Flying 38✈

2.3K 425 57
                                    

🛣️🛣️🛣️🛣️🛣️🛣️🛣️

ආදණීය නිවහනට සමු දීපු අපි දෙන්නා ප්‍රධාන පාර දිගේ හුනාන් ටවුන් එකට යන්න පිටත් උනා..... කොච්චර කොහොම උනත් මගේ හිතට හරි නෑ... අපේ ගෙදර බිමට ටයිල් අල්ලලා තිබ්බත් වහලෙ සිවිලිම ගහල තිබ්බෙ සාලෙට විතරයි ..... අංග සම්පූර්ණ නෑ කිසි දෙයක්....හිතාගන්න බෑ අයියව කොහොම එක්කන් යන්නද කියල ....එක අතකට මගේ Appartement එක ගෙදරට වඩා පිළිවලයි.....

" අයියේ.......!!"

සිංදුවක් මුමුණන ගමන් වාහනේ ඩ්‍රයිව් කරන එයා දිහා මන් බලන් ඉදියා.....

" ම්ම්........."

" මගෙ හිතට හරි නෑ අයියේ......"

" ඇයි බබා ඒ......."

" ඔයාව මම කොහොමද අයියේ ඒ ගෙදරට එක්කන් යන්නේ.... අපේ ගෙදර අංගසම්පූර්ණ නැහැ......අනික මල්ලි ආවම ප්‍රශ්න ඇති වෙයි අයියේ....ඔයාට නිදහසේ ඉන්න බැරි වෙයි.... "

" ඉතිං දෙයියනේ මම යන්නේ ගෙදර බලන්නද ආ...... දැන් ඕක දවස් කීයක් කියවනව ඔයා ......??"

" ඉතිං අයියේ මගේ හිතටනේ හරි නැත්තේ..... "

" මොනාද ඔච්චර හිතන්නේ ආ..... මම ගේ බලලා ගෙදර සල්ලි වලට යන්න ගමනක්ද මේ......මම යන්නේ තමුසෙ එක්ක දවසක් දෙකක් ගිහින් නතර වෙලා ඉදල එන්න මිසක් ගේ බලන්න නෙමෙයිනේ ඕයි....හැමදාම මගුලක් අල්ලන් හිත හිත වදවෙනව....මොකද්ද බබා ඕකෙ තේරුම....දැන් අපේ ගෙදර යද්දිත් තමුසෙ මොකද්ද කියපු කතාව...අපේ ගෙදරින් පිළිගනීද ඇහුවා...ඇයි තමුසෙයි මායි අගහරු වලින්ද ආවෙ ගෙදරින් අපිව පන්නන්න තරම්......."

" එහෙම දෙයක් නෙමෙයි අයියේ මන් කියන්නේ......!!"

" එහෙනම් කොහොම දෙයක්ද ආ..."

" කෑ ගහන්නෙපා අයියේ....ඔයා එක්ක කතා කරල කිසි ප්‍රශ්නයක් විසදගන්න බෑනේ.....හැම එකටම කෑ ගහගත්ත ගමන්......."

මම ජනෙලෙන් අහක බලන් මිනිණුවා...

" කෑ ගැහෙනැද්ද බන් මගේ හිතේ තුන් හිතක වත් නැති දේවල් උඹ මගේ එකවුන්ට් එකට දාද්දි......."

" ඉතිං මම ඒවා ඔයා කියපුව කියල කිව්වෙ නෑනේ......මම කියන එක තේරුම් ගන්නකො බොරුවට කෑ ගහන්නැතුව......"

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now