හෙට ඉදන් අපේ ජිවිතේ අලුත් පරිච්ඡේදයක් පෙරලෙනව.... එයාගෙ නෑනාට බබා ලැබෙන්න ළග නිසා අම්මල ඔක්කොම කැනඩා යනව.... ඉතිං අපි හුනාන්  යන එකේ තෙරුමක් නැති නිසා එයයි මමයි ටික කාලෙකට ඔස්ට්‍රේලියා යන්න තීරණය කළේ එයා එහෙ air line එකකට ජොයින් වෙලා ඉද්දි...එයාගෙ හීනෙ උනේ එමරේට්ස් යන්නත් එයා කලින් පාර චාන්ස් එක රිජෙක්ට් කරපු නිසා ආයෙත් මුල ඉදන් ඇප්ලයි කරන්න වෙලා තිබ්බා....

මමත් ජොබ් එකෙන් අයින් උනේ එයාගෙ උවමනාවට....මම ඉතුරු කරපු සල්ලි ඔක්කොම ගෙදර වියදම් වලට යවපු මම පහළ තේ වතු ඔක්කොම නඩත්තු කරල ගත්තෙ අමතර ආදායමක් විදියට....අපෙ මල්ලිත් හොද මූල්‍ය ආයතනයක ඉහළ පෙලේ රස්සාවක්  කරගෙන යද්දි අපි දෙන්නට පවුලෙ බර සමසේ බෙදිලා ගිය නිසා කිසිම ගානක් උනේ නෑ.....

කොහොම උනත් අයියගෙ ප්ලෑන් එක පොඩි මල්ලිවත්  කැනඩා යවල scholarship එකක් අරන් දෙන එක...එයා මන් ගැන විතරක් නෙමේ මගේ පවුල ගැනත් හොයල බැලුවා ....කොහොම උනත් දැන් අපි සම්පූර්ණයි....ඒත් එයාට දරුවෙක් දෙන්න කවදාවත් මට බෑ......

" ආයිශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්ස්....... හු%%### .......   හු%$#%#%#&#......"

බාතෲම් එක පැත්තෙන් කෑ ගැහිලි සද්දයක් එක්ක අමු තිත්ත කුණුහරප වැලක් ඇහෙද්දි මම බය වෙගෙනම ඒ පැත්තට දුවන් ගියෙ එයාට මේ එක පාරටම මොනා උනාද කියල හිත හිත....

" අයියේ..... ඔයාට මොකද උනේ....අනේ....."

දොර ලොක් කරල නැති වෙද්දි මම දොර ඇරගෙන ඇතුළට ගියා....

ඇතුළට ගිය මට හිනාව නවත්තගන්න බැරි වෙද්දි එයා මුළු කොණ්ඩෙම රෝස පාට සායම්.... මට එයාව පෙනුනේ හරියට රෝස ඌරෙක් වගේ....

" හපොයි......!!"

මම කටට අත තියාගෙන හිනාවෙද්දි  අඩියක් පොලේ හප්පලා යන්න ගිය එයාව ලිස්සල ගිහින් පස්ස බිම ඇනුනා....මට හිනාවෙන්න කදුළු මදි වෙද්දි මම දුවගෙන එයා ළගට ගියා..

" මොන හු##%......."

" ඒයි....ඔයා හොදින්ද ....කෝ කෝ...."

තලපතා වගේ භූමි නම්ස්කාරය කරගෙන ඉන්න එයාගෙ කිහිල්ල යටින් අත දාලා මම ඉස්සුවෙ හිනාව පුපුරගන්න බැරුව බොහොම අමාරුවෙන්....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now