72 පරිච්ඡේදය

1.2K 239 27
                                    


[Refers to chapter 56 last scene]

රෝහලෙන් ලබා දුන් විවිධාකාරයේ ලියකියවිලි හා ෆයිල් කිහිපයක් පෙරළමින් ඒ වෙත නෙත් යොමු කරගෙන සිටි ඩැනියෙල් සිංහපෘථිවි ඒවා පසෙකින් තබමින් වාහනයේ වීදුරුවෙන් පිටතට නෙත් යොමු කළේ ය.

"මිෂාර? යේන් කලින් දවසේ ගෙදර ආවේ මහ රෑ කිව්වා නේද?"

ඔහු ඇසුවේ වාහනය ධාවනය කරමින් සිටි තම තරුණ සහයකයාගෙනි.

"ඔව් Sir."

"ඒ කොහේ ගිහිල්ල ද?"

"යේන් Sir එදා දවස ම ගෙදර ඉඳලා නෑ. මං දන්න තරමින් ඔය ඊට කලින් දවසේ ගිය ගමන්. මට යේන් Sir යන එන තැන් හොයන්න කිසිම order එකක් ආවේ නැති නිසා මං ඒ ගැන attention එකේ හිටියේ නෑ. මං guess කරන්නේ යේන් Sir ඉන්න ඇත්තේ, කුමාර් Sir ගේ අනිත් ගෙදර කියලා."

මිෂාර වාහනය පදවන අතර ම කීවේ ය.

"හ්ම්.... එතකොට අර මං කරන්න කියපු වැඩේ?"

"මං පුලුවන් හැම විදියකට ම try කළා. ඒත් තාම මුකුත් නෑ. මීට වඩා දෙයක් හොයා ගන්න නම් අපිට hacker කෙනෙක්වත් hire කරන්න වෙයි."

ඩැනියෙල් වෙහෙසකර සුසුමක් පිට කළේ ය. ඒත් සමග වාහනයේ වේගය අඩු වූ අතර එය කුමාර් සිංහපෘථිවිගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිට නැවැත්විනි. එහි සිටි මුරකරු ඉක්මනින් පැමිණ මිෂාර දෙස බලා ඔහු දුන් සංඥාවකට අනුව ගේට්ටුුව විවර කළේ ය.

මෝටර් රථය නිවසේ කොරිඩෝව අසලින් ම නැවැත්විනි. වාහනයෙන් පිටතට බැස ගත් මිෂාර ඉක්මනින් පැමිණ ඩැනියෙල්ගේ පැත්තේ දොර විවර කර ඔහුට බහින්නට ඉඩ සැලැස්වූයේ ය. එදින පළමු වතාවට ඩැනියෙල්ගේ අතේ සැරයටික් තිබිණි. ඔහු එයට බර වී ගමන් නොකළත් එය අතේ තබාගෙන සිටීම ඔහුට හොඳ බව රෝහලෙන් ම පවසා තිබිණි.

පෙනුමෙන් ඔහු සැබැවින් ම මහලු වයසට එළඹ තිබුණත් ඔහුට තිබූ ශරීර ශක්තිය ඒ වයසේ සිටින්නන්ට ඇති ශක්තිය හා දෙතුන් ගුණයකට සමාන ය. එසේ ම හදවත් රෝගය හා තවත් රෝග එකකට දෙකකට හැර ඔහු වෙනත් කිසිවකට ඖෂධ භාවිතා කළේ ද නැත. ඔහුගේ වයසේ අන්‍යයන් හා සසඳන කල ඔහු සැබැවින් ම නිරෝගී පුද්ගලයෙකි.

The Deathtrap Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ