Knock 💥 ............

මම තට්ටු කලේ කවුද කියල නොදන්නව උනත් හිස් බැල්මකින් දොර ඇරියා......

" බෝබෝ මේ........බෝබෝ ඔයාට ප්‍රශ්නයක් ද......."

මගේ මූණ දැක්කම අයියට කියන්න ආපු එකත් අමතක උනාද කොහෙද ....

" ම්හ්ම්......ඔලුව පොඩ්ඩක් රිදෙනවා ......"

" පෙනඩෝල් පෙති දෙකක් බිව්වෙ නැද්ද....."

" බොන්න ඕනේ....මම නිදාගත්තා දැන් නැගිට්ටේ.....ඇයි අයියා ආවෙ......."

" ඔයා තාම මුකුත් කාලත් නෑනේ..... අද අපිට පොඩි මිටින් එකක්.... මෙහෙ air port එක ඇතුළෙමයි......අපේ air line එකෙන් තියන්නේ.....තව පැයක් යද්දි ලෑස්ති වෙලා ඉන්න බෝබෝ......ගොඩක් හොද ඇදුම් ඕන්නෑ....ටී ශර්ට් එකකට ඩෙනිමක් දාගන්න.....ම්ම්....."

" හ්ම්ම්......."

" ලන්ච් එකත් එකෙන්ම දෙයි...... "

" හ්ම්ම්........"

" පෙනඩෝල් දෙකක් බොන්න ....එතකොට ඕක ඇරිලා යයි....."

එයා මගේ ඔලුවත් අතගාලා යද්දි මම දොර වහන් ඇදට ආවා.... දැන් ඕකට කැප්ටනුත් එයි...... නපුරා...... මම ඔයා ගැන හිතන් ඉදියා වැරදී කැප්ටන් ......මට වැරදුනා......පටන් ගත්ත තැනම..... මොනව උනත් ඔයාට ඔහොම බනින්න තරම් මම වැරැද්දක් කළේ නෑ......

මම ඇදන් යන්න ඇදුමක් සිලෙක්ට් කරන් අම්මල එක්කත් කයියක් දාලා ලෑස්ති වෙලා අයියා එනකන් බලන් ඉදියා......

" ආවුස්.....හැන්ඩියගෙ ලස්සන..... "

" අනෙ මේ......පරණ එකක් ඇන්දේ.... කෝ හැමෝම ගිහින්ද......"

" උන් එයි......අපි යමු.....ඔයාට බඩගිනි නැද්ද බෝබෝ......."

" නැහැ අයියේ..... තව ටිකකින් කනවනේ...."

මම අයියත් එක්ක හෙමින් හෙමින් මිටින් එක තියන්න තිබ්බ රුම් එකට ගියා.....මන් හිතන්නෙ අපි ආවෙ දුර tour එකක් නිසා බටර් ගාන්න තියන මිටිමක් වෙන්නැති...කවුරු නැතත් කැප්ටන් නම් ඉදී.....නපුරා....

හිතුවා වගේම දොර ඇරන් යද්දි කැප්ටන් තව කවුද මන්දා කට්ටියක් එක්ක කතා කර කර එතන තිබ්බ රව්ම් මෙසෙ ඉස්සරහින්ම වාඩි වෙලා ඉදියා....මායි අයියයි අපේ S.F.O ළගින්ම මෙහාට වෙන්න වාඩි උනා.....මම එයා දිහා බලද්දි එයත් බර කතාවක ඉදිය උනත් මන් දිහා බලන් ඉදියා...ඒත් මහ නපුරු බැලමක්..... මට මොකෝ.....මගේ ජිවිතේට බලෙන් ආවෙ එයා.... මම එයාගෙ ජිවිතේට රිංගන්න ගියේ නෑනේ....

Fly to air ✈️ [Zhanyi Complete ]Opowieści tętniące życiem. Odkryj je teraz