66 පරිච්ඡේදය

1.3K 264 43
                                    


යේන්ගේ සිගරට් පැකට්ටුව සොයා ගන්නට ෂමිත්ට වාහනයේ වූ ලාච්චු කිහිපයක් ම පිරික්සන්නට සිදු විය. අවසාන ලාච්චුවෙන් එය සොයා ගත් ඔහු වාහනය අගුලු ලා විදුලි සෝපානය වෙතට ආවේ එම පෙට්ටිය එහෙ මෙහෙ හරවා බලමිනි. ඔහු එහි නම අසා තිබුණත් එම වර්ගයට අයත් සිගරට් පැකට්ටුවක් දුටු පළමු වතාව එය යි. යේන් මෙවැනි කිසිදු වැඩකට නැති දෙයකට එතරම් මුදලක් වැය කිරීම කෙතරම් නාස්තියක් දැයි ඔහු සිතන්නට විය.

"එක්කො මං මේ මගුල නොදී ඉන්නවා! අපරාදේ ගෙනල්ලා දෙනව කිව්වේ. මේ ජරාවල් බිව්ව ම ඇඟවල් ඉතුරු වෙයි ඈ?!"

සෝපානය තුන්වන මහලෙන් විවර වන තෙක් ම නොඉවසිල්ලෙන් සිගරට් පැකට්ටුව එහෙ මෙහෙ කරමින් සිටි ෂමිත් ඔහුගේ නිවස ඇති කොරිඩෝවට පිවිසුනත් ඔහුගේ දොර වෙත නොගොස් අතරමග නැවතිනි.

ඔහු නිවස තුළට පැමිණෙන විට යේන් සිටියේ සාලයේ වූ සෝපාවකට වී කකුලක් පිට කකුලක් ද දමාගෙන ඔහුගේ ජංගම දුරකථනයට හිස ඔබාගෙන ය.

"ආ."

දොර වසමින් සාලයට පැමිණි ෂමිත් ඔහු අත වූ සිගරට් පැකට්ටුව යේන් දෙසට විසි කරගෙන ම කුස්සිය දෙසට යන්නට විය. යේන් එය අල්ලා ගනිද්දී ම ඔහුට එහි වෙනසක් දැනිණි. කුස්සියට ගිය ෂමිත් කේතලයට වතුර දමා එය ක්‍රියාත්මක කළේ ය.

"ඒයි!"

නමුත් යේන්ගේ උස් රළු හඬත් සමඟ ඔහු අතරමග නැවතිනි. එය සැබැවින් ම ඔහු බලාපොරොත්තුවෙන් සිටියකි.

"ඇයි?"

ඔහු යේන් දෙසවත් නොබලා ම ඇසී ය.

"කෝ මගෙ cigarettes ටික?!"

"ඇයි ඇතුලේ නැද්ද??"

"Are you kidding me?!"

යේන්ගේ ස්වරයේ සැබැවින් ම තිබුණේ කෝපාන්විත ස්වභාවයකි. ෂමිත් ඊට වඩා කිසිවක් කියන්නට ගියේ නැත.

"Give them back."

ෂමිත් ඒත් නිහඬ ය.

"දන්නව ද මේ එක pack එකක ගාන කීයද කියලා?!"

"එහෙනම් මොන එහෙකට ද එච්චර ගානක් ගෙවලා ජරාව බොන්නේ?!"

මෙවර ෂමිත් පිළිතුරු දුන්නේ ද උස් හඬිනි. යේන්ගේ මුහුණේ ඇඳී ගියේ ප්‍රශ්නාර්ථයකි.

The Deathtrap Onde as histórias ganham vida. Descobre agora