Flying 44✈

2.3K 395 144
                                    

මල්ලිට එහා කාමරේ අස් කරල දුන්න මම වතුර එක නැටුව නිසා ඉක්මනට ලිප ඕෆ් කරල දෙන්නටම කොෆී දෙකක් හැදුවා.....මට නම් නැතත් කමක් නෑ....එහෙන්මම හාල් කප් දෙකකුත් රයිස් කුකර් එකේ ගහපු මම සාලෙටe ආවා...

අයියා ටිවී එක බලද්දි මල්ලි ගෙනාපු ඇදුම් බෑග් අස් කරන්න කාමරේට ගියා...තාම දෙපැත්ත බැලන්ස්.... මොනව උනත් මල්ලි අයියයි එක තැන ඉන්න එක නම් භයානකයි....මම ඉන්න දවසට හොදයි ....ඒත් මම ටුවර් එකක් ගිය දවසට මොනව වෙයිද කියන්න බෑ... තේරෙන්නෑ අප්පා....

" ම්ම්......දැන්ම කෑම කනවද....."

ඇස් කටේ දාන් ටිවි එක බල බල ඉදපු අයියා ළගට ගිහින් මම කොෆී කෝප්පේ දුන්නා......

" පස්සෙ කමු......."

" දෙවෙනි....... මේ එන්න තේ බොන්න....."

මන් දිහා නොබලම අයියා කියද්දි මම කාමරේ ඉදපු මල්ලිට කතා කළා....

" කාමරේට ගේන්න......"

මල්ලි කියද්දි මම උගේ කෝප්පෙ අරන් යන්න ගියත් අයියා මාව නැවැත්තුවා.... එයා ඇස් කටේ දාන් ටිවි එක බැලුවත් එයා ඉන්නෙ අවට ගැන අවධානෙන්....

" ඔයා උගේ සර්වන්ද....තේක හදල ළගට ගිහින් දෙන්න..... දෙපයින් ඇවිදන් එන්න කියන්න ...."

" කමක් නෑ අයියේ පොඩි එකා ආවා විතරයි නේ......"

" සුදු මැණික ..........!!!!"

" ආ ..හරි හරි ...... මල්ලී.....මෙහෙ එන්න....."

මල්ලි මූනත් දෙක කරන් අයියට ඇද කර කර ඇවිත් මගේ අතින් කෝප්පේ අර ගත්තා...

" කොහෙද රිංගන්න හදන්නේ ආ....සාලෙට වෙල ඕක බීලා කාමරේට යන්න......."

අයියා සැර කරද්දි මල්ලි එහා පුටුවකින් වාඩි වෙලා කකුල් කරට ගත්තා.....මල්ලිත් අයියා එක්ක එකට එක.... මුන් දෙන්නා නම් .....දෙකම එකයි.....

" හෙට කීයටද ෆ්ලයිට් එක අයියේ....??"

" හතට...."

" ම්ම්.....හයට වත් යන්න ඕනේ නේ..... "

" ම්ම්......."

" මහන්සි නැද්ද අනේ..... හවස එකකට දාගන්න බැරිද...."

" බෑ සුදු මැණික ....දුර ඒව තීන්නේ..... මට හෙට එක ගියාම අනිද්දා රෑ වෙද්දි එන්න පුලුවන් නේ....."

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now