Flying 36✈

2.7K 410 143
                                    

එන්න එන්නම කරුවල වැඩි වෙනවත් එක්කම මුළු ගෙදරම ලස්සන නත්තල් සැරසිලි වලින් ආලෝකමත් උනා.. තැන තැන සතුටු සාමිචියේ ඉදපු හැමෝම දිග කෑම මෙසේ වටා එල් වෙද්දි අයියා මගේ අතින් අල්ලගෙන ඉස්සරහම හරියෙ තිබ්බ පුටුවකින් වාඩි උනා.....අපි ළගින්ම අක්කයි අයියයිත් වාඩි වෙද්දි කෑම මේසයේ මූලාසනය එයාගෙ පපා වාඩි උනා.... අන්තිම මොහොතෙ අම්මත් ඇවිල්ලා වාඩිගද්දි එයාගෙ පපා උගුර පෑදුවා.....

" merry christmas හැමෝටම....ඉතිං අපි හැමදාම වගේ අදත් ලොකු යුද්ධෙකින් පස්සෙ කෑම මෙසෙ වටේ වාඩි උනා.....ඉතිං මෙදා පාර නත්තලට අපේ පවුලත් එක්ක අලුත් කෙනෙක් එකතු උන......"

හුටා........ මම අකුණක් ගැහුවා වගේ පපා දිහා බැලුවා...එයා මන් දිහා බලලා හිනාවෙලා මගේ අතකින් අල්ලගත්තා......

" අපේ ලොකු බබාගෙ වෙඩින් එකෙන් පස්සෙ ඒ දෙන්නගෙ වෙඩින් එකත් අපි ලොකුවට ගන්න හිතන් ඉන්නව......."

පපා කියද්දි හැමෝම මන් දිහා බැලුවා...අයියා අප්පුඩියක් ගහල මගේ කම්මුලට හැමෝ ඉස්සරහම හාද්දක් තිබ්බා......

මම රතු වෙලා බිම බලාගත්තා....

එයාගෙ පපා මෙසෙ උඩ තිබ්බ ලොකු වයින් බෝතලයක් කඩල අපි හය දෙනාගෙම වයින් ග්ලාසස් වලට දැම්මා....

" cheers....... 🍷 "

නිහඩව තිබ්බ කෑම මෙසේ කතා ගොඩකින් පිරිලා යද්දි මමත් වයින් විදුරුව තොල ගෑවා.....

අයියා කොත ගහපු බත් එකකට අත තියන්න වත් ඉඩ නැති වෑංජන ගොඩක් බෙදල මට දුන්නා.....

" ඔක්කොම කන්න බබී......."

මම කල්පනා කරන්නෙ  කොහොමද මේක කන්න අත දාන්නේ කියල .....බත් එක වැහෙන්නම වෑංජන....

" කල්පනා කර කර ඉන්නැතුව ඉක්මනට කන්න සුදු මැණික ...තව කන්න දේවල් හුගක් තීනව......"

එයා ඊටත් වඩා ලොකු බත් එකක් බෙදාගෙන කන්න ගද්දි මන් මගේ ප්ලේට් එකේ තිබ්බ beef කෑලි ඔක්කොම එයාගෙ පිගානට දැම්මා....

එක එක මස් වර්ග , එළවළු වර්ග , ඩෙවල් ජාති ගොඩාක් උයල තිබ්බා.....එකම වෑංජනේ එක එක විදියකට  හදල තිබ්බා.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now