132 පරිච්ඡේදය

822 167 83
                                    

[ "කලබල කරන්නැතුව ඔහොම ඉන්න! ඔයාට එහෙ මෙහෙ වෙන්න හොඳ නෑ! මැහුම් පෑරෙයි!"

හෙදියක් උස් හඬින් කියන්නට වූයේ ඇඳේ වාඩි වී අත වූ කෝප්පය පොළොවේ ගැසූ තරුණියට යි. ඇය සිටියේ වියරුවෙන් බව බැලූ බැල්මට සිතා ගත හැකි ය.

"Miss ඔහොම ම ඇඳේ ඇලවෙන්නකෝ... ඔයාට දඟලන්න හොඳ නෑ!"

තවත් හෙදියක් මෙම තරුණියව සන්සුන් කරන්නට දැඩි උත්සාහයක නිරත වෙයි.

"කෝ නෙවිල්?!"

තරුණිය හති හලමින් ඇසුවේ පෙර වූ වියරුඉ හඬින් ම ය. හෙදියන් දෙදෙනා මුහුණට මුහුණ බලා ගත්හ.

"මගෙ husband! ගිහින් ඒ මිනිහට එන්න කියනවා!"

ඇය කෑ ගැසුවේ මුලු වාට්ටුවට ම ඇසෙන පරිදි ය. එහි සිටි අනෙක් රෝගීන්ගේ ද අවධානය ඇය වෙත යොමු විය. නමුත් ඇයට සිදු වී ඇති දේ; ඒ ආරංචිය මේ වන විට එම වාට්ටුව පුරා ම පැතිරී ගොස් තිබිණි.

"හරි මං එන්න කියන්නම්. Miss ඔහොම ම ඉන්න. හරි ද?"

එක් හෙදියක් ඉක්මනින් වාට්ටුවෙන් පිට වූවා ය. තරුණිය බලාපොරොත්තුවෙන් සිටි පුද්ගලයාට පැමිණෙන්නට එතරම් වෙලාවක් ගත නොවිනි. කෙතරම් කඩවසම් තරුණයෙකු වුවත් හැඬීමෙන් දෝ ඔහුගේ මුහුණත් දෑසත් විඩාබර ව මැල වී තිබිණ. කිසිවක් නොකියූ ඔහු ඇඳ අසලට පැමිණ හිස ඔසවා තම බිරිඳ දෙස බැලුවේ ය. නමුත් ඇයට මුහුණ දෙන්නට ඔහුට කිසිදු හයියක් නොතිබිණි.

"මං අහපු දේ බැලුව ද?"

ඇය ඇසුවේ දත්මිටි කමිනි. එයට පිළිතුරු දෙන්නට තරම්වත් තරුණයාට නොහැකි බව පෙනින.

"කියනවා!"

ඇය නැවතත් කෑගැසුවා ය.

"කියනවා! ඇයි ඒ කාලකණ්ණි දොස්තර මට හම්බුනේ කියලා! මේ ඉස්පිරිතාලේ හිටපු අනිත් දොස්තර ආවේ නැත්තේ ඇයි?! බලන් ඉන්නැතුව කියනවා!"

"ඒක... ඒ doctor ගේ වැ‍රැද්දක් නෙවෙයි..."

තරුණයා දැඩි වෙහෙසක් දරා වචන පටලවා ගත්තේ ය.

"උගේ වරදක් නෙවෙයි?! එතකොට කොහොම ද අර අනිත් ගෑනිට මුකුත් නොවුනේ?! ඇයි මට විතරක් මෙහෙම උනේ?!"

The Deathtrap Where stories live. Discover now