Flying 09✈

3.1K 508 66
                                    

කැප්ටන් ගියාට පස්සෙ මම කළේ ඇදට වෙලා කල්පනා කරපු එක ...එයා මට එන්න කියල කිව්වත් මට යන්න හිතක් තිබ්බෙ නෑ.....ෆ්ලයිට් එකෙන් බහිද්දි නම් ලොකු බඩගින්නක් තිබ්බා....ඒත් දැන් නම් කන්න කිසිම උවමනාවක් ඇත්තෙ නෑ..... කැප්ටන් බැන්නට පස්සෙ හිත මොකද්ද උනා..... හරියට නිකන් හදවතම බරයි වගේ.....මට අඩන්න ඕනේ ..... ඒත් ඇයි මම අඩන්නේ....මොකටද අඩන්නේ....

හිත මගෙත් ගැස්සුණා
දැඩි කෝල නුඹ හින්දා...
ඒ වුණත් පිළිගන්න
බෑ නුඹව දුර හින්දා...
අහස නුඹ පොළොව මා
කොයිතරම් දුර නොවෙද..
හැකිවේද කෙදින හෝ
වැටෙන්නට වැස්සක්ව...
පාලු මගෙ හිත මතට....
ආදරේ ඔය තරම්
තියේ නම් මා නමට....
අප අතර මේ තරම්
දුරක් යලි නොයෙන්නට.....😍😍

බෝ පැටීගෙන් කැප්ටන්ට..........

BHMI90 ඒක ලස්සනයි සුදූ❤❤

මම පැය ගානක්ම මගේ හිතත් එක්ක තර්ක කලා.... කොහොමින් කොහොම උනත් ඒ වෙලාව ගත වෙලා යද්දි මටත් හොරෙන් මම අඩල තිබ්බා.....මගේ ඇස් වලින් කදුලක් දෙකක් ගලන් ගිහින් තිබුනා වෙනකොට මම දුකටත් එක්ක පෝන් එක ඕෆ් කරල දාලා නිදාගත්තා....

🕙🕙😴😴

කොච්චර වෙලා නිදාගත්තද කියල දන්නෙ නැති සුව නින්දකට පස්සෙ මම ඇස් අරිද්දි රූම් එකේ තිබ්බ ජනේලෙන් මුදුන් වෙලා තිබ්බ ඉර පැහැදිලිව පෙනුනා.....

මෙසෙ උඩ තිබ්බ වොච් එකේ වෙලාව 1.45යි කියල සටහ වෙලා තියෙද්දි මම එතන තිබ්බ පෝන් එක ඔන් කළා..... මම හිතුවෙ කැප්ටන් මට එක මැසේජ් එකක් වත් එහෙම නැත්තම් එක කෝල් එකක් වත් අරන් තියෙයි කියල .....ඒත් මම වැරදී..... එයාගෙන් කිසිම බලාපොරොත්තුවක් මට තිබ්බෙ නෑ......

මොකද්ද දෙයියනේ ඒ උනේ.....මගේ හිත මටත් හොරෙන් එයාට ළං උනා විතරයි .....

කැප්ටන් කියන්නේ කැප්ටන්ටම තමයි ..... මම තමයි වැරැදි... බොරු බලාපොරොත්තු ගොඩක් කැප්ටන්ට දුන්නා..... ඕන්නෑ..... මේ කිසි දෙයක් ඕන්නෑ.....

මගේ හිතේ එයා ගැන තිබ්බ පොඩි හරි පැහැදීම පහු වෙලා ගිය පැය ගාණ ඇතුළත විනාස වෙලා ගියා....මම වැරැද්දක් කලේ නෑ......එයාට ඔහොම මට බයින්න තරන්..... මමද එවෙලෙ සෙල්ලම් කරන්න ගත්තේ......කෝල් එක කට් කලා කියල එයාට ඔහොම කේන්ති යනව නම්....ඉතිං ......අනිත් දේවල් ගැන කවර කතාද..... හහ්..... මාත් හද යාන්තමට දකිද්දි ඒක අල්ලන්න ගියා.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now