121 පරිච්ඡේදය

941 192 87
                                    

පිටුපසින් පැමිණ ෂමිත්ගේ අතින් එක්විටම අල්ලා ගත් යේන් අනෙක් අත ඔහුගේ ඉන වටා යවා, ඉතා අනපේක්ෂිත ලෙස ඔහුව තම ගතට ම හේත්තු කර ගත්තේ ය.

"Stop looking at it."

ෂමිත්ගේ කන අසලින් ඇසිණි. මේ සියල්ලෙන් ම තිගැස්සුනු ඔහු අත වූ දුරකථනය ගිලිහී ගියත් එය වැටෙන්නට පෙර, ඩැහැ ගත් යේන් එය පැන්ට්‍රිය මතට දැම්මේ ය.

"... යේන්?"

ෂමිත් අපහසුවෙන් කීවේ නොසෙල්වී සිටින්නට උත්සාහ කරමිනි. ඔහුගේ බඳ වටා එතී තිබූ යේන්ගේ අත ඔහුව යේන්ගේ ගතට දැඩි සේ තද කරගෙන තිබිණි. යේන් හිස මදක් පහත් කර ෂමිත්ගේ උරහිසෙහි ගෑවෙන සේ තබා ගත්තේ ය. ෂමිත් ඔහුගේ සිත සන්සුන් කර ගන්නට මෙන් අපහසුවෙන් කෙල ගිල ගත්තේ ය.

"ඔයා... මේක දැනගෙන ද හිටියේ?"

ඔහු තවත් තප්පර කිහිපයකට පසුව ඇසී ය.

"Yeah..."

යේන් කීවේ හිස ඔසවා බලන්නට උත්සාහ නොකරමිනි. ෂමිත් ඔහුගේ බඳ වටා එතී තිබූ අත උඩින්, ඔහුගේ අත ද තබමින් යේන්ගේ අත අල්ලා ගත්තේ ය . ඔහුට ඔහුගේ හදවතේ ගැස්ම ඇසෙන තැනට ම පරිසරය නිර්මාණය වී තිබිණි.

"කීයට.... විතර ද?"

ඔහු නැවත ඇසී ය.

"උදේ. Comapny එකට යන්නත් කලින්."

යේන් පිළිතුරු දෙන්නට වූයේ පෙර ලෙසට ම යි.

"ඔයා... අද office ගියේ නැත්තේ ඒක ද?"

"Yeah."

යේන් හිස සොලවා කියන අයුරු ෂමිත්ට දැනිණි. මීළඟට ෂමිත් දිගු සුසුමක් පිට කළේ ය. ඔහුට දැන් කියන්නේ කුමක් ද කරන්නේ කුමක්ද යන්න සිතා ගන්නට නොහැකි ය.

"යේ-"

"You okay?"

අසමින් යේන් පැන්ට්‍රිය මත තබාගෙන සිටි අනෙක් අත ද ෂමිත්ගේ ඉන වටා යැවී ය. ෂමිත් අපහසුවෙන් වුව ද ලොකු හුස්මක් ගත්තේ ය. තප්පර කිහිපයක් නිහඬව ගත විනි.

"හ්ම්."

ෂමිත් යන්තමින් හිස සැලී ය.

"Sure?"

එවර නම් ෂමිත් දැක්විය යුතු ප්‍රරතිචාරය කුමක් ද යන්න නොදැන යන්තමින් සිනා විය. එවිට ඔහුගේ බඳ වටා එතී තිබූ යේන්ගේ දෑත්වලට ඔහුගේ උදරයේ මස්පිඬු ගැස්සී ගිය අයුරු පැහැදිලිව දැනිණි. යේන් සිටියේ ඒ තරමට ම ෂමිත්ව ගතට හේත්තු කරගෙන යි.

The Deathtrap Where stories live. Discover now