Flying 11✈

3.4K 509 110
                                    

🌞 🌞 🌞🌞🌞🌞🌞🌞🌞

ඊයෙ රෑ කැප්ටන්ට බැන බැන නිදාගත්ත මම උදේ අටහමාර වෙද්දි නැගිටල මොස්කව් යන්න මගේ රෙදි ඔක්කොම ලෑස්ති කරා.....අද කෙලින්ම ලෑන්ඩ් කරන්නේ රුසියාවෙ මොස්කව් වලට....ඊට පස්සෙ shanghai ...ඇති යාන්තම්.....ඊට පස්සෙ මට සතියක්ම නිවාඩු.... මොකද මම දවස් අටක් විතර වැඩ කරල තියෙනව අනිද්දා වෙද්දි...... appartement එකේ බඩුත් ඉවරයි ..... පෝර්ට් එකේ ඉදන් යද්දි සුපර් මාකට් එකටත් ගිහින් යන්න ඕනේ...... සතියක්ම නිවාඩු උනාට මට අම්මලව බලන්න යන්න නම් වෙන්නෙ නෑ..... air hostess කෙනෙක්ට තියෙන්න ඕනේ නම්‍යශීලී කාලසටහනක්..... සතියක්ම නිවාඩු කියල කිව්වට කොයි වෙලේ ටුවර් එකක් වැටෙයිද කියල කියන්න බෑ.....එහෙම උනොත් අනිවාරෙන් යන්න ඕනේ...

ඔක්කොම ඇදුම් ටික අඩුක් කරගත්ත මම කැප්ටන් දුන්න තඩි චොක්ලට් සිලින්න්ඩරේ අතට අරගත්තා......

ඒක දැක්කම මගේ හිතට එන මූලිකම දේ එයා මට ආදරෙයි ද කියන එක...

මම ඒ බන්ඩල් එකේ අලවල තිබ්බ රතු පාට ටේප් පටිය කැඩුවා.....ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් වගේ තිබ්බ චොක්ලට් බාර්ස් හයක් එතන තිබ්බා..... ඒ ඔක්කොම බෑග් එක ඇතුළට ඔබල මම එකක් අතට ගත්තා....

මම චොක්ලට් වලට ඒ හැටි පෙරේත නම් නෑ.....ඒත් එයා දුන්න නිසා කන්න ආසයි වගේ.....

මම ඒකෙ කහ පාට පෙට්ටිය කඩල චොකලට් කෑල්ලක් කඩල කටට දාගත්තා.....කොහොම උනත් චොක්ලට් රසම දිය උනාම....මෙක රැයක් බෑග් එකේ තිබ්බ නිසා ගල් වෙලා සීතලට... ඒත් ඒක රසයි..... සමහර විට මේව එයාගෙ choices වෙන්නැති...එයා කෑම expert කෙනෙක්නේ.....

මම බාගෙට කාපු චොක්ලට් එක ආයෙත් බෑග් එක ඇතුළට ඔබල අයියා එවල තිබ්බ සැන්ඩ්විච් එකත් කාලා ‍යුනිෆෝම් එකට මාරු උනා.....

ඔක්කොමත් හරි ....මම කොහොමද එයාගෙ මූණ බලාගෙන රිපෝට් එක අතට දෙන්නේ.....ආයිෂ්ෂ්ෂ්ෂ් ........ මටමයි වෙන්නේ......

ලැගේජ් එකත් අරන් ගිහින් ෆ්ලයිට් එකට දාපු මම මගේ කොළේ ෆිල් කරන්න ගත්තා... ඒකට ඩීටේල්ස් හොය හොය ෆ්ලයිට් එක ඇතුළෙ කැරකෙද්දි මට අර ශීට් එක මතක් උන....

ඒක මතක් උනා විතරයි මාව ක්ෂණිකව රතු උනා....කැප්ටන් හැදුවෙ එවෙලෙ මාව කිස් කරන්නමයි.... අපෝ...... ලැජ්ජාව බාල්දියෙන් එකයි.....එහෙම උනා නන්.....සැක්.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now