Flying 37✈

2.3K 418 51
                                    


පියෙකි සේ රකින්නෙම.,
සෙනේහය  පුදන්නෙම.,
නුඹ මගේ හින්දමයි..
ආදරෙන් හැමදාම.,
සැනහියන් මගෙ තුරුළෙ,
රකින්නම් පණ සේම.,
දිවිතුරා මං උඹම...
කඳුළු ඔය දෑස් අග,
එපා රඳවන්න තව.,
දුක් සුසුම් ළඟදි නුඹෙ
ළං වෙයන් පපුවටම...
කඳුළු කැට අරන් මම
සිනාවක් නොදුන්නත්.,
ආදරෙන් තුරුළු කර පිසින්නම් කඳුළු කැට.,
අයෙත් කඳුළක් නොදී
රකින්නම් ළඟ රැදී.......

සුදු මැණිකට සුදු මහත්තයාගෙන්....😍😘❤️💚

BHMI90 ලස්සන පද පේළි ටික අක්කෝ......❤❤💖

විඩාබර දවසක් අවසානයේ මම එයාගෙ පපුවට තුරුල් උනේ රෑ කෑම වෙල ලෑස්ති වෙනකන්...... හවස් වෙලා පූල් එකේ නාපු අපි දෙන්නා අම්මත් එක්ක මුලු වටේම නෑදෑ ගෙවල් වල ඇවිද්දා.... ඒ එද්දි වෙලාව හුගක් රෑ උන නිසා අම්මා තාම උයනව.....අම්මගෙ උදව්වට අක්කා ඉදපු නිසා මම අයියත් එක්ක ඇදට ඇවිත් අයියගෙ පපුවට තුරුල් උනා....එයා නම් මෙලෝ සිහියක් නැතුව පෝන් එකට කොටනව....හැබැයි මාවත් අතින් තුරුල් කරන්... ඒ උනාට බලන්න තිබ්බා මම එහෙම එයා ඉස්සරහදි පෝන් එක අතට ගත්තත් ඇති දවසෙම පෝන් එකේ කියල බැනුම් අහන්න.....

මම එයාගෙ පපුව උඩට ඔලුව තියාගෙන මගේ පාඩුවේ කල්පනාවක් දාන් ඉදියා.....හෙට chengqi එනව කියල අපේ අම්මවත් දන්නෑ.......එතකොට හෙට ස්කෝලෙ දවසක්.....අපි බලමුකො මල්ලිගෙ නාඩගම මොකද්ද කියල .... මට තියෙන දුක අයියව හා හා පුරා කියල ගෙදර එක්කන් යන පලවෙනි වතාවෙම පුදපු ගමන් කාපි යකා වගේ රණ්ඩු දාගන්න වෙන එකට.....

" චූටි බබා.....චූ....ටි.....බ....බා....??"

අම්මා එක පාරටම දොර කඩාගෙන ඇතුළට ආව පාර මම දඩිබ් බිඩින් ගාලා අයියගෙ පපුවෙන් ඈත් උනා.....අම්මා කට අතින් වහන් උනා.....

" මොකද මමී උඩ පයින්නේ...."

" ආවුස්......මන් හිතුවා ඩබලම නිදි කියල ...... එන්න කෑම කන්න......"

අම්මා ආයෙත් දොර වහගෙන යද්දි මම අයියගෙ මූනට හාදු තිබ්බා....

" කාලා නිදාගමු....මට නිදිමතයි ......"

" ඇයි අද බර වැඩ කරන්න බෑද...."

"අනේ මේ.....මට අද නිදාගන්න ඕනේ....හුම්ම්......."

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now