මම ෆ්ලයිට් එක යටට වෙලා උඩ බලන් කල්පනා කළා..... මට තියෙන ප්‍රශ්න ගොඩ.....ඇත්තටම මට තාම 23යි....එහෙම වෙලත් මම වයසටත් වඩා ලොකු වගකීම් ගොඩක් ඔලුව උඩ තියන් ඉන්නව...... මගේ තාත්තා ඉදිය නම් සමහර විට මටත් මගේ හීනෙට යන්න තිබ්බා....
" සර් ඉදගන්න....තව ටික වෙලාවක් යයි ක්ලීනින් එකට........."
" තැන්ක් යූ ......."
අපේ air line එකේම කම්කරු ඇදුමක් ඇදන් ඉදපු කොල්ලෙක් මට පුටුවක් ගෙනත් දෙද්දි මම ඒකෙන් වාඩි උනා.... දැන් නම් දණහිසේ අමාරුව පොඩ්ඩක් වත් නෑ..... ඒත් එයා කොහොමද දන්නේ මගේ දණහිස එහෙම උනා කියල ..... එයානෙ ඉතිං කැප්ටන්....එයා නොදන්නේ මොනාද..... අම්බෝ දැන් මෙතනටත් කඩාපාත් වෙයිද දන්නෑ....ඉක්මනට ෆ්ලයිට් එක ඇතුළට රිංග ගන්න ඕනේ.....තාම මේ මගුල ඉවර නෑනේ ඉතිං ......ආහ් අනේ අද ඊළග ලෑන්ඩ් එක තීන්නේ France වලට.....එහෙදිත් මාව කන්න හදයිද දන්නෑ......අයියෝ......
" යීබෝ ...........යි .....බො........"
මම කල්පනා ලෝකෙ ඉද්දි entrance එකේ ඉදන් Yi Zi කෑ ගහගෙන දුවන් ආවා...ඕකි කොයි වෙලේ හරි වැටෙනව ඔය කොට සාය ඇදන් අඩි දහයක් උස සෙරෙප්පුවත් දාන් දුවන්න ගිහින්......
" ඇයි බන් ලතෝනි දෙන්නේ......."
" S.F.O උබව හොයනව...... පෝන් එකත් දාලා කොහෙද යන්නේ හලෝ....."
" අහ්......ඇයි ඒ......හරි හරි මන් යන්නම්......"
" දැන්ම යන්න......"
" අහ් .....මේ දැන් හැමෝම ඇවිද්දා ඇති ඔක්කොම ලලනාවො ටික එකතු කරන් ඇවිත් ඇතුළෙ බොට්ල්ස් වල වතුර පුරවන්න....ගිහින් ඒක බලන්න.....යන්න....."
" අපෝ තවුසෙව දැක්කොත් වැඩක්...."
ඒකි මට රව රව මාත් එක්කම airport එකට ඇවිදන් ගියා.....
" සර් ඇයි මට එන්න කිව්වේ......"
මම S.F.O ළගට ගිහින් කතා කළා... මගේ හිතේ පොඩි චකිතයක් තිබ්බා කලින් උන දේ නිසා මොකක් හරි අව්ලක් එහෙම වෙලාදෝ කියල ...ඒත් මෑන්ගෙ මූඩ් හොදයි වගේ......
" කැප්ටන්ට ඔයා අතේ කොෆී එකක් එවන්න කියල කිව්වා යීබෝ ....දැන් විනාඩි විස්සක් විතර වෙනව....ඉක්මනට යන්න....."