Handsome Pilot ✈

9.7K 670 103
                                    

@3.15 a.m

Wang yibo p.o.v.

" අයියෝ අංකල් තව ඉක්මන් කරන්න බැයිද....මට හොදටම පරක්කු වෙලා තීන්නේ........."

මම පෝන් එකෙන් වෙලාව බල බල නාකි ටැක්සි කාරයට කෑගැහුවා...ශික් මාත් ඉදල ඉදල නැග්ගනේ ටැක්සියකට.....

" හරි හරි සර්......."

අපරාදෙ port එකේ vehicle එකට නගින්න තිබ්බ එකනේ....මාව ඇහැරුන්නෑ අප්පා..... පෙරේදා අම්මලව බලන්න හුනාන් ගිහින් ආව නිසා පුදුම මහන්සියක් තිබ්බේ.....ඊයෙ දවසෙමත් නිදාගෙන පාන්දර දෙකට ඒලාම් තියල නිදාගත්තට මොකද ඇහැරුනේ දෙකේ කෑලිත් නැතුව.... air port එකේ වෙහිකල් එක 3ට විතර යන්නැති....ශික්.....

මම ආයෙම පාරක් පෝන් එක බලලා මගේ ජෙල් ගාපු කොණ්ඩෙ පොඩ්ඩක් හදාගන්න ගමන් ශටර් එකෙන් එළිය බලාගත්තා.....

වාහනයක් ගන්න තිබ්බ නම් මෙහෙම ප්‍රශ්න නෑනේ....ඒත් ඉතිං කොහෙන් තීන සල්ලිද.... මගේ මුලු සැලරි එකෙන් භාගයක් අම්මලට යවන්න ඕනේ....මම නැති නම් එයාලට ඉන්නෙ කවුද .... ඉතුරු භාගෙන් අපාර්ට්මන්ට් එකට ගෙවල කන්නයි බොන්නයි අදින්නයි ගනිද්දි ඉතුරු වෙන්න තරම් කොහේ තීන සැලරියක්ද....වාහන වල ඉන්ෂුවරන්ස් ගෙවන්නයි කැඩෙනකොට හදන්නයි සර්විස් කරවන්නයි ආවම බඩු හරි ..... pilot කෙනෙක් වත් උනා නම්................මගේ හීනේ....... ඒත් ඉතිං ඒක මට හීනයක් විතරක්ම උනා. මොනව උනත් තීන රස්සාවට ගරහන්න හොද නෑ....මෙහෙම හරි කන්නෙ බොන්නෙ ඒ රස්සාව නිසානේ.....

කොහොමෙන් කොහොම හරි තුනහමාර වෙද්දි මම shanghai international airport එකට පය තිබ්බා....ටැක්සි එකෙන් බැස්සා විතරයි අංකල්ට වැඩිපුරත් එක්ක ගානක් ගෙවල ලැගේජ් එකයි බ්ලෙසර් එකයි එක අතකි උස්සන් මම හිටු කියල අපේ ඔෆිස් සයිඩ් එකට දිව්වා.......

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Fly to air ✈️ [Zhanyi Complete ]Where stories live. Discover now