Flying 54✈

1.9K 383 86
                                    

හිතුවක්කාර කම් කළත්
උඹ මට හොරෙන්.,
දන්නවා හිත උඹේ බැදී
ඇති මට තදින්.,
පෙළෙන්නේ හිත මගේ
රිදේවීයැයි බයෙන්.,
රිදවගන්න නම් එපා
උඹ මගෙ පණ ඉතින්.,
රත්තරනෙ හැමදාම
හිදින්නම් නුඹ ළඟින්.,
නොවෙනස්ව හැමදාම
ආදරෙයි උඹට මං....

හබීගෙන් සුදු මැණිකට..
💚❤️😍

BHMI90 ලස්සනයි අක්කෝ ❤❤

" සුදු මැණික ........"

මම එයාගෙ උකුළ උඩින්ම ඔළුව තියාගෙන ඉද්දි එයාට තෙරෙන්නැති මම ලොකු දෙයක් කියන්න හදන්නේ කියල ....

" අයියේ ....මම.........."

Ringing 📱

මම කියන්න කට අරිද්දිම ඇද උඩ තිබ්බ එයාගෙ පෝන් එක රින්ග් උනා වගේම එයා පෝන් එක අතට අරන් මගේ ඔළුව අයින් කරල ආන්ස්වර් කරගෙනම කාමරෙන් එළියට ගියා....

Arghh......කියන්න හැදුවා විතරයි .....මොකාද කෝල් කළේ.....

මම කේන්තියෙන්ම ටයිල් පොළවෙන් නැගිටලා බාතෲම් එකට ගියේ වොශින් මැෂින් එකට දාපු ඇදුම්  ටික වනාදාන්න....ගානට තෙත බේරුණ ඇදුම් ටික අරගෙන බැල්කනි එකේ රෙදි වැලෙන් දාපු මම ආයෙත් කාමරේට එද්දි පෝන් එකත් කනේ ගහගෙනම එයා කාමරේට ආවා.....

" okay.....thank you ...."

කෝල් එකෙන්ම කිව්ව එයා ක්ෂණිකව මන් දිහාවට දැම්මෙ නිකන් උයල කනවද බැදල කනවද වගේ බැල්මට් එකක්....මටත් හිතාගන්න බැරි උනා මොකද්ද උනේ කියල .....

" ඉක්මනට බඩු ටික ලෑස්ති කරගන්න...."

" ආ........??"

" කන ඇහෙන්නැද්ද ආ......"

" මොකද්ද....?? මොන බඩුද.....??"

" කිව්වම අහල තියෙන රෙදි ලට්ට ලොට්ට ඔක්කොම ලෑස්ති කරගන්නවා....ඉක්මනට ....."

එයා සද්දෙට කියාගෙනම මන් ළගට එද්දි මම බය වෙලා වගේ එයාදිහා බලන් ඉදියා...බය වෙන්නැද්ද ඉතිං එක පාරටම ගහෙන් ගෙඩි එන්න වගේ රෙදියි බඩුයි ලෑස්ති කරගන්න කිව්වම....මොන විකාරයක්ද ඒ....

" කන ඇහෙන්නැද්ද ......??"

" අයියේ......?? මොකද්ද උනේ.... ??"

" තමුසෙ කරපුවා තමයි .....දැන් ඔය හැංගි හැංගි නාඩගම් නැටුවා මදිද ආ....."

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now