Flying 21

2.9K 472 80
                                    

" සුදු මැණික.....නැගිටින්න අපි ගෙදර ආවා......."

බීච් එකේ ඉදන් කා එකට නැගපු මට වැඩි වෙලාවක් යන්නත් කලින්ම නින්ද යද්දි අපි ගෙදරටම ඇවිල්ලා තිබ්බා....

" හ්ම්ම්........."

මම ඈනුමක් ඇරල හිරි යවල සීට් එකේ කෙලින් උනා....

" මම මගදි රයිස් පාර්සලයක් ගත්තා.....දැන් උයන්න බෑනේ... ඒක කාලා නිදාගන්න......"

එයා appartement එකේ අයිනක් බලලා වාහනේ නවත්ත තියෙද්දි මට තේරුණා එයා මාවදාලා යනව කියල .....

" ඔයා යනවද අයියේ......."

මම එයාගෙ අත් ගොබේ බදාගෙන ඔලුව හේත්තු කරගද්දි එයා මගේ ඔලුව අතගෑවා.....

" හ්ම්ම්..... මම යන්නම් නේ සුදු මැණික ........"

" අනේ ඉන්නකෝ......"

" ඇයී......."

" ඉන්නකෝ......"

මම පපී ඇස් වලින් බලාගෙන කටත් අමුතු කරන් කියද්දි එයා ඔලුව වැනුවා.....

" හාද......ඉන්නවද......."

" හ්ම්න්......."

" එහෙනම් කා එක පාර්ක් එකට දාන්න....."

" හ්ම්ම්...... බටර් ගාන්න නම් කියාපු මූණ ඈ......"

එයා මගේ නිකටෙන් අල්ලලා කොනිත්තද්දි මන් හිනා උනා...කා එකත් පාර්ක් කරල බඩු ටිකත් අරන් උඩට ආවම එයා වොශ් රූම් එකට ගිය නිසා මම එයාට කඩෙන් ගෙනාව රයිස් එක බෙදලා තියලා එයාට කන්න බිත්තරයක් බදින්න ගත්තා.... එයා සාමාන්‍යයෙන් මස් මාලු නැතුව කෑම කන්න අකමැති ටයිප් එකේ එක්කෙනෙක්......

" ඔයා මටද ඔම්ලට් දැම්මේ සුදු මැණික ....."

" හ්ම්ම්..... කන්න..... "

එයාට බත් එකත් බෙදල දීලා වතුර කෝප්පෙකුත් ළං කරපු මම වොශ් රූම් ගිහින් මූණ අතපය හෝදගෙන සැහැල්ලු ඇදුමක් දාන් සාලෙට ආවා....

" මට කෑම බෙදල දීලා එයා මිසින්.... කන්නැද්ද ඔයා ......"

" කන්න කලින් පහන තියන්න ඕනේ....ඔයා කන්න....කාලා ඇදුම් චේන්ජ් කරගන්න ඇද උඩ තියල ඇති ....."

එයා ආයෙත් ටිවී එකට ඇස් දාගද්දි මම සාලෙ වීදුරු දොරවල් තුනම ඇරලා බැල්කනි එකට ගියා.... සීතල නිසා මේ Appartement එකේ බැල්කනි එකට යනකොට ඝනකම වීදුරු දොරවල් තුනක්ම දාලා තිබ්බා....සීත කාලෙට ඒක හුගක් වටිනව.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now