එයා මට බෙදල දුන්න බත් එකෙන් භාගෙටත් අඩු පංගුවක් මම බොහොම අමාරුවෙන් ගිල්ලා.... තෙල් දාලා හදන කෑම වර්ග නිසා බඩ පිරෙනව ඉක්මනට ..... ඒ මදිවට එයා එයාගෙ පිගානෙන් භාගයක්ම මගේ බඩට කැව්වා....වෙලාවකට මාලු කෑලි තව වෙලාවකට මස් කෑලි සොසේජස් කෑලි මුද්දරස්පලම් කෑලි බැදපු බිත්තර කෑලි කජු කෑලි එයාගෙ පිගානෙ තිබ්බ බාගෙට බාගයක්ම මගේ බඩේ.... සුදු මැණික මෙන්න්....සුදු බබා කට අරින්න.....චූටි මැණික මේක කන්න...රසද.....එයාගෙ වචන වලින් මගේ කන් දෙක පිරිලා..

හැමෝම හිනාවෙවී සතුටින් කෑම ගත්තා.... එයා තමයි අපේ පවුලටම ඉදිය අන්දරේ....... පාඩුවේ ඉන්න අක්කට මොනාම හරි කියල අවුස්සගෙන රණ්ඩු උනා.... වෙලාවකට අපි හැමෝවම හිනැස්සුවා... එයාලා හැමෝම ඉන්නේ හරිම සතුටින්.....

" ම්ම්.....කට අරින්න...."

" අනේ එපා....කන්න බෑ......"

" කෝ සුදු මැණික ....ඔය කාලා ඉවරද....."

"කන්න බෑ.....බඩ පිරිලා ඉන්නේ....."

" හ්ම්ම්....... එහෙනම් අතත් හෝදගෙන අයියට කොෆී එකකුත් හදන් එන්නකො....."

" දැන් කොෆී බොන්න එපා.....කොෆිත් බොනව අයිස් ක්‍රීම්නුත් කනව.....ඊට පස්සෙ ආයෙ කොෆී බොනව..!! . ඒ නිසා කන දෙයක් කාලා පස්සෙ කොෆි කෝප්පේ බොන්න අයියේ....ඔය විදියට කොෆි බීලා ඔයාට හැදෙන්නේ වෙනම ලෙඩක්......"

" හාකො........."

එයා කුරෝලු කරන් කන්න ගද්දි මම කිචන් එකට ගිහින් අත හෝදගෙන කොෆී කෝප්පෙකුත් හදාගෙනම ආවා....නැත්තන් අද දවසෙම මූණ නිකන් කජු ලෙල්ල වගේ......

" ම්ම්........"

" වාව්.......සුදු මැණික මට කොෆී එකක් හැදුවද........"

" හ්ම්ම්...... "

" එතකොට දැන් ටිකකට කලින් දුන්න දේශනේ.......ඔයා මම වගේම ඒක මේ කනෙන් අහල මේ කනෙන් පිට කරාද සුදු මැණික ......."

" අනෙ  මේ....... ඔයාට නම් විහිළු... ගිහින් sugar check කරල බලනවකෝ.......එතකොටත් මේ ඇහෙන් බලලා අනිත් ඇහෙන් අහක බලාගන්න අයියේ......."

මම රවල මගේ ග්ලාස් එකේ ඉතුරු උන වයින් වීදුරුව තොල ගාන්න ගත්තා....

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now