මම ආයෙත් එයාගෙ ඇස් දිහා බැලුවා... බලන්න බෑ දෙයියනේ රතු වෙලා .....

විනාඩි දෙකක් විතර මම එයා උත්තර දෙනකන් බලන් ඉදියා...... කෝ නෑනේ.....මට මොකෝ.....මම යනව යන්න.......

මම හැරුණා....එතන තිබ්බ මගේ ලැගේජ් එක ගන්න හැදුව විතරයි කැප්ටන් මාව ඇදල අරන් කකුල පටලවල බිමට වැට්ටුවා....

" ආහ්....අනේ.... කැ.....ප්.....ට...න්...."

ඒත් එයා මාව පොළවෙ වදිද්දිම මගේ ඔලුව පිටිපස්සට අත තිබ්බා...එයත් මගෙ ඇග උඩ... .තව පොඩ්ඩෙන් වැටුන වැටිල්ලට ඔලුව හිල් වෙනව...ඇයි ඉතිං බිම කොන්ක්‍රිට් නේ....

කැප්ටන් මගේ ඇස් දිහාම බලන් ඉන්නව කියල ඇයි මට හිතෙන්නේ.....ආහ් අයියෝ...... help දෙවියනේ........

" කැ...ප්...ටන්....මොකද්ද කරන්නේ.....??"

" යී.....බෝ......"

එයාගෙ කටහඩ ටිකක් බිදිලා....එයා අඩනවද කොහෙද ......මම අඩන්න දෙයක් කිව්වද ඈ......

" කැ.....ප්..ටන් මට යන්න ඕනේ......."

මම එයාගෙ පපුවෙන් අල්ලලා තල්ලු කළා......අනෙ මේ මනුස්සයව මට හොලවන්න වත් බෑ..... ආයිශ්.....දැන් මොකද කරන්නේ.....

" කැ....ප්...ට....න්..... ඔයා මොකද කරන්නේ..... අනෙ මට යන්න දෙන්න......."

" කි....ය....න්න....බෝ ඔයාට මාව පේන්නේ ඒ වගේ එකෙක් විදියටද...අහ්..... කියනවා ඉතිං ....."

මෙයා කෑ ගහන විදියට මාව ගැස්සිලා ගියා.....හොදටම කේන්ති ගිහින්ද කොහෙද ..... මම අහපු එකට දුක හිතෙන්නැති....දැන් නම් 100%ක්ම පැහැදිළි මෙයාට මගෙන් එහෙම දෙයක් නම් ඕනේ වෙලා නෑ.....

" අ..නේ...කැප්ටන් මට යන්න දෙන්න.....කවුරුහරි දකී..... "

මම එයාගේ අත් යට ඉදන් දැගලුවා....එයාගෙ අතත් රිදෙනවා ඇති මගේ ඔලුව පිටිපස්සෙ වැලි වලට හිටලා...... අනික මෙහෙම ඉන්නව ලොක්කා දැක්කොත්....ලොක්කා ඕන් නෑ වෙන එකෙක් දැක්කොත් ....මම ඉන්නෙත් යුනිෆෝම්....එයත් එහෙමයි...

" කියනවා ඉතිං ...තමුසෙ මන් ගැන හිතන් ඉදියේ එහෙමද....ආ........."

' තමුසෙ.....' ඇයි එයා මට තමුසෙ කිව්වම මගේ පපුව මෙච්චරටම රිදෙන්නේ......

Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now