Flying 35✈

2.6K 408 53
                                    

" ශර්ට් එකක් දාගන්න සුදු මැණික .....යමු පහළට......බොරුවට මාව කේන්තිගස්සවගෙන නිකාන් වේදනා වින්දා.... "

එයා මගේ ඔලුව පරිස්සමට අතගෑවා.....එයා ලොකූ කල්පනාවක.......

" අයියේ........ප්‍රශ්නයක් ද.....??"

" ........................"

එයා කට උල් කරල මන් දිහා බැලුවා....

" පහළට යමු.....ටැටින්න ඉතිං ......"

එයා මාව නැගිට්ටවල මගේ ඇගේ තිබ්බ එයාගෙ ඇගිලි සලකුණු දත් පාරවල් දිහා ආසාවෙන් බලන් ඉදියා...මම එයාගෙ නළලට හාදුවක් දීගෙනම නැගිටල ගිහින් නිල් පාට ටී ෂර්ට් එකක් දාගත්තා....

" හනේ හනේ...... අයියා නිදාගන්න දෙන්නෑද සුදු මැණිකට..... ටග් ගාලා ගිහින් කොලුවව ඇහැරවනව.... "

එයාගෙ අම්මා ඇවිත් එයාගෙ ඔලුවට ටොක්කක් ඇනල මගේ ඔලුව අතගෑවා.....එයා ටොක්ක කාගෙනම කිචන් එක පැත්තෙන්  එළියට ගියා....

අයියා ගියා විතරයි අම්මා මාව අතින් ඇදගෙන සාලෙ අයිනට වෙන්න තිබ්බ ලි පුටුවක වාඩි කළා..... අහ්හ්.....ඇත්තටම හරි සනීපයි වගේ..... ස්ස්.... දැවිල්ලයි....වාඩි වෙන්න බෑ යකූ....

" සුදු බබා දුකෙන්ද ඉන්නේ......අයියා බැනපු එකට...."

" අහ්......නෑ අම්මා......ඇයි....."

" පව්ල් ජිවිතයක් ගෙනියද්දි ප්‍රශ්න මත භේද ඇතිවෙනව මැණික ....ඒක සාමාන්‍යයි ...මැණික අයියා බැන්න එකට දුකෙන්ද ඉන්නේ.....මම දන්නව ඔය අයියා ගොන  බනින්න ගියාම බනින හැටි..... ඉතිං මැණික අහන්නකො.... හැමදේම ඉවසන්න කියල මම මැණිකට කියන්නෑ.....ඒත් පව්ල් ජිවිතේ ඇතුළෙ තීන බැම්ම පරිස්සම් කරගන්න ඕනේ..මම මෙහෙම කියන්නේ පුතේ අවංකවම මම දන්නව අපේ චූටි බබා එක්ක වසන්න අමාරුයි කියල .... එයා හොදට හොදයි නරකට නරකයි චරිතයක්....චූටි බබාට ඔලුව අතගාලා ප්‍රශ්න විසදගෙන කිසිම පුරුද්දක් නෑ මැණික . මම අපේ චූටි බබාට advice කරන්නම් සුදු බබා....... "

එයාගෙ අම්මා ගොඩාක් දේවල් අයියා ගැන කතා කළා....අයියගෙ කේන්තිය ගැන මට වඩා හොදට අම්මා දන්නව.... ඔව් ඉතිං ඒ අයියගෙ අම්මනේ.... මම ඒ හැමදෙයක්ම අහන් ඉදියා.....එයා කිව්වා ඉවසන්න ඕනේ තැන ඉවසන්න කියල ....මුල් ටිකේදි අයිය ගැන කතා කළත් අග ටික යද්දි අම්මයි මායි දෙන්නම එකතු වෙලා අයියට දෙහි කැපුවා....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now