Flying 05✈

3.7K 550 90
                                    

" අ...යියා එනකන් ඉදියේ......කැප්ටන් යන්න..........මෙන්න පෝන් එක.........."

මම එයාට මගේ සාක්කුවේ තිබ්බ පෝන් එක දුන්නා......එයා මගේ අතත් අල්ලගෙනම ඒක අරගත්තා.......ඔව් ඉතිං කරුවලයි නේ......මාව රේප් කරත් මොකෙක්ට වත් පේන්නෑ...........

" ඔයත් එන්න බබා මාත් එක්කම යන්......."

" කැප්ටන් ......මට ඔයා එක්ක කතා කරන්න ඕනේ......."

මම එහෙම කිව්වෙ ටිකක් බයෙන් වගේ බිමත් බලාගෙන......මෙයා මට බනීද....

" කියන්න පැටියෝ......"

" මට පැටියෝ කියන්න එපා......!!"

කොයි වෙලෙත් පැටියො ගානව.....ඇයි අනේ.... මම ලොකු කොල්ලෙක්....පැටියෙක් වගේද පේන්නේ......

" අපෝ අපෝ .....කෝ බලන්න කේන්ති ගිහින්ද කියල ......."

එයා මගේ මූණටම එබෙද්දි මම අහක බලාගත්තා....

" හරි හරි දැන් මොකද්ද කතා කරන්න ඕනේ.....ම්ම්"

" කැ......ප්ට.....න්......"

මම ටිකක් චකිතයකින් එයාගෙ මූණ දිහා බැලුව....ඈත පත්තු වෙලා තියෙන සුදු පාට ලයිට් එළිය එයාගෙ මූණට වැටිලා තිබ්බා... දැන් ෆ්ලයිට් එකේ ගෙනාව බඩු බාන නිසා ඒ හරියේ තිබ්බ ලයිට්ස් ඕෆ් කරල තිබ්බේ... අපිට ටිකක් එහා හරියකින් පත්තු උන ලයිට් එකා විතරක් අවට එළිය කළා... අවට කවුරුත්ම ඉදියේ නෑ...දැන් හුගක් කරුවලයි...මෙයා මට බැන්නත් අවුලක් නෑ......

" කියන්න ඉතිං ........"

" මම කෙලින්ම අහන්නේ....කැප්ටන්ට මගෙන් මොනාද ඕනේ වෙලා තීන්නේ...ඇයි මෙහෙම කරන්නේ....කැප්ටන් .....ට ...... මගෙන් one night එකක් ඕනි වෙලාද....?? "

මම ඒ ඔක්කොම මගෙ සපත්තුව දිහා බලන් කියල ඔලුව යාන්තමට ඉස්සුවා... එයා මුකුත් නොකියා මන් දිහා බලන් ඉදියේ පට්ටම නපුරු බැල්මකින්....අයියෝ මට බයයි වගේ දැන් ..... මාව ගහලම මරයිද දන්නෑ.....තාමත් මන් දිහා බලන් ඉන්නව කන්න වගේ.....හරිනේ හරිනේ...තව ටිකක් කල් ඉදල ශේප් එකේ අහන්න තිබ්බේ.....පව් හැබැයි එයා දැන් ෆ්ලයිට් එකෙන් බැස්සා විතරයි ....

එයා මන් දිහා බලන් ඉදපු විනාඩි ගානට මගේ මොළේට මේ ලෝකේ තිබ්බ හැමදෙයක්ම හිතෙන්නැති.... අපරාදෙ මම ගොන් වැඩක් කරගත්තේ....ඒක ශේප් එකේ පස්සෙ වෙලාවක අහන්න තිබ්බේ.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now