාසනාවට යේන් අල්ලාගෙන සිටියේ ඔහුගේ තුවාල වී තිබූ මැණික් කටුවට මදක් ඉහළිනි. යේන් ෂමිත්ව ඇදගෙන ඔහුගේ නිවසේ මිදුලට ද පිවිසින. ඔහු උත්සහ කරන්නේ තමාව නිවස තුළට රැගෙන යන්නට බව වටහා ගත් ෂමිත් එතැනම නැවතිනි. එයින් යේන් ද මිදුල මැද නැවතින.

"මට ඔය ගෙදරට යන්න බ-"

ඔහු කියාගෙන ආ දේ එලෙසම ඇණ හිටියේ යේන් හැරී ඔහු වෙත හෙලූ බැල්ම නිසාවෙනි. එය කෙතරම් රළු ද කියතොත් නිහඬව ඔහු පවසන දෙයක් කිරීම හොඳ බව ෂමිත්ට ක්ෂණිකව තේරුම් ගියේ ය. ඔහු නිහඬ වී එම බැල්ම මග හැරියේ ය.

The Deathtrap Kde žijí příběhy. Začni objevovat