87 පරිච්ඡේදය

1.2K 233 62
                                    

"හා shit..... දැන් නං මේකත් එපා වෙලා නවතින්නේ. දැං තමා හිතෙන්නේ exam ඉවර උනේ අපරාදේ කියලා.... යකෝ ඒ කාලේ මෙච්චර අමාරුවක් තිබ්බේ නෑනේ දවසක් ගෙවා ගන්න!"

උස් හඬින් කියමින් ෂමිත් ඔහු අත වූ පැන්සල මේසය මතට වීසි කළේ ය. මේ වන විට ඔහු සිටියේ දැඩි සේ කම්මැලිව යි. දවසක කාලය ගෙවා ගැනීම ඔහුට දැනුණේ සතියක් දෙකක් ගෙවා ගන්නා ආකාරයට ය. යේන් සමග කතා නොකළහොත් හෝ මුණ නොගැසුණොත් ඔහුට දිනය ගෙවා ගැනීම තවත් අපහසු ය.

ඔහුට කතා බහ කරන්නට සිටියේ ද යේන් හා ප්‍රශේන් පමණි. ප්‍රශේන් දින කිහිපයක් ඔහුගේ නිවසට පැමිණ ගියත් පසුව එය ද ඔහුගේ මව නිසා නවත්වන්නට සිදු විය. නමුත් ඔහු ෂමිත්ට කතා කරන්නට අමතක කළේ නැත. එහෙත් එය ෂමිත්ගේ දවස් ගෙවා ගැනීම පහසු වන්නට කිසිසේත් ම රුකුලක් නොවී ය.

මේ වන විට ඩැනියෙල් සිංහපෘථිවිගේ අවසන් කටයුතු සිදු වී දින දහයක් පමණ ගත වී හමාර ය. තව දුරටත් ඔහු පිළිබඳව සමාජ මාධ්‍යවල හෝ ජන මාධ්‍යවල කිසිදු කතාවක් නොවූයේ ය. කෙතරම් ද කියතොත් මේ වන විට ශාක්‍ය යන නම ද ප්‍රවෘත්තිවලින් ඉවත් වී තිබිණි. සියල්ල නැවත සන්සුන් සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇත්තාක් මෙනි. නමුත් ශාක්‍ය සමාගමෙහි සැබෑ තත්ත්වය එහි විරුද්ධ පැත්ත බව ෂමිත් සිතුවේ ය. එයට හේතුව දින ගණනාවකින් යේන්ට කිසිදු නිදහසක් නොලැබීම යි.

නැවත යේන්ව හමුවිය හැක්කේ කවදා ද? පුටුවේ ඇන්දට හිස තබාගෙන, සිවිලිම දෙස බලාගෙන ෂමිත් සිතන්නට විය. තවත් මිනිත්තු කිහිපයක් එලෙසම ම සිටි ඔහු මීළඟට සාලුවක් ද කරට දමාගෙන ගොස් නාන කාමරයට වැදී දොර වසා ගත්තේ ය.

..................................

"මොකක් හරි කමක් නෑ දැන් company එක settle නේ?"

ෂමිත් කීවේ යේන් හිඳ සිටි පුටුවට එහා වූ පුටුවෙන් හිඳ ගනිමිනි.

"settle වගේ පෙනුනට ඒක තනිකර mess එකක් වෙලා තියෙන්නේ.... මොකා ද හිතුවේ අර ගෑනිට shares යයි කියලා?!"

යේන් එක් අතක් නළලට ද තබා ගත්තේ ය. ඔහුගෙන් දිස් වූයේ දැඩි පීඩනයකට ලක් වූ අයෙකුගේ පෙනුමකි.

The Deathtrap Where stories live. Discover now