His ' patiee ☘️' ✈

3.8K 604 65
                                    

✈ yibo p.o.v.

" ආහ්......අනේ කකුළ රිදෙනවා නේ..... "

වෙනදත් මම ඔහොම ගුටි කාලා ඇති ...ඒත් අද මොකක් උනාද මන්දා...ඒක ටිකක් රිදෙනවා වගේ.... මොකද උනේ කියල බලන්නත් මේකෙ කලිසම් කකුළ උස්සන්න බෑනේ.... දැන් කලිසම ගලවල ඕක ඇද ඇද ඉන්න වෙලාවත් නෑ....

මම දණහිස කලු පාට trouser එකට උඩින්ම අතගාගත්තා...නිකන් එතන පුපුරන්න වගේ... ඇවිදිනකොට හරි ජොලි......

මම ආයෙත් බාතෲම් එකෙන් එළියට ඇවිල්ලා මගේ ශීට් එකට ගිහින් දිගෑදුනා....

" බොබෝ.....ඇයි..... මොකක් හරි ප්‍රශ්නයක්ද ළමයෝ.......??"

එහෙම ඇහුවෙ I.M ...එයා කොහොමත් මම ගැන care වෙනව.....

" අහ්....නෑ .....සර් මේ කකුල පොඩ්ඩක් අමාරුයි වගේ.......ඒකයි....."

මම ශීට් එකේ කෙලින් වෙන ගමන් කිව්වා......

" මොකද්ද උනේ බෝබෝ.....අර නාකියා ගහපු පාරද......"

" ඔව් සර්....ටිකක් සැරට වැදුනා....ඒකයි අව්ලක් නෑ......"

" බාම් ටිකක් ගාගත්ත නම් හරි ළමයො... "

" බෑ සර්.... කලිසම ෆිට්..උස්සන්න බෑ.... අනික ගෑවට වැඩකුත් නෑ කලිසමේ ගෑවෙනවනේ......."

" ම්ම් ඒකත් ඇත්ත.... ලෑන්ඩ් කරාම මතක ඇතුව බාම් ප්ලාස්ටර් එකක් හරි ගහගන්න බෝබෝ.... "

" හරි සර්........"

" නිදාගන්නකෝ එහෙනම්...."

" අහ් ඕන්නෑ සර් මම දැන් කොහොමත් යන්න ඕනේ කැප්ටන්ට කෑම දෙන්නත් එපැයි......."

මම හිරි ඇර ඇර ශීට් එකෙන් නැගිට්ටෙ කිචන් එකට යන්න.....අයියූහ් දැන් නම් කොරත් ගැහෙනවද මන්දා.......

මම ටිකක් අමාරුවෙන් ඇවිදන් කිචන් එකට ගියා......

" වෙලාව හරිද චෙෆ්......??"

" ආ යීබෝ සර්....."

චෙෆ් ට්‍රේ එකක තියපු කෑම බොක්ස් එක දෙද්දි මම ඒකත් අරන් ආයෙත් driving room එකට ගියා..... හදවත ටිකක් ටිකක් ඩුග් ඩුග් ගානව වගේ....මේක මට අලුත් දෙයක් නොවුනත් අද හරි අමුතුයි ......

" excuse me captain ......."

මම කැප්ටන් ළගට ගිහින් එයාට කතා කළා.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now