" Good morning yibo sir....."

" Good morning කෙල්ලනේ..... "

ඔය කෙල්ලො ටික හැමදාම මාත් එක්ක හුරතල් වෙන්න එනව....මටත් මොකෝ ඉතිං මාත් ඔහේ ඉන්නව....හැබැයි මම මේ ෆ්ලයිට් එකෙන් වැඩක් බාරදෙන්නේ මගේ යාලුව yiziටයි tyara කෙල්ලටයි විතරයි .....එයාලා නෝමල් චරිත...මුන් ටික ටිකක් ලද බොළදයි....

" යීබෝ සර් අද උදෙන්ම ඇවිත්......."

කෙල්ලො තුන් දෙනෙක් අනික් එකාට ඇගිල්ලෙන් ඇන ඇන දගල දගල ඔය එන්නේ මාත් එක්ක කතාවට....ඔය නිසා තමයි මම මුන්ට බොළදයි කිව්වේ....

මම පැසෙන්ජර් ශීට් එකක වාඩි වෙලා එක කකුලක් උඩ අනික් කකුල නවාගෙන වාර්තාව ලියන ගමන් ඉදියේ.....

" උදෙන්.....මේ මොන උදෙන්ද හලෝ දැන් වෙලාව දහයත් පහු නේ....."

" සර්ට ලබන සතියෙ නිවාඩුද......??"

" ම්ම්....... නිවාඩු වෙයි කියල හිතනව.....ඇයි ......??"

" නිකන් ඉතිං ඇහුවේ....අපෝ අපිට සර් එක්ක කතා කරන්නත් තහනම් ද....."

" මම එහෙම එකක් කිව්වෙ නෑනේහ්...."

මම ලාවට කට කොනින් හිනාවෙලා කොළේ පුරවන්න ගත්තා...... අද ස්ටාෆ් එක තිහයි...... පැසෙන්ජර්ස්ලා 345 යි....ඔක්කොම...........

" සර් ....සර් ඔච්චර ලස්සනට ඉන්නේ මොනවද සර් යූස් කරන ක්‍රීම් එක....."

" ඔහෝ......මම ලස්සනයි ද......"

උන් එක එකාට ගගහා හිනාවෙනව.... ඇයි මුන් මේම.....අපෝ කෙල්ලෙක් උනාම බොළද වෙන්න ඕනේ කොල්ලා ඉස්සර විතරයි ......නැත්තන් මේ සමාජෙ ජීවත් වෙන්න බෑ ......

" සර් තමයි අපි දැකපු ලස්සනම male air manager ....."

" තැන්ක් යු ඉතිං ........"

මම ආයෙත් කොළේට මූණ ඔබාගත්තා....තිහයි තුන්සිය හතලිස් පහයි.....ම්ම් තිහ කියද්දි බිංදුවයි.....පහයි බින්දුවයි පහයි....

" සර් අනේ කියන්නකෝ මොනාද සර් යූස් කරන්නේ......."

" එහෙමට කියල දෙයක් යූස් කරන්නෑ කෙල්ලනේ.... මේක ස්භාවික ලස්සනක්...හුම්ම්....."

පහයි බිංදුවයි පහයි.... එතකොට අතන හතයි.....තුනයි......ම්ම්

" සර්ට කෙල්ලෙක් එහෙම ඇති නේද......"

Fly to air ✈️ [Zhanyi Complete ]Onde histórias criam vida. Descubra agora