" ම්ම්....මම බිව්වා.......බබා ඕක ටිකක් ලොකුවට කෑලි කපන්න.....බොයිල් කරද්දි කපනව වගේ....කැරට් ලියන්න එපා...."

" හ්ම්........"

මම අල ටික සුද්ද කරද්දි එයා ඊයෙ ගෙනාව pork nuckle එක සෝදලා අරන් ලුණු , ගම්මිරිස් , මිරිස් දාලා ඒක හොදට අතගෑවා....( කෑලි කපන්නෑ.....)

පස්සෙ ඒක තෙල් කඩදාසියක් තියපු අවන් තැටියක තියලා මම සුද්ද කරල කපල දුන්න අලයි කැරටුයි ඒක වටේට තිබ්බා....

" දෙහි නැද්ද ගෙදර ....."

" ෆ්‍රිජ් එකේ ඇති ......"

පෙති කපපු දෙහි බෑයවල් කිහිපයකුත් වටේට තියපු එයා එළවළු වලටත් ලුණු , ගම්මිරිස් ඉහගත්තා.....

මම එයාගෙ ඉන වටේ අත් දෙක දාගෙන එයාගෙ පිටට හේත්තු උනා.....මම උයද්දි එයා මගේ පිටට හේත්තු වෙලා උරහිසට  නිකට තියාගෙන මම උයන හැටි බලන් ඉන්නව...ඒත් මට ඒ වගේ බලන් ඉන්න බෑනේ...එයාගෙ උරහිසට නිකට තියන්න මම අඩි දහයක් වත් ඉස්සෙන්න ඕනේ....

එයා එහෙට යද්දි එයාගෙ ඇගේ එල්ලිලා එහෙට ගිය මම එයා මෙහෙට එද්දි එයාගෙ ඇගේ එල්ලිලා මෙහට ආවා....එයාගෙ පිට සෝයි අප්පා...චීස් කුට්ටි වගේ... ආර්ම් කට් එකෙන් බාගයක්ම එළියේ....මම සැරින් සැරේ ඒ චීස් කුට්ටි වලට හාදු තිය තිය දත් වලින් හැපුවා....

බැරිම තැන මම එයාගෙ අතක් අස්සෙන් ඔළුව දැම්මා.... එයා අර pork nuckle එක පැත්තකින් තියලා දිසියක් අරන් garlic paste එකෙන් හැදි දෙකක් , Dijon mosturd හැන්දක් දාලා ඒකට මී පැණි හැන්දකුයි දාලා කලවම් කළා.....

" එහාට පලයන්කෝ....."

එයා මාව තල්ලු කළත් මම ආයෙත් එයාගෙ ඇගේ ඇලුනා....

" මොකද්ද අනේ.....මට පේන්නෑ නේ හුම්......"

ඒ පේස්ට් එකටම තව White wine vinager හැදි දෙකක් වගේ මික්ස් කරපු එයා ඒක හොදට කලවම් කරලා බ්‍රශ් එකකින් අර pork nuckle එක උඩ වටේට ගෑවා.....

" ඇත්තමයි මං උඹට ගහනව හොදේ....එහාට පලයන් ......"

" අනෙහ් ඉතිං ......."

" අනේ ඉතිං කියන්නේ....බූවල්ලා වගේ එල්ලිලා ඉද්දි මම කොහොමද මේක කරන්නේ ආ......"

Fly to air ✈️ [Zhanyi Complete ]Donde viven las historias. Descúbrelo ahora