Bite me |taekook

De brown_piano93

60.1K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook Mai multe

bite me chapter 1
bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 6
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 11
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 19
bite me chapter 20
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 24
bite me chapter 25
bite me chapter 26
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 35
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 18

1.2K 280 112
De brown_piano93

"කුමරුනි , එයාලා ජන්කුක් කියලා කෙනෙක් ගැන අහනවා..එයාලා කියනවා ඒ එයාගෙ පුතා කියලා ....

ටේහියුන් ට ඉස්සරහට යන්න හම්බවුනෙ වත් නෑ,නම්ජූන් ගෙ ආරක්ශකයෙක් ටේහියුන් ඉස්සරහට ආවා.

යුන්ගි ටේහියුනුයි මූනට මූන බලාගත්තෙ එකපාරට මොකද්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.

"ජන්කුක් කියන්නෙ මනුස්සයෙක් ,ඉතින් එයාගෙ අම්මයි තාත්තයි වෘකයකුයි,මායාකාරයෙකුයි වෙන්නෙ කොහොමද,බිස්කට් වල මාලු හොදි පොගවන් කනවා වගේ...

යුන්ගි කිව්වෙ ටේහියුන් දිහා අමුතු විදියට බලන ගමන්.

"ඒ මගෙ මේට්,බිස්කට් එකක්වත් මාලු හොද්දක් වත් නෙමේ යුන්ගි ....ඒ අයව චෙක් කරලා ගේට් එකෙන් ඇතුලට එක්කන් එන්න...අපි බලමු මොක්කුද මේ කියලා ...

ඒත් ටේහියුන් ගෙයි යුන්ගිගෙයි අවධානේ බිදුනේ කෙනෙක් උඩතට්ටුවේ ඉදන් සද්දෙට පහලට දුවන් එන සද්දෙ නිසා

"ජන්කුක්?

ටේහියුන් ජන්කුක් ට කතාකරත් ජන්කුක් ටේහියුන් වත් පාස් කරගෙන ඇරලා තියන දොරෙන් එලියට පනින්න හැදුවත් ටේහියුන් ඉක්මනට ජන්කුක් ගෙ ඉනෙන් අල්ලගත්තා ,

"ආහ් අතාරිනවා මෝඩ වවුල් මොටා..මගෙ ඔම්මා ඇවිත් මට ඒක දැනෙනවා , ඔම්මා......ඔම්මා.....අනෙ මෙන්න මේකා මාව මරන්න හදනවාහ්....

ජන්කුක් හයියෙන් කෑගහද්දි යුන්ගි ට හිනාව තදකරගන්න ලොකු උත්සාහයක් ගන්න උනා ,මොකද ජන්කුක්ගෙ සද්දෙ නිසා ටේහියුන් ගෙ මූන නොසෑහෙන්න ඇද වෙලා තිබ්බා.

"කුමරුනි...

ආරක්ශකයා ඔලුව පාත් කරලා ටේහියුන් ගෙ අන බලාපොරොත්තුවෙන් හිටියා ,ටේහියුන් ජන්කුක් ව උස්සලා දොරට විරුද්ධ පැත්තෙන් තියලා ආරක්ශකා දිහාට හැරුනා.

"එයාලව මැන්ශන් එකට ගේන්න..ආරක්ශාව තද කරන්න...යුන්ගි දන්නවනෙ කරන්න ඕනි නේ?

ටේහියුන් ආරක්ශකව යවලා යුන්ගි දිහා බලපු වහ යුන්ගි ඔලුව වනලා ආයෙම ඇතුලට ගියා,ඒ ගියෙ හෝසොක් ට දැනුම් දීලා උඩ ඉදන් එයාලා දිහා ඇහැගහගෙන ඉන්න..

හහ්..උරුමක්කාරයාට අත තියන එක හිතන තරම්ම ලේසි දේකුත් නෙමෙයි..

"ජන්කුක් මං අම්මලව මෙහෙට එක්කන් එන්නම්,ඔයා එයාලව අදුරගන්න ඕනි හරිද?

ටේහියුන් කියද්දි පනින්න දගල දගල හිටිය ජන්කුක් ටේහියුන් දිහා ටිකක් වෙලා බලන් ඉදලා ලිවින්ග් රූම් එකෙ තිබ්බ කවුච් එකෙන් වාඩි උනෙ හරි කියලා හයියෙන් කියන ගමන්.

ජන්කුක්ටම නතරකරගන්න බෑ ටේහියුන් ඉන්න හැමතැනම එයාට ගෙදර වගෙ දැනෙන හැගීම..

____________________________________

ඇවිත් ඉන්නෙ ජන්කුක් ගෙ අම්මයි තාත්තයි කියලා ජන්කුක් ගෙ හැසිරීමෙන් තේරුම් ගත්ත නිසාත් තාමත් යුන්ගි යි හෝසොකුයි ආරක්ශාව බලන නිසාත් ටේහියුන් ඉන්නෙ දැන් එයාගෙ මේට් ගෙ අම්මයි තාත්තයි ඉස්සරහ තියන කවුච් එකෙ වාඩි වෙලා.ටේහියුන් ට අපහසුවක් නොදැනුනාමත් නෙමේ...

"ඔම්මාහ්....

ජන්කුක් ඔම්මගෙ ඇගට පනින්න හැදුවත් ඔම්මා අතක් උස්සලා ජන්කුක් ව නතර කරා.

ඊට පස්සෙ ජන්කුක් ගෙ ඔම්මගෙ ඇස් ටේහියුන් දිහාට හැරෙනවා කියලා දැක්ක ටේහියුන් නොසන්සුන් විදියට කෙල ගිල්ලෙ එයාගෙ අත්වලින් දන හිස් තෙරපන ගමන්.

"යේබෝ....

ඔම්මා ඊලගට බැලුවෙ අහිංසක විදියට ජන්කුක් ට වගේම ටේහියුන් ටත් හිනාවුන ජන්කුක් ගෙ තාත්තා දිහා,ඇත්තටම ටේහියුන් ට සැක නෑ මේ එයාගෙ හුරතල් මේට්ගෙ අම්මයි තාත්තා යි කියලා ,මොකද ජන්කුක් ගෙ අම්මගෙ ඇස් හරිම ලස්සනට ජන්කුක් ට පිහිටල තිබ්බා වගේම ජන්කුක් ගෙ තාත්තගෙ මූනෙ හැඩරුව අඩු නැතුව ජන්කුක් ට තිබුනා.

ඔම්මා කතා කරාට පස්සෙ ජන්කුක් ගෙ අප්පා ඊලගට ඔම්මා දිහාට හැරිලා බ්ලෑන්ක් මූනක් දාලා ඊලගට ජන්කුක් දිහා බැලුවා.

"හයිකීස්...

ටේහියුන් ට එකපාරට කැස්සක් ආවෙ ඔම්මා අපහු දේත් එක්ක..

"නෑ යේබෝ...

අප්පා ජන්කුක් ගෙ උඩ ඉදන් යටට බලන ගමන් ඔලුව වැනුවා.

"ලිප්....

"ඒවා අලුත් පිටම තියේ...

"කොරගනවද?

"බේබි එන්න අප්පා ලගට...

ජන්කුක් ගෙ අප්පා ජන්කුක් ට කතාකරාට පස්සෙ ජන්කුක් උඩ පැනගෙන අප්පා ගාවට ආපු විදිහෙන් ටේහියුන් දැක්කා ජන්කුක් ගෙ ඔම්මා සෑහීමකට පත් උනා කියලා ...

"හොදයි මිස්ටර් උරුමක්කාරයා ....

එයාගෙ හස්බන්ඩ් ගෙ ඔඩොක්කුව උඩ දගලන ජන්කුක්ව ටේහියුන් ට නොපෙනෙන්න ඔම්මා ඇදලා ඒ දෙන්නා මැද්දෙන් ඉන්දවගත්තා.

"ඔම්මා ...

ජන්කුක් හිමින් ඔම්මාට කතා කරත් ඔම්මා ඇගිල්ලකින් ජන්කුක් ගෙ කට ලොක් කරා.ඒත් ජන්කුක් නවතීතද?එයා ඊලගට රහසක් කියනවා වගේ එයාගෙ ඔම්මගෙ කනට ලං උනා..

"මං එයාගෙ ආත්මගත සකබබරෙලු...

ජන්කුක් කියද්දි ටේහියුන් ට හිතුනා එයා මෙතනින් අතුරුදන් උනානම් හොදයි කියලා ,ඉස්සලා ජන්කුක් ගෙ රසපරීක්ශාවක් කරා ටේහියුන් ඒකත් ඉවසුවා...ඒත් .

"කවුරු?

ජන්කුක් ගෙ තාත්තා ජන්කුක් දිහා හැරිලා ආයෙම ටේහියුන් දිහා හැරෙද්දි ටේහියුන් අහක බලාගත්තා, නිකන් මොකටද නේද අවදානමක් ගන්නේ...

"ජස්ට් සෙකන්ඩ්..බේබි ඔයාගෙ කම්මුලෙ තුවාල තියනවා..කවුරුහරි ඔයාට ගැහුවද?ඒවා ගොඩක් හීල් වෙන්න අරන්...ඒත් මගෙ ඇස් වලට බොරු කරන්න බෑ..මේ ඉස්සරහ ඉන්න එකාද ඔයාව තුවාල කරේ?

ඔන්න ඒපාර ටේහියුන් ගෙ කටෙ කෙල ටික හිදුනා.එයාට හිතාගන්න බෑ එයා වගෙ කෙනෙක් කොහොමද එයාගෙ නැන්දම්මාට මං කියන්නෙ ටු බී නැන්දම්මට මෙච්චර බය උනෙ කියලා ..

"ආහ් ඒකද? මේ..මේකනෙ ඔම්මා මෙයා ලග හිටිය ආරක්ශයෙක් මට ගැහුවා..මෙයා එයාට ගැහුවා පුශ් ගාලා විසික්කා වෙන්න...

ජන්කුක් කිව්වෙ අම්මගෙ අස්සෙන් ටිකක් ඈත් වෙල තාත්තගෙ අස්සට යන ගමන්.

"ආනේ පුශුත් ගෑවද?වෙන සද්දයක් තිබ්බෙම නැද්ද උඩින් යද්දි....

ඔම්මගෙ ඇස් ටේහියුන් දිහාට හැරිලා ආයම හිමින් ජන්කුක් ලග නතර උනා

"ඔයා ගිහින් ඔම්මටයි අප්පටයි බොන්න දෙයක් ගේන්න..මෙහෙ ලේ වලට වඩා හොද බීමක් ඇතිනේ .....දැන් යන්න ජන්කුක් ....

ජන්කුක් හිමින් නැගිට්ටෙ ඔම්මා එයාගෙ ඉන ලග හිමින් මිරිකපු නිසා නම් නෙමේ ,එයා ටේහියුන් ලගින් යද්දි ටේහියුන් ට හිමින් මිමිනුවෙ එයාගෙ අම්මටයි තාත්තයි කරදර කරන්න එපා කියලා උනත් ඇත්තටම කරදරෙ වැටුනෙ ටේහියුන් ..

____________________________________

"එයා ගියාද?

ඔම්මා ඇහුවට පස්සෙ අප්පා හිමින් ඔලුව වනනවා ටේහියුන් බලාන.

"හොදයි මිස්ටර් කිම් ටේහියුන් මුලින්ම තමුන් කවද්ද දැනගත්තෙ ජන්කුක් කියන්නෙ තමුන්ගෙ මේට් කියලා ...

ටේහියුන් නොහිතපු විදියට ඔම්මා වෙනුවට මේ පාර කතාකරෙ ජන්කුක්ගෙ අප්පා..එයාගෙ මූනෙ කලින් තිබ්බ අහිංසක පාට දැන් හොයාගන්නත් නෑ.

"ලගදි...

"ඇයි ජන්කුක් ට තුවාල කරේ?

ටේහියුන් ජන්කුක් ගෙ අප්පා දිහා බැලුවත් එයාට ආයෙම තේරුනා කිසිම වැම්පයර් කෙනෙක්ට ජන්කුක් ට කරදර කරන්න බෑ කියලා ...

"සමාවෙන්න..එයා අතින් මගෙ ප්‍රධාන ආරක්ශකයා හරියටම කිව්වොත් මගෙ සහෝදරයාට අනතුරක් උනා.

"ජන්කුක්ට ගහනකොට ඒ තමුන්ගෙ මේට් කියලා දැනන් හිටියද?

"කොහෙත්ම නෑ...මං දැනගත්ත මොහොතෙ ඉදන් එයා ගැන වදවෙනවා සර්..."

ටේහියුන් ටිකක් කෙලින් වෙලා කතාකරා,ඔව් එයා වගෙ කෙනෙක් එහෙම බයවෙන්න උවමනා නැතිඋනත් ටේහියුන් ගෙ හිතෙ දැනටම ටිකක් එයාලට ගරු කරන්න පටන් අරන්.

එයාල බුද්ධිමත් වගේම,ජන්කුක් ට ගොඩක් ආදරෙයි කියලා ටේහියුන් ට එයාලගෙ ඇස් වලින් හැසිරීමෙන් කියන්න පුලුවන් ...

"අපි එහෙනම් ජන්කුක් ව ගෙදර එක්කන් යනවා...ගුඩ් බායි..

ජන්කුක් ගෙ අම්මා ජන්කුක් ගිය පස්සෙන් කිචන් එකට යද්දි ටේහියුන් කවුච් එකෙන් නැගිට්ටුනේ එයාට දැන් කොහෙත්ම ජන්කුක්ව ඇස් වලට පේන්නැතුව ඉන්න බැරි නිසා.

"ඔහොම වාඩි වෙනවා!

ඒ ජන්කුක්ගෙ අප්පා...ටේහියුන් ඉබේම ඉන්දවුන එක අහන්න දෙයක් නෙමේ නේ..

"තමුන්ට මේට් හම්බුනා කියලා වෙන කවුද දන්නේ...මං හිතනවා වැම්පයර් ලාට මොලේ තියනවා කියලා..තමුසෙලා රාජධානියට දැනුම් දුන්නෙ නෑ නේද?

"රාජකීය පවුල විතරයි දන්නේ..

"හොදයි ටේහියුන් , මගෙ දරුවා මං ආරක්ශා කරෙ ලොකු කැපකිරීමක් කරලා..ඒ වගේම ජන්කුක් ගෙ අම්මා පවා ගොඩක් දේවල් අතඇරලා තියනව එයා නිසා...අපිට ඒ හින්දා ලෝකෙ ඉරනමට වඩා අපෙ දරුවා වටිනවා...ඔයා එයාගෙ මේට් කියලා මගෙ දරුවා ඔයාට දෙන්න අපි දෙන්නා ලෑස්ති නෑ ටේහියුන් ...

ටේහියුන් ගෙ ඇස් ලොකු වෙන දිහා බලාගෙන ජන්කුක් ගෙ අප්පා දිගටම ටේහියුන් ට කතාකරා,

"ඔයා ඔප්පු කරන්න ජන්කුක් ට ආදරෙයි කියලා ,මොකද එයාට හුගක් ආදරේ ඕනි,එයාගෙ ඇස් වලට කදුලු දෙන කෙනෙක්ට මමවත් එයාගෙ ඔම්මවත් එයාව දෙන්නෑ කියලා එයා දන්නවා.
ඉතින් අපිට ඔප්පු කරන්න ඔය එහෙම නෑ කියලා ටේහියුන් .....

"තව දෙයක් , ජන්කුක් දන්නෙ නෑ අපි ගැන..එයා හැදුනෙ සාමාන්‍ය දරුවෙක් වගේ.....අපිට ටික කාලයක් ඕනි ජන්කුක් ට මේ දේවල් කියලා දෙන්න සහ එයාගෙ බලයන් ගැන එයාට තේරුම් කරලා දෙන්න....

ටේහියුන් මොකුත් නොකියා ඔලුව වැනුවෙ ජන්කුක් ගෙ ඔම්මා ඇස් රතු කරන් ඉන්න ජන්කුක්ව එක්කන් එන දිහ නොදැක්ක ගානට.

adorable puff





ආත්මගත සකබබරෙට බඩු අදින කෙනා.

මං අසනීපයෙන් ඉන්නෙ..ඒකයි අප්ඩේට් පරක්කු උනෙත්..තාමත් අඩු නෑ අනේ..ඔයාලත් පරිස්සමින් මේ වෛරස් එක හරිම නපුරුයි.

Continuă lectura

O să-ți placă și

104K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...
48.1K 8.6K 44
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
5.2K 277 40
Because of Being the child of gay parents jeon jungkook(Kookie) gets bullied by everyone so he hate his parents kim Taehyung(taetae) is kookie's cla...
1.6M 146K 80
"ကို့ ကိုယ် မင်းရဲ့ Husband Anna လေးရဲ့ Daddy အဖြစ်အသိအမှတ် ပြုပေးနိုင်မလား " မင်းဆက်ခ "ခင်ဗျား ပြန်ပေးမဆွဲမှာ ကြိမ်းသေရင်...