Flying 34✈

2.7K 424 67
                                    

" කතා කරහන් ඉතිං .....ගේ ඇතුළෙ ඉදිය එකා මොන හු##%@ද පාරට ගියේ....??"

මම කදුලුත් පිහදගෙන එයා දිහා බැලුවා......හුම්.....මේ මනුස්සය එක්ක කිසි ප්‍රශ්නයක් ගොඩින් විසදගන්න බෑනේ අප්පා.....පොඩි දේටත් නැට්ට ගිනි අරන් කෑ ගහනව..... මං දන්නව ඉතිං ඔය තියෙන්නේ මට කරදරයක් වේවි කියල බයයි , දුකයි...

" සෙරෙප්පු දෙක හොයන්න එළියට ගියා......."

"........................."

" එතකොට දැක්කා ......... ගේට් එක ළගින් shitzu ජාතියේ බලු පැටියෙක් දුවන් යනව.........."

".........................."

මම හෙමීට ඇස් උස්සල එයා දිහා බැලුවා....තාම යකා වර්ශන්.....

" පස්සේ මම ගේට් එකෙන්...බෙල්ල එළියට දාලා බැලුවා...... එතකොටම බයික් එකක් ආවා......."

"............................."

".............................."

" ඉතිං ......??"

" ඉතිං ඌ පාරට පැන්න..... ඌ හැප්පෙන නිසා මම දුවන් ගිහින් ඌව අල්ලගත්තා...... "

".................................."

ඉතුරු ටික කියන්න තමයි බයම......!!

" පස්සෙ ඒකේ ඉදපු මනුස්සය බෙල්ලෙ තිබ්බ මාලෙ කඩාගන්න දැගලුවා..... "

".................................."

" මාලෙ ගැලවුනෑ....මගේ බෙල්ල ඇදුනා විතරයි ......එවෙලෙ කවුද අයියා කෙනෙක් කෑ ගහගෙන දුවන් ආවා..... ඒ නිසා.....උන් ගියා......"

මම සිද්ධිය කියල ඉවර වෙනවත් එක්කම එයා මට ගහන්න වගේ අත උස්සද්දි මම මූණ අනික් පැත්තට හරව ගත්තේ ඇසුත් තදින් පියාගෙන....

ඒත් එයා මට ගැහුවෙ නෑ...... මම හෙමීට ඇස් ඇරල එයා දිහා බැලුවා....

එයා මට හොදවෑන් රවල දමල ගහල එළියට යන්න යද්දි මම දුවල ගිහින් එයාව පිටිපස්සෙන් හග් කළා....

" අනේ සමාවෙන්න අයියේ.... හුම්ම්.....හිතල පාරට පැන්නේ නෑනේ..... බයින්න එපා...... එක්කො ඔහොම නිකන් යන්නැතුව බැනල හරි යන්න.... "

මම කිටි කිටියේ එයාව ඇගට තද කරගත්තා.....එයා යන්න දැගලුවා උනත් මම එයාගෙ පිටට මූණ තදින් ඔබාගෙන එයාව තද කරල අල්ලන් ඉදියා.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now