Flying 32✈

2.5K 412 52
                                    

" Merry Christmas  අයියේ........"

එයා සීතල නත්තලේ පළවෙනි සුබ පැතුම මට දෙද්දි මමත් එයාව වැළදගත්තා..... එයා මගේ තොල් වලට පුංචි  butterfly kiss එකක් දුන්නා.....

" Merry christmas මමී......."

එයා ගිහින් එයාගෙ අම්මිව පපාව අයියව අක්කව තව නෑදෑයො  හැමෝවම හග් කරල නත්තලට සුභ පැතුවා.....

" Merry christmas සුදු බබා..... "

එයාගෙ මමීත් ඇවිත් මාව හග් කරල කම්මුල් කිස් කළා.....

" Merrry christmas  අම්මේ......"

එයාගෙ පව්ලෙ හැමෝම වෙනසක් නැතුව මාව හග් කළා..... එයාලා නම් හරිම ශෝක් , හැපි ෆැමිලි එකක්......

තව විනාඩි ගානක් එතන ඉදපු අපි ආයෙ එන්න ආවා..... වාහනේට නැග්ගා විතරයි මට තඩී ඈනුමක් යද්දි එයා මගේ තොල් අල්ලලා මිරිකුවා....

" ඌයිහ්හ් ......අනේ......"

"  අද ලස්සන......."

" මමද.......??"

" නැත්තන්........ පිස්සු හැදෙන්නේ මට තමයි ඉතිං ......."

එයා කියව කියවම වාහනේ පාරට දැම්මා.........පල්ලිය ඉවර උන නිසා හැමෝම පාරට බැහැලා ඉද්දි ප්‍රධාන පාරට යන්නම විනාඩි දහයක් විතර ගියා.......

" බබී එන්න බඩ්ඩක් පෙන්වන්න....."

එයා මහ පාරෙ අයිනෙ වාහනේ නවත්තලා මාවත් අඩගහන් එතන හදල තිබ්බ ලස්සන ගව මඩුවක් ළගට එක්ක ගියා.....

පිදුරි ගොඩක හරිම තාත්වික විදියට ඒක හදල තිබ්බා.....චූටි ජේසු බිලින්දයි මරියාතුමියයි ම්ම්........ ජේසු තාත්තයි.... දේවදූතයොත් ඉන්නව..... හරි ලස්සනට රූප හදලා ලස්සනට බල්බ් දාලා.... හරියට වෙසක් එකට ගහන තොරණ් වගේ......ඉස්සර හුනාන් ඉද්දි වෙසක් දා රෑට පන්සල් ගිහින් එද්දි මග දිගටම ගෙවල් වල තියෙන වෙසක් කූඩු , පහන් වැටවල් , බකට් ගස් දිහා බල බල තමයි අපි එන්නේ......පස්සෙ ගෙදර ගිහින් හය හත වෙද්දිම පාට පාට බකට් එල්ලලා මිදුලෙ තැනින් තැන ගස් වල එල්ලා හැඩ බලනවා...පාර දිගට ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා කලින් දවසෙ හදාගත්ත කෙහෙල් බඩ වල පහන් පත්තු කරනව....ඔක්කොම ඉවර වෙලා මිදුල මැදට වෙලා ඉද්දි සීතල වෙසක් හුළග ගලන් යද්දි තමයි හිතට නියම නිස්කලංක භාවය දැනෙන්නේ....තව රෑ අට නවය වෙද්දි හැමෝමත් එක්කම ලෑස්ති වෙලා ලොකු කල්ලියක් එක්ක දන්සල් කන්න යනව.....ඒක තමයි ශෝක්ම..... එක දන්සල දෙපාරක් වැදපු අවස්ථාත් නැතුවාම නොවේ..... දන්සල් කාලා දහයට දොළහට ටවුමට ගියාම පාට පාට ලයිට් පත්තු කරපු තොරණ් සෑහෙන්න බලතෑයි.....කැරකෙන පහන් කූඩු.....

Fly to air ✈️ [Zhanyi Complete ]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα