"ඈ? තමුසේ ඔය ඇත්තටම ද කියන්නේ?""නැතුව ඉතිං!"
"දැං එතකොට ඕකට යට කරපු සල්ලි ටික?"
"මුකුත් ඉතුරු නෑ.... ඔක්කොම ඉවර යි. හැබැයි අපරාදේ මිනිහගේ මහන්සිය."
"මං කිව්වා මිනිහට මොකක් හරි පටන් ගන්නව නම් තමුසෙගෙන් advice එකක් ගන්න කියලා... කොහෙද ලොකු කම නේ!"
"හා-හා! තමුසෙ හිතුවද මං එහෙම නොමිලේ advice දෙනවා කියලා?"
ආපන ශාලාවක මේසයට වාඩි වී සිටි මැදි වියේ පිරිමින් පස් දෙනා අතරින් මතු වූයේ යම් තරමක උස් සිනා හඬකි. ඔවුන් සියලු දෙනාම මේ වන විටත් මදු විත තොල ගාමින් සිටි අතර ඔවුන්ගේ මේසයේ වූ ආහාර බඳුන් ද මේ වන විට හිස් වී තිබිණි.
"ඕයි! පොඩ්ඩක් මෙහෙ එනවා!"
එතැන සිටි එක් කලු සමක් තිබූ පිරිමියෙකු අත වනා කතා කළේ ඔවුන්ගේ මේසයට මදක් ඈතින් සිටගෙන සිටි කෙට්ටු උස තරුණයෙකුට ය. ඔහු සිටියේ ඉතා සාමාන්‍ය ඇඳුමකින් සැරසී හිස ද පහතට හරවාගෙන ය. ඔහුගේ තිබුණේ දැඩි යටහත් පහත් බවකි.
"Sir?"
එම තරුණයා ඇසුවේ පිරිමින් වාඩි වී සිටි මේසය අසලට පැමිණි පසුව ය.
"ඩැනී තමුසේ අර ලියුම යැව්ව ද?"
"මං මේ ආවේ ඒක ගිහින් දීල Sir."
ඔහු කීවේ දෑත් ද ඉදිරියට ගෙන එකට පටලවාගෙන ඉතාම ගරු සරු ඇති ආකාරයකට ය.
"ඌ මොකද කිව්වේ?"
"හෙට උත්තරයක් දෙන්නම් කිව්වා."
"හ්ම්...."
සර් ලෙස ගරු නම්බු ලැබෙන එම පුද්ගලයා කල්පනා කරන්නට විය. තප්පර කිහිපයකින් පසු ඔහු මේ තරුණයා දෙස බැලුවේ තියුණු ඇසකිනි.
"තමුසෙ මොකද මේ අලුත් වැඩේ ගැන හිතන්නේ?"
තරුණයා මොහොතක් නිහඬව සිට කතා කළේ ය.
"මට හිතෙන විදියට නං Sir මේක පටන් ගන්න කලින් හොඳට හොයලා බැලුව නං හොඳයි අනිත් කට්ටිය ගැන. හෙට බොහෝ දුරට ඔය ලියුමට උත්තරයක් එන එකක් නෑ. ඒ වෙනුවට ඇවිත් හම්බුවෙලා කතා කරන්න කියයි. අපි කෙලින් ම හම්බු වෙන්න යන්නෙ නැතුව ඒක මග ඇරලා එයාලා මොකක් කරයි ද කියලා බලන් ඉමු. ඒකෙන් එයාලගේ business එක යන විදිය guess කරන්න පුලුවන් වෙයි. ඊළඟට තමා අපි කරන දෙයක් කරන්න ඕනේ....."
YOU ARE READING
The Deathtrap
浪漫"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරි...