" මම තව මෙතන ඉදියොත් කියන්න ඕන්නැති ඒවත් මට කියවෙනව.....ඒ නිසා මට යන්න දීපන්......."

" අ.....නේ.... අයියේ......"

" උඹට ඔච්චරටම මොළයක් නැද්ද බන්..... ඔහොම වාහන මැද්දට පනිනවද ආ......ඉස්සෙල්ලා ඒක කියල හිටහන්...."

" සමාවෙන්න ඉතිං ......."

" මට සමාවෙන්න කියල හරියනවද ආ..... හදිසියේ වත් පොඩි මාමා නාවා නම් තොට අද මොකද්ද වෙන්නේ.....මාලෙ බල්ලට ගියාවේ...එ හු##% ගැන නෙමේ මන් කතා කරන්නේ.... තමුසෙට කරදරයක් උනා නම්.....මොකද වෙන්නේ....උන් ළග pistol තිබ්බ නම්..... මොළයක් නැද්ද...... ඔය ඔලුව තීන්නේ වැඩක් ගන්න මිසක් වෙන දේකට නෙමේ.....රෙද්ද....."

එයා සුද්ද භාෂාවෙන් ජාතියම අමතන ගමන් මට හොද දේශනාවක් දුන්නා....මම එයාගෙ පිටට හේත්තු වෙලා සද්ද නොකර ඔක්කොම අහන් ඉදියා.... මගේ ඇස් වලින් එයා බනිද්දි කදුලු වැල් පිටින් කඩන් වැටෙනව... එයා බනිද්දි පපුව හුගක් රිදෙනවා ......

" මලක් වගේ යකෝ උඹව බලාගන්නේ......පාරක ගියත් අතින් අල්ලන් එක්කන් යන්නේ උඹ මගේ කියන හැගීමට මිසක් උඹ පිරිමියෙක්ය අරකය මෙකය කියල නෙමේ.....ඒකට මොකද උඹේ කතාව...පණ්ඩිත වැඩ කරන්න නන් අම්මෝ හෙන සාතන්....මොළේ කල්පනා කරල වැඩක් කරන්න බෑ....... "

එයා පාරෙ ඇවිදිද්දිත් මගේ අතින් තද කරල අල්ලගෙන යන්නේ....දවසක් මම ඒකට එයාට හිනා උනා....ඇයි ඉතිං මම කොල්ලෙක්නේ ....ඒ නිසා.... එයා දැන් ඒකත් අල්ලගෙන මට බනිනව......

" බනින්නෙපා අයියේ......."

" බනින්නැතුව මම තොට ගහන්නද....ආ..... ඊළග දවසෙත් උඹ කරන්නේ ඕකම නේද.... උඹව අද අනේ පුතේ අරකයි මේකයි කියල මම අතගෑව නන් තෝ ඊළග දවසෙත් මොකෙක් හරි හු##%ක් පස්සෙ පාරට බහිනව.... හොයාගනින් එහෙම උකුළෙ දාන් නළවන්න පුලුවන් එකෙක්ව.......මගෙන් නම් ඕව බලාපොරොත්තු වෙන්නෙපා... "

මගේ පැත්තට හැරුණු එයා මගේ වැලමිට උඩින් තදට අල්ලගත්තා.... වැලමිට ගැලවෙන සයිස් එකට මාව හොලවපු එයා බැනගෙන යද්දි මගේ ඇස් වලින් කදුලු පහළට රීටුවා....

" මොන ල##% අස්සෙ රිංගනවද මන් දන්නෑ.....ගේ ඇතුළට වෙලා ඉන්න බෑ....කියහන් දැන් ...ඌ උඹේ බෙල්ලට පිහියක් තියල ඇදල ඇරියා.....උඹේ අම්මට මම මොකද කියන්නෙ.....කියපන් ඉතිං ...උඹට කරදරයක් උනා නම් ඒ මිනිස්සුන්ට මම මොන හු##@ද කියන්නේ...... උඹව ගෙදරට ගෙනල්ල ඇහේ දාන් පරිස්සම් කරල උඹ විහින් පාරට පැනල නහිනවා........"

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now