68 පරිච්ඡේදය

1.3K 256 25
                                    

"මෙතෙන්ට minors ලට එන්න බැරි ද?" 

ෂමිත් ඇසුවේ එම ගොඩනැගිල්ලේ වූ දොරකින් ඇතුළට යන්නට පෙර ඔවුන්ට ඔවුන්ගේ වයසත්, අනන්‍යතාවයත් තහවුරු කරන්නට සිදු වූ නිසාවෙනි. එයට පිළිතුරු වශයෙන් යේන් හිස සෙලෙව්වේ ය. යේන් දොරෙන් ඇතුළට යනවාත් සමග ම ෂමිත් ඔහුගේ අත නැවත ඔහු වෙතට ගන්නට උත්සහ කළේ එයින් යේන්ගේ ප්‍රතිරූපයට හානි වේ යැයි සිතූ නිසාවෙනි. 

"දැන් මාව අත අරින්න."

ඔහු කීවේ යේන්ට පමණක් ඇසෙන අයුරිනි. නමුත් යේන් එය ගණනකට ගත්තේ නැත. 

"යේන්. මෙතන ඉන්න අය අපිව මෙහෙම දැක්කොත් අවුල වෙන්නේ ඔයාට."

"මට මොන මගුලක්වත් වෙන්නෑ. මං මෙහෙම මෙතෙන්ට ආව first time එක මේක නෙවෙයි. ඒ නැතත් මෙතන ඉන්න උන්ට එන එකා කොහොම ආවත් ගානක් නෑ. උන්ට ඒක හුරුයි." 

ෂමිත් එයින් යම් තරමකට අස් වැසුනු බව පෙනින. ඔහු දොරෙන් ඇතුළට එන විටම එය රාත්‍රී සමාජ ශාලාවක් බව හඳුනා ගත්තේ ය. එය පිහිටා තිබුණේ විශාල ගොඩනැගිල්ලක එක් කොටසක පමණි. එහි ඉඩකඩ එතරම් ඇති ලෙස නොපෙනුනත් ඇතුළට ගිය විට එහි ස්වභාවය ෂමිත්ව පුදුම කළේ ය. එහි මිනිසුන් සිටින දෙසට යන විටම යේන් පැවසූ දේ ෂමිත් වටහා ගත්තේ ය. සෑම ආකාරයකට ම අයත් මිනිසුන් එහි සිටින බව ඔහු දුටුවේ ය. ඔවුන්ගේ සමානකමක් වූවා නම් ඒ ඔවුන් සියල්ලන් ම ධනවත් පන්තියේ පෙනුමෙන් යුතු වීම ය. 

එහි මිනිසුන් පසු කරගෙන යේන් ඉදිරියට යන විට ෂමිත් ද නිහඬව ඔහුත් සමග යන්නට විය. යේන්ට එම ස්ථානය ගැන හොඳ වැටහීමක් ඇති බව පෙනින. ඔහු මිනිසුන් නටමින්, විනෝද වෙමින් සිටි ස්ථානයට මෙහායින් නැවතින. එතැන ශබ්දය කන් දෙදරවන තරම් වූ නිසාවෙන් ෂමිත්ට කිසිවක් කියන්නටවත් හැකියාවක් නොවිනි.

ඔවුන් සිටි තැනට එහායින් වූ පඩිපෙළ වෙත ගිය යේන් ෂමිත්ව ඇදගෙන එය ද නගින්නට විය. තම හිසේ වූ තොප්පිය ද එක අතකින් අල්ලාගෙන ෂමිත් වටා පිටාව ම බලමින් එදෙසට යන අතර සිතුවේ මේ මිනිසුන් රොත්ත අතරින් ඔවුන් සොයන පුද්ගලයා සොයා ගන්නේ කෙසේ ද යන්න යි. එහි උඩ තට්ටුවට පැමිණ නැවතුනු යේන්, බැල්කනියේ සිට පහතින් පෙනෙන මිනිසුන් රොත්ත දෙස බැලුවේ ය. එතැන ශබ්දය පහළ තරම් තීව්‍ර නොවූ බැවින් ඔවුන්ට කතා කරන්නට ඉඩ අවකාශ ලැබිණි.

The Deathtrap Where stories live. Discover now