✈ stars 🌟

3.9K 336 124
                                    

@Aussi........🍀 [ windy Willows ❤🌠 ]

රෑ අහසෙ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද....මට ඔබ විතරක් උනාට නුඹට ඉන්නෙ මන් විතරද ??

ඔව් ඔව්..... මට එයා විතරයි වගේම එයාට ඉන්නෙත් මන් විතරයි .......

වෙලාව රාත්‍රී හතහමාරට තියෙද්දි ගෙදර දොරකඩ ඉදන් කළුවර අහසෙ පේන චූටි චූටි තරු දිහා මන් බලන් ඉදියේ මගේ ජිවිතේ ලොකුම තරුව දැන් මග එමින් ගමන් නිසා....

සීතල හුළගට අපේ පුංචි සිහින මන්දිරේ වටේට තියෙන ගස් හෙලවිලා යද්දි ගතට දැනුනෙ මාරම සීතලක්... සනීප හුලගක්.....ම්ම්.... සැරෙන් සැරේ හමන හුළග එක්ක ගතට දැනෙන්නේ සීතලක්.....

ඒ සීතලත් එක්ක මගේ මතකය ගියේ ඉස්සර ගමේදි වෙසක් සමරපු කාලෙට... ම්ම්.... කොච්චර අඩුපාඩුකම් තිබ්බත් ඒ කාලෙ හුගාක් සතුටින් ඉදියා... අද වගේම....වෙසක් හුළගත් මේ වගේමයි....

ජිවිතේ කොච්චර වෙනස්ද ඉතිං ....එයා නිසා මගේ ජිවිතේම වෙනස් වුනා.....මගෙ සුදු මහත්තයා.....

කළුවරේ පියාඹන කණාමැදිරියන් පස්සෙ බූටියා දුවද්දි ඒ දිහා බලන් ඉදපු මගේ මූණට ආවෙ හිනාවක්....

මුව අග රැදුන හිනාවත් එක්ක මම ආයෙත් ස්ට්‍රීට් එක දිහාවට ඇස් යොමුකරගත්තෙ මීට විනාඩි විස්සකට කලින් Air port එකේ ඉන්නව කියල කිව්ව කෙනා මේ වෙනතුරුත් ආවෙ නැති වෙද්දි....

මට හරිම සතුටුයි ... හරියටම සති දෙකකටයි දවස් එකකටයි පස්සෙ අද එයාව දකින්නේ.... මොකද එයාට පහුගිය සති දෙකේ වැටුනෙ දිග ටුවර් එකක්....

ඉවසිල්ලක් නැති කමටම මම පුටුවෙන් නැගිටල සෙරෙප්පු දෙකක් නොදාම මිදුලෙ එහා මෙහා ඇවිද්දෙ මේ දැන් එයා එයි දැන් එයි කියල මග බලාගෙන...

ආයිශ්ශ් අනේ!! තවම නෑනේ......

ආයෙත් ගෙට දුවන් ගිහින් මන් පෝන් එක අතට ගත්තේ එයා තවමත් ආවෙ නැති එකට පපුවත් මොකද්ද වෙලා යද්දි...

" හෙලෝ....

- ම්ම්??

කොහෙද අයියේ ඉන්නේ....

- ඉදපන් බන් මේ එන ගමන්.....ඔන්න දැන් අපෙ පාරට හැරෙව්වා....අද ට්‍රැෆික්....."

Fly to air ✈️ [Zhanyi Complete ]Donde viven las historias. Descúbrelo ahora