කෑවද.....??

- කන්න හදන්නේ දැන් .....සුදු මැණිකත් කන්න......

හ්න්ම්.....

- ඔක්කොම කන්න කියල දාලා තීන්නේ.....ඒ කියන්නේ මාළු කටුත් එක්ක කන්න කියලද.....??

මැට්ටා.... ඔකෙ මාළු නෑ...හුහ් ඔක්කොම කන්න කිව්වත් වැරදී....

- හරි හරි ....ජෝක් එකක් කළේ.. මං ඔක්කොම කන්නම්කො...බබත් දැන් මොනාහරි කන්න......

හ්ම්.....

- මල් බලන්න ගියාද....??

ම්හ්....කාලා ඉවර වෙලා යනව...

- ජපානේ තමයි ලස්සනම මල් තීන්නේ... සල්ලි ගැන බලන්නැතුව හිතට වදින පොච්චි ටික උස්සන් එන්න.... සල්ලි මදී නම් කියන්න මම කාඩ් එකට දාන්නම්....

එපා අයියේ... මේ ඇති ...

- හ්ම් හ්න්ම්..............................."

එයා එක්ක කතා කරල ඉවර උනාට පස්සෙ මම පොඩ්ඩක් නිදාගත්තා.... එයා එතනින් පස්සෙ අර සිද්ධිය ගැන කිසිම දෙයක් නොකියද්දි මොනව නැතත් මාව චීනෙට ආව ගමන්ම අතටම අල්ලගනී කියල නම් ලොකු විශ්වාසයක් තිබ්බා.....

.
.
.
✈️

කිසිම අව්ලක් නැතුව හිතේ තිබ්බ ප්‍රශ්නත් විසදගෙන ජපන් ගමන නිමා කරලා මම ආයෙත් චීනෙට ආවා...එයා එන්න තව දවස් දෙක තුනක් තියෙද්දි පාන්දර ගෙදරට ආව මම පොඩි ඇලට් එකක් දාලා ලෑස්ති උනේ ඔෆිසර් ලියැන්ග්ව මීට් වෙන්න යන්න ඕනෙ නිසා....කොහොමහරි ඉක්මනට මේ වැඩේ ඉවරයක් කරගෙන ඒයාව ශේප් එකේ වාඩි කරවල ඔළුවත් අතගාලා අතට කොෆී කෝප්පයකුත් දීලා ශේප් එකේ කියල දාන්න ඕනේ දුවන්න බලාගෙන.... මමත් මහ මෝඩයෙක්නේ...එයාට කියන්න තිබ්බෙ මුලින්ම....බොරුවට බය උනේ....

දැන් ඉඉතිං බොරුවට බය උනා කිව්වට මොකෝ ඔෆිසර් ලියැන්ග් හිත හැදුවෙ නැත්තන් තවමත් වෙව්ලනව....

" තමුසෙ කොහෙද යන්නේ......"

" අර වැඩේ ක්ලෝස්...."

" මොකක්....සිරාවටම ලොකූ....??"

" හ්ම්..... "

" අරයා දන්නවද.....??"

" කවුද.....අයියද.....??"

" හ්ම්ම්.....??"

" තවම නෑ......"

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now