Flying 33✈

2.6K 422 51
                                    

🌄🌄🌄🌄🌄🌄🌄

" Good morning සුදු මැණික ...තාම නැගිටින්න අදහසක් නැද්ද වස්තුව....."

එයාගෙ පපුව අස්සෙ නිදාගත්ත මම ඇහැරුනේ එයාගෙම අතැගිලි මගේ කොණ්ඩෙ අස්සෙන් යද්දි...... එයා මට කලින් නැගිටලා......මම ඇස් පොඩී කරල එයා දිහා බැලුවා.....

" වෙලා....ව.....කීයද......."

ඇද ළග වාඩි වෙලා දත් තිස් දෙකම එළියෙ දාන් හිනාවෙලා ඉදපු එයාගෙ ඉන වටේ අත දාගෙන ඔඩොක්කුවෙන් මම ඔලුව තියාගත්තා.......මදි පාඩුවට එයාගෙ අත් දෙකත් මගේ ඔලුව උඩින් තියාගත්තා....

" අනේ අනේ......තාමත් නිදාගත්තා මදිද ආ.... වෙලාව දන්නව නම් ඔයා දුවනව....."

" ඉතිං අගය නොකර කියන්නකො අනේ......"

" දොළහාමාරයි......."

" හෑ........දවල් වෙලානේ......"

" හ්ම්ම්.....ටැටින්න ඉතිං .... පහළ කට්ටිය ගොඩක් ඇවිත් ඔයාගෙ නැන්දම්මට හෙල්ප් කරන්න .....ඔයාවත් අහනව......"

එයා මගේ ඔලුව හරි සනීපෙට පිරිමැද්දා....... ආයෙත් නින්ද යන්න වගේ......නිකන් ඉන්න මනුස්සයගෙන් මෙහෙම හරි වැඩක් ගන්න ඕනේ.... හැමදාම මමනේ එයාගෙ ඔලුව අතගාන්නේ....ඉදහන්කො හෙට ඉදන් මම අතගාගන්නව ඔලුව......

" කොෆී එකක් ගෙනාවා සූදු මැණික .....නිවෙන්න කලින් බොන්න.... දැන් නැගිටිනවකෝ.....කම්මැලියා....."

" පොඩ්ඩක් ඔය කට වහගන්නවකො අයියේ......හුම්..... දවසෙම කනක් ඇහෙන්න නෑ......"

එයා මගේ නළලට හාද්දක් දීලා කනක් කෙනිත්තුවා ......

" අයියේ........."

එයා උකුළට වෙලා ඉදපු මම අතේ තිබ්බ රත්තරන් බේස්ලන්ට් එක දිහා බලන් කතා කළා..

" ම්ම්........"

" මේක කීයක් විතර උනාද.....??"

"....................."

" අනේ......කියන්නකෝ...."

" තෑග්ගක් දුන්නම ගාණ අහන්න පුරුදු වෙන්න එපා යීබෝ ....... මට පේන්න බැරි ගතියක් ඕක......"

" මට දැනගන්න ඕනෙනේ..... "

" මට කියන්න ඕනෙ නෑ......."

ටික වෙලාවක් යනකන් අපි අතරෙ තිබ්බෙ නිහැඩියාවක්.....එයා මට කිව්වා මේක උකස් කරත් මුද්ද උකස් කරන්න එපා කියල ...... ඒ කියන්නේ එයාට ඕනේ මගේ අතේ හැමදාටම මුද්ද තියෙන්න.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now