මගේ කොණ්ඩෙ හදපු එයා අවසානෙදි මගේ නළලට ගැඹුරු හාදුවක් තිබ්බා....

" පරිස්සමෙන් ගිහින් එන්න... "

මගේ කම්මුල් වක තිබ්බ එයාගෙ දෑත් දෝතට ගත්ත මම ඒ රළු අල්ලට හාදු තිබ්බා.....

" කෑම හදල තියෙන්නේ.....රෑට කාලා නිදාගන්න.....උදේට මොනාහරි පොඩි දෙයක් හදාගන්න.....ඒ බැරි නම් ඕඩර් එකක් දාගන්න......."

" ම්ම්ම්.....ඔයා හිතන් ඉන්නේ හස්බන්ඩ්ට උයාගන්න වත් බෑ කියලද.....ම්ම්......."

" පුලුවන් නම් ලොකු දෙයක් හැබැයි ..... "

මම හිනා උනා.....එයා මගේ කම්මුලක් මිරිකලා මගේ නළලට තොල් තද කළා.....

" කිකිළියො එක්ක සිරික්කිය පාන්න ගිහින් අහුවෙන්නෑ ආ......."

" මේ පාර ගිහින් brazil කැල්ලක් ටෝක් කරගන්නෝනේ......"

මම උවමනාවෙන්ම කණ්ණාඩි මෙසෙ උඩ තිබ්බ හැම පර්ෆියුම් එකම නෑවා...

" brazil කෑල්ලක් ටෝක් කරන් උඹ වරෙන්කො චීනෙට....."

" එනෝ තමයි ......"

මම ලැගේක් එකේ ශිප් එක වහලා ඔක්කොම ලෑස්ති කරන් ID එකයි පෝන් එකයි සාක්කුවට දාගෙන ඇදේ වාඩිගෙන ඉදපු එයා ළගට ගිහින් එයාගෙ උකුළෙන් වාඩිවෙලා එයාගෙ මූණම දෝතට ගත්තා....

" පරිස්සමෙන් ඉන්න හබී..... "

" හ්ම්ම්...... "

එයා එහෙන්මම මගේ තොල් අල්ලගද්දි විනාඩි ගානක දිග හාදුවක් රස වින්දට පස්සෙ අකමැත්තෙන් උනත් මම එයාගෙ උකුළෙන් නැගිටල දණ ගහල එයාට වැන්දා......

" ජේසු පිහිටයි.....බුදු සරණයි...... "

එයා මගේ ඔළුව අතගාද්දි මම නැගිටලා ආයෙත් පාරක් එයාගෙ බඩ වටේ අත යවල එයාව බදාගත්තා.... ලෝබයි මේ උණුහුම එක දවසකට හරි ඈත් කරන්න .....

බුදු පහනටත් වැදපු මම නිදන් ඉන්න  මල්ලි ළගට ගිහින් ඔළුව අතගාලා නළල ඉඹලා අයියා එක්ක පහළට බැස්සා....එයා මාව air port එකෙන් ඩ්‍රොප් කරන්න බාරගත්තා....

Appartement එකේ ඉදන් එයා පෝර්ට් එකට යනකන්ම අපේ අත් එකට පටලැවිලා තියෙද්දි මම සැරෙන් සැරේම එයාගෙ අත සිපගත්තා.....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now