Bite me |taekook

By brown_piano93

60.3K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook More

bite me chapter 1
bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 6
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 11
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 18
bite me chapter 19
bite me chapter 20
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 24
bite me chapter 25
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 35
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 26

1K 253 74
By brown_piano93

ජන්කුක් ඇහැරුනෙ දොරට හයියෙන් ගහන සද්දෙන්.එයා නැගිටලා බලද්දි එහා පැත්තෙ ඔම්මවත් ජිමින්වත් අප්පවත් හිටියෙ නෑ..

දොරට ගහන සද්දෙ නතර නොවුන නිසා ජන්කුක් ඇදෙන් බැහැලා දොර ඇරියා.දොර ලග හිටගෙන හිටියේ ඇගෙ ලේ පෙරාගත්ත නාරී.

"ඔ...යා...ඔ...යා...

ජන්කුක් ට තේරුනා එයාට බයටම කතාකරන්නවත් බෑ කියලා ,නාරි ආන්ටිගෙ පිටිපස්සෙන් ලේ පෙරන් ඉන්න එයාගෙ ඔම්මයි අප්පයි ජිමිනුයි දැකලා ජන්කුක් කෑගහන්න උත්සාහ කරත් එයාට ඒක වත් කරගන්න බැරි උනා.

"ඔම්මාහ්....

ඇස් වල කදුලු පුරවගෙන ජන්කුක් කෑගහගෙන නැගිටිද්දි නින්දෙ හිටිය ඔම්මා වගේම ජිමිනුත් ගැස්සිලා ඇහැරුනා.

ජන්කුක් හයියෙන් කෑගගහ ඔම්මට තුරුල් වෙලා එකපාරට අඩන්න ගනිද්දි ජිමින් ඇස් පිහිදන ගමන් ටේබල් ලෑම්ප් එක ඔන් කරා.

"බේබි..ඔම්මා මෙතන ඉන්නවනේ..කෝ දෙයියනෙ මගෙ කුකී මොකද රත්තරං මේ අඩන්නේ මෙච්චර හයියෙන් ....

තමන්ගෙ ඇදුම පවා කදුලු වලින් තෙමිලා යද්දි එවුන් ජන්කුක් ව බදාගත්තෙ ජන්කුක් අඩන සද්දෙ නිසා එයාගෙ ඇස් වලටත් එකදිගට කදුලු පිරෙද්දි.

"ඔම්මා...ඔම්මා...මාව දාලා යන්න එපා..අනෙ කුකීට තනියෙන් ඉන්න බෑ ප්ලීස්...ලේ එපා...

"මෝචි එයා හීනෙන් බයවෙලා...

එවුන් ජන්කුක් ගෙ කදුලු මූන ඉබින ගමන් බයවෙලා ඉන්න ජිමින්ට කියද්දි ජිමිනුත් නිදිමතෙම ගැහෙන ජන්කුක් ගෙ ඔලුව අතගාන්න ගත්තා..

"කෝ අප්පා..

ඔම්මා එතකොටයි දැක්කෙ එහා පැත්ත හිස් කියලා..ජන්කුක් අඩන ගමන්ම ඔලුව උස්සලා ඇදෙ ඒ පැත්ත බැලුවා.

"අ...ප්පා...අප්පා කෝ..අනෙ අප්පා...ඔම්මා අප්පා නෑනි...අනෙ ඔම්මා..අප්පට එන්න කියන්නකො..අනෙ ප්ලීස් ප්ලීස් ජිමිනි ප්ලීස් අනෙ ඔම්මා ප්ලීස්....

ජන්කුක් ආයෙම අඩන්න ගනිද්දි එවුන්ට මොකක් කරන්න ඕනිද කියලා හිතාගන්න බැරි උනා.ඒකත් මේතරම් ජන්කුක් බයවෙන හීනෙ මොකද්ද...ජන්කුක් බයෙන් ගැහෙන්න තරම්...

ඒත් එක්කම දොරට ගහන සද්දයක් ඇහෙන්න ගත්තා.ජන්කුක් වේගෙන් ඉස්සිලා දොර දිහා බැලුවෙ අඩන සද්දෙත් ඒත් එක්කම නැවතෙද්දි....

"ජිමින් අප්පා වෙන්නැති..දොර ඇතුලෙන් ලොක් වෙලා ඇති..

එවුන් ජන්කුක් ව බදාගෙනම කියද්දි ජිමින් ඔලුව වනලා නැගිට්ටෙ දොර අරින්න උනත් ජන්කුක් ගෙ අතක් ජිමින්ගෙ අතෙ තදින් එතුනා.

"එ...පා....

"කුක්...මොකද්ද ප්‍රශ්නේ?

"දොර අරින්න එපා....අනෙ දොර අරින්න එපා...ප්ලීස් නෝ..නෝ....මේක වෙන්න බෑ.....ඔම්මා ප්ලීස්...අනෙ අප්පා කෝ...

ජන්කුක් ජිමින් ගෙ අත අල්ලගෙන කෑගහන්න ගනිද්දි එවුන් ජන්කුක්ව ජිමින්ට අල්ලගන්න කියලා ඇදෙන් නැගිට්ටා.

ජන්කුක් දොර අරින්න එපා කියලා කොච්චර කෑගහුවත් එවුන්ගෙ හිත තදින් කිව්වා ජන්කුක් බොරුවට බයවෙලා ඇති කියලා ,අනිත් අතට යොන්සු ඉන්නෙ එලියෙ නම් අනිවාර්යයෙන් ම ඒ එයා වෙන්නැති..

ජන්කුක් අඩ අඩ කෑගහද්දි එවුන් දොර අරින්න අගුලට අත තිබ්බා,

"ජිමින්,

එවුන් දොර අල්ලගෙනම ජිමින් දිහා බලද්දි ජිමින් ජන්කුක් ව ත් අල්ලගෙනම එවුන් දිහා බැලුවා.

"ක්ලෝසෙට් එක ඇතුලට යන්න..එතන තියනවා ඔයාලට අරින්න දෙන්නැති මගෙ ජුවලරි දාලා තියන කබඩ් එක ...aඅන්න ඒක අරින්න.. ..ඇරියට පස්සෙ ඒක ඇතුලෙ තව දොරක් තියෙයි..ඒක ඇරලා පහලට බහින්න..ඔයාලා දෙන්න ගරාජ් එකෙන් මතුවෙයි...මොකක් හරි ප්‍රශ්නයක් උනොත් වාහනෙ අරන් ටේහියුන් ගෙ මැන්ශන් එකට යන්න.....

"ඔම්මා මොනවද මේ කියන්නෙ ?

ජිමින් ඇහුවෙ බයවෙලා..ජන්කුක් උනත් අඩන එක පැත්තක දාලා ඔම්මා දිහා බලන් හිටියෙ ඔම්මා සන්සුන් විදියට එයාලා දෙන්නා දිහා බලන් ඉද්දි.

"බයවෙන්න එපා ,කුකීගෙ නපුරු හීනෙ නිසයි මං එහෙම කිව්වෙ...ඔයාලා ප්‍රැක්ටිස් එකටත් එක්ක එහෙම ගිහින් බලන්නකෝ...ම්ම්...හොදද..නිකන් සෙල්ලමක් කියලා හිතලා...මං අප්පව ගැරෑජ් එකට පැය බාගයක් යනකන් එව්වෙ නැත්තන් ඔයාලා දෙන්නා ටේහියුන් ගෙ මැන්ශන් එකට යන්න ඕනි හොදද....

"අනෙ ඔම්මා ඔයා අපිව බයකරනවනෙ ...ප්ලීස් ඔය විකාර ඕනි නෑ අප්පා...

ජන්කුක් කිව්වෙ ජිමින් ගෙ අතක් තදින් අල්ලගෙන.

එවුන් දොරට ගහන සද්දෙ ආයෙම ඇහෙද්දි ජිමින් දිහා බැලුවා.

"මං කියනදේ අහලා දැන් යන්න...ජිමින් කුක්ව එක්කන් යන්න...

"ඒත් ඔම්මා ප්‍රශ්නයක් නැත්තම් අපි ඇයි යන්නේ?

"මං සැරයක් කිව්වා නේද?

ජිමින් දැක්කා එයාගෙ ඔම්මගෙ ඇස් නිල් පාටින් දිලිසෙනවා ,

"ඔම්මා...

"යන්න මෝචි..කුක්වත් එක්කගෙන...ඔම්ම දෙන්නටම හුගක් ආදරෙයි හොදද...

_____________________________

ජන්කුක් අඩ අඩ ජිමින් එක්ක ක්ලෝත්සෙට් එක ඇතුලට යන දිහා එවුන් බලාගෙන හිටියා, ඊලගට එයා හ්ද හුස්මක් ගත්තා.එවුන් කියන්නෙ වොල්ෆ් කෙනෙක් එයාට දැනෙනවා එයගෙ මේට්ව...යොන්සු කියන්නෙ එවුන්ගෙ ෆේටඩ් මේට් නොවුනත් ජන්කුක් ඉපදුනාට පස්සෙ එයාලගෙ බැදීම අලුත් උනා,

ඉතින් එවුන්ට දැනුනා එයාගෙ හස්බන්ඩ් වේදනාවෙන් ඉන්නවා කියලා ,එතකොට එවුන්ගෙ ඉවට දැනුනා දොර ලග ඉන්නෙ එයාගෙ හස්බන්ඩ් නෙමෙයි නාරි කියලා ...

"නාරී....

එවුන් දොර ඇරලා එයාගෙ ඉස්සරහ හිටගෙන ඉන්න එයාගෙ නංගිගෙ මූන දිහා බලන් කතාකරා..

"හායි ඔන්නි...ඔයාගෙ හස්බන්ඩ් ජීවිතයත් මරනයත් අතර සටන් කරද්දි ඔයා කොහොමද මෙහෙම නිදාගෙන ඉන්නෙ..ඉතින් මං ආවේ ඔයාවත් එක්කගෙන ඔයාගෙ පුංචි කොලු පැටව් දෙන්නවත් එක්කගෙන යන්න.....

එවුන් හිමින් එයාලගෙ රූම් එක දොර වහලා නාරි ඉස්සරහින් හිට ගත්තා.

"බලන්න නාරි මං පුදුම වෙලා වගෙ ඔයාට පේනවද?තමුසෙගෙ ඇත්ත රූපෙ ම‍ං දන්නෙ නෑ කියලා හිතුවද?

එවුන් මූනෙ හිනාවක් තියාගෙන කියද්දි නාරි එවුන්ටත් වඩා හයියෙන් හිනා උනා.

"ඔයා ගොඩක් පුදුම වෙයි මං කිව්වොත් ජන්කුක් කියන්නෙ අනාගත උරුමක්කාරයාගෙ මේට් කියලා මං දන්නවා කිව්වොත්...

"තමුන් කොහොමද ..

එවුන් ඇස් හීනි කරලා නාරි දිහා බැලුවා.නාරිගෙ මූනෙ තියන හිනාව එවුන්ගෙ කේන්තිය වැඩි කරා

"ඔයා මගෙ beloved sister නෙ..ඔයා ගැන මං තරම් නොදන්නෙ කවුද...ඉතින් දැන් ලෑස්ති වෙන්න පරලොව යන්න...පවුල් පිටින්ම...

නාරි ගෙ ඇස් තිබුනෙ එවුන්ගෙන් පිටිප්පස්සේ, නාරි හොයන්නෙ ජන්කුක් ව කියලා එවුන්ට හිතාගන්න මහ වෙලාවක් ගියෙ නෑ...

"ඔයාට එයා ලගට යන්නෙ වෙන්නෙ මගෙ මලකද උඩින් නාරි...

එවුන් කියද්දි එයාගෙ ඇස් තද නිල් පාටට හැරුනා,එවුන් ටෲ බ්ලඩ් ඔමේගා කෙනෙක් ,ඒවගේම එයා තමයි උරුමක්කාරයාගෙ මේට්ගෙ අම්මා..එවුන් සදදෙව්දුවගෙන් ආශිර්වාදය ලබාගත් කෙනා..එවුන්ගෙ ආත්මෙ කොහෙත්ම දුර්වල ආත්මයක් නම් නෙමේ

නාරිට හිතාගන්නවත් වෙලාවක් නොදී එවුන්ගෙ අත්වලින් නාරිගෙ බෙල්ල තද උනා.ඊට මොහොතකට පස්සෙ නාරි හිටියෙ පොලොවෙන් අඩියක් විතර හිරවෙලා එවුන්ගෙ අත්වලට මැදිවෙලා..

"තමුසෙ කොහොමද හිතුවෙ නාරි ටෲ බ්ලඩ් කෙනෙක් ගෙ දරුවෙක්ට අත තියන්න..

නාරි අමාරුවෙන් හුස්ම ගත්තෙ එවුන්ගෙ අත් පහුරු ගාන ගමන්.එවුන් හිටියෙ කේන්තියෙන් ,ඒ නිසාම එවුන් නාරිව අතාරින්න මොහොතකටවත් කරදර උනෙ නෑ..

ඒත් හිතන්නවත් වෙලාවක් නැතුව එවුන්ගෙ පිටිපස්ස දැනුනා කොන්ද හරහා උල් දෙයක් පසාරු වෙලා යනවා කියලා ,

"ආහ්....

එවුන්ගෙ අත්වලින් නාරිව අතාරලා යද්දි එවුන් එහෙම්ම බිමට නැවුනෙ වේදනාව දරාගන්න වගේ...

"හායි ලොකු අම්මේ...මං නාරිගෙ දුව පාර්ක් එවුන්ජන්...ඔයාව මේ විදියට පිලිගන්න මං ඇත්තටම ගොඩක් දවස් බලන් හිටියා...

එවුන්ගෙ ඇස් වලින් කදුලු පැන්නෙ වේදනාවට උනත් එයාගෙ මූනෙන් බයවුන පාටක් පෙනුන්නැති නිසා නාරි වගේ ම එවුන්ජනුත් හිටියෙ බයවෙලා..

"එවුන්ජන්...ගිහින් රුම් එකෙ ඉන්න මනුස්සයාව මරලා ඔයාගෙ මල්ලි බබාව අරන් එන්න...තුවාල කරාට එයාව මරන්න එපා හොදේ..

නාරි කියද්දි එවුන්ජන් එවුන්ගෙ කොන්දෙ තිබ්බ වස කලවම් කරපු කිනිස්ස ඇදලා අරන් රූම් එකෙ දොර අරින්න ට්‍ර්‍යි කරත් එයාට දොර ලගට යන්න බැරි උනෙ එවුන්ගෙ අතක් කකුල වටෙ එතුන නිස

එවුන් අමාරුවෙන් උනත් එවුන්ජන්ව අල්ලගත්තෙ ජන්කුක්ලට පැනලා යන්න කල් අරන් දෙන්න...

නාරිගෙ කකුලක් එවුගෙ අත්වල වදිද්දි එවුන්ගෙ අතින් කකුල අතාරුනා..නාරි එවුන්ගෙ කොන්ඩෙන් අල්ලගෙන ඇදගෙන ගියෙ එවුන් ඇස් වල කදුලු පුරවගෙන එවුන්ජන් රූම් එකෙ ලොක් එක අරින දිහා බලාගෙන..

"නාරි....ප්..ලීස්..ජිමි.න්ට අනතුරක් ක..රන්න...එපා...

එවුන් හිටියෙ නාරි එයාව ඇදගෙන යන නිසා වේදනාවෙන් මිරිකෙන ගමන් උනත් ජිමින්ව මරන්න කියලා එවුන්ජන්ට නාරි කියපු එක සැරෙන් සැරෙ ඇහෙද්දි එවුන් හොදටම දුර්වල උනා..

"එයා අහිංසකයෙක්..මගෙ දරුවන්ට පාඩුවෙ ඉන්න...දෙන්න..නාරි...

නාරි එවුන් කියන දේවල් අහන බවක් එවුන්ට දැනුන් නෑ..නාරි අමාරුවෙන් එවුන්ගෙ කොන්ඩෙන් ඇදන් පඩිපෙල ලගටම ඇදගෙන ආවේ එවුන්ගෙ ලේ පාර පැහැදිලි ව පෙනෙද්දි.

"ප්ලීස් නාරී

ඇදගෙන යන එක නතර උන නිසා එවුම් ආයෙම නාරි ගෙ කකුල් අල්ලගත්තා එයාගෙ දරුවන්ට අනතුරක් කරන්න එපා කියලා ඉල්ලන්න..

එවුන් කියන්නෙ දුර්වල කෙනෙක් නෙමේ...ඒත් නාරිගෙ දුව එවුන්ට ඇනපු කිනිස්සෙ තිබ්බ විසෙන් එවුන්ගෙ ශක්තිය හීන කරලා තිබ්බා..

"කටපියාගන්නවා...

නාරි හයියෙන් කෑගහගලා එවුන්ට පයින් ගැහුවා..

එවුන් පඩිපෙලෙන් පහලට රෝල් උනෙ තාමත් ඇස් නාරි ලග නතරවෙලා තියෙද්දි..

______________________________________

යොන්සු හිටියේ ශක්තිමත් ඇල්ෆා කෙනෙක්ටයි මායාකාරුවන් කීපදෙනෙක්ටයි මැදිවෙලා..යොන්සු ඇදන් හිටිය සුදු පාට නයිට් සූට් එක සම්පූර්ණයෙන් ම රතුවෙලා තිබ්බෙ යොන්සුගෙ ම ලේ වලින්..

යොන්සු පහලට එද්දි දැක්කෙ බිම කලන්තෙ දාලා ඉන්න නාරිව...කිසිම දෙයක් ගැන නොතේරුනත් යොන්සු ඉක්මනට නාරි ලගට දුවගෙන ගියා..

නාරිව ඇහැරවන්න යොන්සු උත්සාහ කරත් ඒත් එක්කම පිටිපස්සෙන් දැනුන වේදනාවට යොන්සු ඇදගෙන වැටුනා..

"ක..කවුද තමුන්ලා..

යොන්සු අමාරුවෙන් නැගිටින ගමන් අත්දෙක දෙපැත්තට කරගත්තා...යොන්සුගෙ ඉස්සරහ ඉන්නෙ එවුන්ගෙ ෆේටඩ් මේට් පාර්ක් සේජන් වගේම එයාලගෙ දුව..ඒවගේම වොල්ෆ් පැක් එකට සේවය කරන පවර්ෆුල් මායාකාරයො හතරදෙනෙක් ඉන්නවත් යොන්සු දැක්කා

"පිටිපස්සෙන් ඇවිත් බයගුල්ලො වගෙ හැසිරෙන්නැතුව මූනට මූන සටන් කරන්න එනවා පාර්ක් සේජන්..

යොන්සු එයාගෙ බලය පාවිච්චි කරන්න උත්සාහ කරත් යොන්සු ට අමතක උනා එයාගෙ පිටිපස්සෙ හිටිය නාරිව...

අන්තිමට නාරිගෙ අතෙ තිබ්බ කිනිස්ස යොන්සු ව පසාරු කරන් යද්දි යොන්සු ආයෙම බිමට ඇදගෙන වැටුනා..

"බයගුල්ලෝ.

පාර්ක් සේජන් යොන්සු ගෙ මූනට පයින් ගැහුවෙ යොන්සු ගෙ මූනෙ හිනාව නැති නොවුන නිසා...

යොන්සු ට තවදුරටත් මායාව පාවිච්චි කරන්න බෑ කියලා දැනෙද්දි යොන්සු නැගිටින්න උත්සාහ කරත් එකපිට එක පා පහරවල් වදිද්දි යොන්සු ආයෙම බිම ඇදගෙන වැටුනා.

________________________________

"කාර් එකට නගින්න කුක්..

ජිමින් බයෙන් ගේදිහා බලන් ඉන්න ජන්කුක් ට කියද්දි ජන්කුක් ඇස් වල කදුලු එක්ක ජිමින් දිහා බැලුවා.

"එයාල හොදින් ඇති නේ.....

ජන්කුක් කියන්න හැදුවත් ඒත් එක්කම එයාට ඇහුනා එයාගෙ ඔම්මා වේදනාවෙන් කෑගහන සද්දෙ...

"ඒ ඔම්මා.....

ජිමින් ජන්කුක් මූනට මූන බලන් හිටියා..ජන්කුක් එකපාරට ගේ පැත්තට දුවන්න හදද්දි ජිමින් ජන්කුක් ව හයියෙන් බදාගත්තා...

"මං යන්නම් ඔම්මලා බලන්න..ඔයා වාහනෙ අරන් ටේහියුන් ගෙන් උදව් අරන් එන්න කුක්....

"බැ..ඔයාට පවර් එකක් නෑනි..මට පුලුවන් ..මං උත්සාහ කරොත් මට පුලුවන් උදව් කරන්න..ඔයා යන්න මෝචි මං ..මං ඔම්මලා ලගට...

ජිමින් ජන්කුක් ගෙ උරහිසින් අල්ලගෙන ජන්කුක් ගෙ කදුලු පිරුන ඇස් වලට එබුනා...

"ඔම්මා කිව්ව දේවල් අමතකද? ඔයා පරිස්සම් වෙන්න ඕනි..ඔයා මත ජීවිත ගොඩක් රැදිලා තියනවා..ඉක්මනට යන්න..ගිහින් ටේහියුන් ව එක්කන් එන්න..මං පොරොන්දු වෙනව ඔම්මලට මොකුත් වෙන්නැ කියලා .....


Continue Reading

You'll Also Like

58.5K 15.4K 54
๐Ÿ’šโค เถดเท™เถปเท€เถฏเถฑเทŠ เถšเท”เถธเถšเถงเถฏ...... เถดเทƒเท” เท€เถฏเถฑเท’เถฑเทŠ เถธเท”เถซเถœเทเทƒเท™เถฑ เถญเท”เถปเท”.......โค๐Ÿ’š ๐Ÿ†ƒ๏ธŽ๐Ÿ…ท๏ธŽ๐Ÿ…ด๏ธŽ ๐Ÿ…ธ๏ธŽ๐Ÿ…ฝ๏ธŽ๐Ÿ…ต๏ธŽ๐Ÿ…ธ๏ธŽ๐Ÿ…ฝ๏ธŽ๐Ÿ…ธ๏ธŽ๐Ÿ†ƒ๏ธŽ๐Ÿ†ˆ๏ธŽ...........โค๏ธโ€๐Ÿ”ฅโค๏ธโ€๐Ÿ”ฅ
104K 6.2K 44
แ€แ€€แ€šแ€บแ€แ€ฑแ€ฌแ€ท แ€กแ€แ€ปแ€…แ€บแ€†แ€ญแ€ฏแ€แ€ฌ แ€…แ€€แ€ฌแ€ธแ€œแ€ฏแ€ถแ€ธแ€แ€ฝแ€ฑแ€”แ€ฒแ€ท แ€œแ€พแ€•แ€กแ€ฑแ€ฌแ€„แ€บ แ€•แ€ฏแ€ถแ€–แ€ฑแ€ฌแ€บแ€‘แ€ฌแ€ธแ€แ€ฒแ€ท แ€กแ€†แ€ญแ€•แ€บแ€™แ€ฎแ€ธแ€แ€ฑแ€ฌแ€€แ€บแ€œแ€ฑแ€ธ แ€แ€…แ€บแ€แ€ฏแ€•แ€ซแ€˜แ€ฒ ๐Ÿ”ฅ
150K 20.9K 15
"แ€”แ€ฝแ€ฑแ€กแ€›แ€ฑแ€ฌแ€„แ€บแ€แ€ฝแ€ฑแ€Ÿแ€ฌ แ€แ€ญแ€ฏแ€„แ€บแ€œแ€ญแ€ฏแ€•แ€ฒ..."
269K 17.5K 75
แž‡แžปแž„แž‚แžปแž€"แžŸแŸ’แž“แŸแž แžถแž˜แžฝแž™แž“แŸแŸ‡แž€แžพแžแžกแžพแž„แžŠแŸ„แž™แž€แžถแžšแž‡แžฝแž”แž‚แŸ’แž“แžถแžŠแŸ„แž™แž…แŸƒแžŠแž“แŸ’แž™แžšแžœแžถแž„แž”แž„แž“แžทแž„แžขแžผแž“แžแŸ‚แž”แŸ‰แžปแžŽแŸ’แžŽแŸ„แŸ‡ แžแŸ‚แžœแžแŸ’แžแž˜แžถแž“แžšแž”แžŸแŸ‹แžขแžผแž“แžŠแŸ‚แž›แž…แžผแž›แž˜แž€แž€แŸ’แž“แžปแž„แž‡แžธแžœแžทแžแžšแž”แžŸแŸ‹แž”แž„ แž‚แžบแžŠแžผแž…แž‡แžถแž–แž“แŸ’แž›แžบแžŠแŸ‚แž›แžšแŸ‡แž”แŸ†แž—แŸ’แž›แžบแž”แž„แžขแŸ„แž™แž…แŸแž‰แž–แžธแž—แžถแž–แž„แž„...