Bite me |taekook

By brown_piano93

60.3K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook More

bite me chapter 1
bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 6
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 11
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 18
bite me chapter 19
bite me chapter 20
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 24
bite me chapter 25
bite me chapter 26
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 35

948 208 33
By brown_piano93

තමන් ලගින් ඇවිදගෙන යන සුන්දර හුරුබුහුටි කුමාරයා දිහා වැම්පයර්වරු වගේම වෘකයෝ පවා බලන් හිටියෙ භාවනාවකට සමවැදිලා වගේ..වෘකයන්ගෙ අතිශය සන්වේදි නාස්පුඩු වලට අහුවෙන නැවුම් ප්‍රිම් රෝස් සුවදත් එක්ක දැනෙන ජන්කුක්ගෙ ශක්තිමත් සෙන්ට් එක හැම වෘකයෙක්ගෙම අවදානය මොහොතකට බිදිලා ගියා.ඔවුන් හිටියෙ මත්වෙලා..එහෙමත් නැත්තම් මායාවකට අහුවෙලා වගේ...

ජන්කුක් ඇවිදගෙන ගිහින් තමන්ගෙ සීයගෙ අත අල්ලගත්තයින් පස්සෙ ඒ අත නතර උනෙ ටේහියුන් ගෙ අතක හිරවෙලා..අන්තිමේදි වෘකයෝ වගේම වැම්පයර් වරුන්ගෙ අත්පොලසන් නාදේ ඇහෙද්දි එවුන්ජන් අත්වලින් තමන්ගෙ මූන හූරගෙන කෑගහන්න ගන්නකොට ජන්කුක් හරි අහිංසක විදියට ටේහියුන් දිහා බැලුවා.

"ඉතින් මගෙ රෝස පොහොට්ටුව ?

ටේහියුන් ජන්කුක් ගෙ කනට මුමුනද්දි ජන්කුක් ඇස් ලොකු කරලා ටේහියුන් දිහා බැලුවා.

"එයා හිතන් හිටියෙ මං වෙනුවට ඔයාගෙ අතින් අල්ලන්න නේද...

ජන්කුක් ආයෙම ටේහියුන් ට මුමුනද්දි ටේහියුන් හරිම බරපතල විදියට ඔලුව වැනුවා.

ඇත්ත...ජන්කුක් කියන හැමදේම ඇත්ත...

"ජන්කුක්...තමුන් කොහොමද ටේහියුන් ගෙ මේට් වෙන්නෙ..තමුසෙ දුර්වලයෙක් .....

එවුන්ජන් කෑගැහුවෙ මුලින් ජන්කුක් පැත්තට අත දික් කරලා උනත් අන්තිමේදි එවුන්ජන් තමන්ගෙ සහයට ආපු තමන් වෙනුවෙන් අත්පොලසන් ගහපු වෘකයෝ දිහා බැලුවා

"මමයි වොල්ෆ් පැක් එකෙ අනාගතය..ඇයි මේකට කවුරුත් විරුද්ධ වෙන්නැත්තෙ..නිකමෙක් ට කිරුල දරන්න ඔයාලා ඉඩ දෙනවද?

එවුන්ජන් ආයෙම කෑගහද්දි නාරි සේජන් හිටියෙ ඔලුව බිමට නමාගෙන , ඒ අයට තවත් හයියක් නැ පැක් එකෙ ලීඩර් ට විරුද්ධ වෙන්න..

"එවුන්ජන් ඕක නතරකරන්න...පැක් එකෙ ලීඩර් විදියට මම තමුන්ට අනකරනවා මේ දැන්ම ඔය විකාර නතරකරන්න කියලා ....

තමන්ගෙ මිනිබිරියට වෘක හඩ පාවිච්චි කරන්න අකමැති උන නිසා ජන්කුක් ගෙ සීයා එවුන්ජන් ට තදින් කියද්දි එවුන්ජන් ඊලගට හැරුනෙ ඔහු පැත්තට ..

"ඔයාට විශ්වාස නෑ...මමයි නියම උරුමය...ඒක selene කිව්වා..ජන්කුක් මැරුනොත් මමයි උරුමක්කාරයාගෙ අත ගන්නෙ කියලා ..එහෙම නේද?

"දරුවෝ...ජන්කුක් තාම ඉන්නවා...කරුනාකරලා සන්සුන් වෙන්න...අපෙ පැක් එකට ලැජ්ජා කරන්න එපා...

ජන්කුක් ගෙ සීයා ආයෙම කතාකරත් එවුන්ජන් හිටියෙ කේන්තියෙන් වෙව්ලමින්...ජන්කුක් එයා දිහා බලල සැරෙන් සැරෙ හිනාවෙන එක එවුන්ජන් ගෙ කේන්තිය තවත් වැඩි කරා..

"නෑ මමයි උරුමය ..මමයි ශක්තිමත් ....මං ජන්කුක් ව මරලා දනවා...

එවුන්ජන් කෑගහන ජන්කුක් ලගට දුවන්න සූදානම් උනත් ජන්කුක් ගෙ ඕරා එක නිසා එවුන්ජන් ආයෙම පස්සට විසික් උනා...

"ආහ්හ්හ්හ්හ්හ්.....ජන්කුක් මගෙ උරුමෙ මට දෙනවා...

"මොන උරුමෙ ගැනද කියන්නෙ .....මගෙන් බලෙන් ගන්න උත්සාහ කරපු උරුමෙද එවුන්ජන්...ඒනිසාද නිස්කාරනෙ මගෙ ඔම්මයි අප්පයි මරන්න හැදුවෙ ආ...

ටේහියුන් ගෙ අතින් අතාරපු ජන්කුක් එවුන්ජන් ගෙ ඉස්සරහට හිමින් හිමින් ලං උනෙ ඇස් වල පාට ටිකෙන් ටික නිල් පාට කරගනිමින්.

"මගෙ ලගට එන්න එපා...

ජන්කුක් ගෙ ඕරා එකට තමන්ව පුච්චනවා වගෙ දැනුන නිසා එවුන්ජන් පොලව දනගහහගත්තා..

"එයාලව අරන් යන්න...

අන්තිමේදි ජන්කුක් ගෙ සීයගෙ අනකිරීමමට පස්සෙ නාරි සේජන් සහ එවුන්ජන් සෙබලුන්ට මැදිවෙලා යන දිහා ජන්කුක් බලාගෙන හිටියා..

"ඇල්ෆා.....

ඇවිත් ඉන්න වෘක පැක් වල ඇල්ෆා වරු ආසන වලින් නැගිටලා තමන්ගෙ නියම නායකයට ගරු කරා..ඒ වගේම ඔවුන් ජන්කුක්ටත් තමන්ගෙ ගෞරවය දැක්වූවා.කටින් කියන්න උවමනාවක් නෑ කොහෙත්ම..ජන්කුක් ගෙන් විහිදුන ඕරා එක වගේම ජන්කුක් ගෙ ඉන වටෙ පැටලිලා තියන ටේහියුන් ගෙ අත ජන්කුක් තමයි වෘක පැක් එකෙ හද එලිය කියලා නොකියා කිව්වා.

මේ විදියට උත්සවය බොහොම සාමකාමි ව සිද්ධ උනා.නාරි වස දුන්න නිසා ජන්කුක් ගෙ සීයා හිටියෙ මැරෙන්න ලං වෙලා උනත් ජන්කුක් වොල්ෆ් පැක් එකට අඩිය තිබ්බත් හරි අදුරු ශාප වෘක පැක් එකෙන් ඈතට ගියා.

ඒ වගේම ජන්කුක්ගෙ අම්මවයි තාත්තවයි ජන්කුක් ගෙ සීයා ගොඩක් ආදරෙන් පිලිගත්තා..ටේහියුන් ඒ විදිහට වැම්පයර් ක්ලේන් එක අතට ගන්නකොට ජන්කුක් අනිත් පැත්තෙන් වොල්ෆ් පැක් අතට ගත්තා..

________________________________

උත්සවය වැඩ අවසන් උනායින් පස්සෙ හැමෝම ඩිනර් එක ගන්න ලෑස්ති උනා..ජින් නම්ජූන් යුන්ගි එකපැත්තකත් වොල්ෆ් පැක් එකෙ ඇල්ෆා නම්ජූන් ට කෙලින් ම මේසෙ අනෙක් පැත්තෙත් ඊට දෙපැත්තෙන් එවුන් වගේම ජන්කුක් ගෙ තාත්තා වාඩි වෙලා හිටියා.එවුන් ගෙ අතක් අල්ලගෙන ජිමින් හිටියෙ ටිකක් නර්වස් වෙලා...ඇයි එයාගෙ සීයා කිව්වොත් ජිමින් ට යන්න කියලා ,ජිමින් මනුස්සයෙක් නිසා..

ජන්කුක් වගේම ටේහියුන් වාඩි වෙලා හිටියෙ එකට ,ඩිනර් ටේබල් එකෙ ප්‍රධාන අසුන් දෙක ඒ දෙන්නට වෙන් කරලා තිබ්බා

"ඇල්ෆා මට වැම්පයර් ක්ලේන් එක වෙනුවෙන් සමාවෙන්න,

නම්ජූන් කියද්දි ඇල්ෆා හිමින් හිනාවෙලා ජන්කුක් දිහා බලපුවහම ජන්කුක් එයාගෙ සීයට දත් ඔක්කොම පෙන්නලා හිනා උනා.

"මගෙ හුරතල් මුනුබුරා නැත්තම් සමහරවිට අද මං මැරිලා..මට හිතාගන්න බෑ ජන්කුක් පැක් එකට අඩිය තිබ්බ ගමන් නාරි සේජන් මට කරලා තිබ්බ බන්ධනය බිදුනෙ කොහොමද කියලා ....

"නාරි මොන හිතකින් ඒ දේ කරාද කියලා මට හිතාගන්න බෑ තාත්තා..අනික එයා හැදුවෙ මාවයි ,යොන්සු වයි ජන්කුක් වයි මරලා දාන්න...

"මට සමාවෙන්න මගෙ දරුවෝ..මට ඔයාව පරිස්සම් කරන්න බැරි උනා...

"මාව යොන්සු හොදට බලාගත්තා තාත්තා ,අනික මං පැක් එකෙන් නොගියනම් කවදාවත් මට යොන්සු ව මුන ගැහෙන්නෑ...

එවුන් අතක් හිමින් පිරිමදින ගමන් ජන්කුක් ගෙ සීයා මෘදු විදියට හිනාවුනා..

කෑම මේසෙ ගොඩක් සාමකාමීව ගත උනා..ජන්කුක් උනත් එයාගෙ සීයා ඉස්සරහ ගොඩක් අහිංසකයගෙ කෙනෙක් කියලා පෙන්නන්න උත්සාහ කරත් සමහරවෙලාවට එයාට නොදැනිම එයා එයාගෙම හැන්දයි ගෑරුප්පුවයි එක්ක රන්ඩුවට යනවා...

"වෙනදට ජන්කුක් විතරක් නෙමෙ ජිමිනුත් එයාටම එකතු වෙනවා..

එවුන් ජන්කුක් සද්දෙට ගෑරුප්පුව බිමවට්ටගත්ත වෙලාවෙ කියද්දි පැත්තකට වෙලා හිමින් කෑමකනගමන් හිටපු ජිමින් ගෙ ඇස් ලොකු උනා..

"කොහොමද ජිමින්...ඔයාගෙ අම්මා මට ඔයා ගැන කිව්වා...ඔයා ඔයාගෙ සීයට කතාකරේවත් නෑ නේද...

සීයා ජිමින් දිහ හිනාවෙලා බලද්දි ජිමිනුත් සීයාට ආපස්සට හිනා උනා..

ජිමින් නම් හිත හිත හිටියෙ එයාගෙ ඔම්මයි අප්පයි ආයෙම පැක් එකට ගිහින් එයාව ආයෙම තනිවෙයි කියලා ..

" කොහොමද සර්..මට ඇත්තටම ඔයාව හම්බුන එක සතුටක්.

ජිමින් ගොඩක් ආචාරශීලී වීදිහට කියද්දි ජන්කුක් හයියෙන් කැස්සා..

"ඔයා වැදගත් විදියට කතාකරද්දි අමුතුයි ජිමිනි..

"ජන්කුක්.

ජිමින් ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවෙ කටවහගන්න කියලා නොකියා කියන ගමන්..

"පොඩි ලමයෝ මට සර් ගාන්න ඔයා මං ලග වැඩ කරන කෙනෙක් නෙමේනි..ඉතින් ඔයාට පුලුවන් අර ඔයාගෙ සහෝදරයා කෑම එහෙ මෙහෙ කර කර සීයා කියනවා වගේ සීයම කියන්න ,

"ඒත් මං ..

"ජිමිනි ඔය ඔය කියන්න හදන දේ කරුනාකරලා නොකියා ඉන්න..ඔයා මගෙ කේන්තිය අවුස්සනවා..

එවුන් අන්තිමට කෑගැහුවට පස්සෙ ජිමින් කටවහ්ගත්තා..

හම්ප්..එයා ඇත්තනෙ කිව්වෙ ඉතින්.

"ඔයාලා හැමෝම හෙට අපෙ පැක් එකට යමු...මට දැනෙනවා මං හුග කාලෙකින් මගෙ පවුලත් එක්ක එකට ඉන්නවා කියලා ...

වොල්ෆ් ලගෙ පුංචි පවුල දිහා වැම්පයර්වරු බලන් හිටියෙ සතුටින්..අන්තිමේදි හැම ප්‍රශ්නයක් ම හරි ලස්සනට විසදුනා..ටේහියුන් ව වගේම ජන්කුක් ව ඇස් වලින් දැක්ක කිසි කෙනෙක් එයාලා ගැන අහපු කිසි කෙනෙක් එයාල ව දැනුන කිසිම කෙනෙක් එයාලා දෙන්නට අභියෝග කරයි කියලා හිතන්න අමාරුයි..

කාටද හයියක් තියෙන්නෙ තුන් ලෝකෙ ශක්තිමත් ම බැදීමට අභියෝග කරන්න..

"මං හිතන්නෙ අපිට කිරුල පලදින උත්සවය ගැන වගේම ජන්කුක් ගෙ ටේහියුන් ගෙයි වෙඩින්ග් එක ගැනත් කතාකරන්න වෙයි,රෙඩ් මූන් පායන දවසෙ උරුමක්කාරයා කිරුල දරන දවසෙම එයාලා දෙන්නාගෙ එකතුවීමත් තිබුනොත් ඒක ඇත්තටම ඉතිහාසය වෙච්ච ලස්සනම වෙඩින් එකක් වෙයි

ජින් කියද්දි අනිත් අයත් ඔලුව වැනුවා.ජන්කුක් නම් මේවෙද්දි එයාගෙ ප්ලේට් එකෙ තිබ්බ ගොඩක් කෑම ජාති එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගෙන හිටියෙ..එයා මීට ටිකකට කලින් බ්‍රොකලි කෑල්ලකට පොරොන්දු උනා එයාව කසාද බදිනවයි කියලා..

ටේහියුන් හිටියෙ ජන්කුක් දිහා බලාගෙන ,ඔව් එයාලා ඒ කතා කරන්නෙ ඒ දෙන්නාගෙ වෙඩින් එක ගැන තමයි.ඒ ගැන දෙන්නටම කිසිම ගානක් තිබුනෙ නෑ..ජන්කුක් හරි ලස්සනට එයාගෙ ලෝකෙ ඇතුලෙ අතරමං වෙද්දි ටේහියුන් හිටියෙ ජන්කුක් ගෙ ලෝකෙ අතරමං වෙලා

"එයාලා දෙන්නා ගැන නම් හිතාගන්න බෑ...එයාලා හැසිරෙන්නෙ සාමාන්‍ය දෙන්නෙක් වගේ..අනික ජන්කුක් එයා පොඩි දරුවෙක් වගේ..ඒත් එයා ගෙ ඉස්සරහ ඉන්න කෙනා එයාට අභියෝගයක් කියලා එයාට දැනුන හැටියෙ එයාගෙ ඇස් හරි භයානක විදියට වෙනස් වෙනවා...

"එයාලා අපි ඉස්සරහ හැසිරෙන්නෙ තවම දරුවෝ ගානට..විශේශෙන්ම ජන්කුක් ...

එවුන් කිව්වෙ හිමින් ජින් කිව්ව එකට උත්තරයක් විදියට ,ඇත්තටම ටේහියුන් දිහයි ජන්කුක් දිහයි බලන් ඉන්න එකත් හරියට භාවනාවක් වගේ...


dear diary,
Today Army bullied ian...








Continue Reading

You'll Also Like

338K 20K 22
"Taetae!" An orphaned boy became friends with a curious boy. Sadly, due to how different their worlds are... they got seperated. But what if..? Now a...
1.6M 146K 80
"ကို့ ကိုယ် မင်းရဲ့ Husband Anna လေးရဲ့ Daddy အဖြစ်အသိအမှတ် ပြုပေးနိုင်မလား " မင်းဆက်ခ "ခင်ဗျား ပြန်ပေးမဆွဲမှာ ကြိမ်းသေရင်...
1.3M 55.4K 46
Jungkook is a little, he's lonely and self conscious. All he wants is a life he can enjoy, instead of being scared of what's to come. All he wants is...