Bite me |taekook

brown_piano93 द्वारा

60.3K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook अधिक

bite me chapter 1
bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 6
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 18
bite me chapter 19
bite me chapter 20
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 24
bite me chapter 25
bite me chapter 26
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 35
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 11

1.1K 260 63
brown_piano93 द्वारा

ජිමින් දැන් හුග වෙලාවක ඉදන් ජන්කුක් ඩ්‍රැකියුලා කියන කෙනා දිහා බලාන හිටියා.ජිමින් ට හිතුනත් ඇරලා තියන ජනේලෙ වහන්න,ඒත් එයා ඒක වහන්න නම් යුන්ගි ලගටම ලං වෙන්න වෙනවා.අනික ජිමින් මොකටද ඩ්‍රැකියුලා කෙනෙක් ගෙ ඇගට වැටෙන ඉර එලිය ගැන කෙයා කරන්නේ,ඩ්‍රැකියුලා ඉර එලියට හැංගෙන හැටි ජිමින් ට පේනෙද්දි උනත්..

"අහ්..මේ වවුල නිසා මටයි කරදරේ..හේයි ඔයාට ඇහෙනවද?ඔයාට කොරියන් තේරෙනවද?නැත්තන් වවුලන්ගෙ භාශාවද ඔයාට තේරෙන්නේ...

ජිමින් කීපසැරයක් කතා කරන්න උත්සාහ කරත් ඩ්‍රැකියුලා ඇස් වත් ඇරලා ජිමින් දිහා බලන්න උත්සාහ කරෙ නෑ...එවෙනුවට එයා ඉර එලියෙන් බේරෙන්න එහෙට මෙහෙට හැරෙන්න ගත්තා.

"ඔයා කතා කරොත් මට පුලුවන් ඔයාට උදව් කරන්න ,අහම් ඔයාට ගොඩක් දාඩිය දාලා,මැරෙන්න ඔන්න මෙන්න වගෙ ඉන්නෙත්..

ජිමින් ටිකක් ලගට ගිහින් කතා කරත් යුන්ගි ගෙ ප්‍රතිචාර ය කලින් වගේමයි.මොනවා කරන්නද ඉතින් මේ වවුල් හාදයාට මොනවහරි උනොත් ජිමින්ට බැරිවෙයි හිත හදාගන්න,ඒ හින්දා ජිමින් ටිකක් ඉස්සරහට නැමිලා කකුල් වලින් ඉස්සිලා ජනේලේ වහලා දැම්මා.දැන් හරියට ම ජිමින් ගෙ ඉන්නෙ යුන්ගි ගෙ උඩින්,යුන්ගි එයා දිහා අමුතු විදිහට බලනවා දැක්ක ජිමින් ඉක්මනට කෙලින් උනා.

"ජිමිනි....ඔයා ඇතුලෙද ඔම්මා කාමරේට එන්නද?

ජිමින්ගෙ කටෙ කෙල ටික හිදිලා ගියෙ ජන්කුක්ගෙ ඔම්මා දොරට ගහන සද්දෙන්.ජිමින් යුන්ගි දිහා එකපාරක් බලලා එයාගෙ ඇද උඩ තිබ්බ බ්ලැන්කට් එක උස්සලා යුන්ගි ගෙ ඇග උඩට දැම්මා.යුන්ගි දගලන එක අඩු උන නිසා දැන් එයාව රෙදි ගොඩක් වගෙ වත් පෙනෙයිනෙ.

"ප්ලීස් දගලන්න එපා..

ජිමින් යුන්ගි ට එහෙම කියලා යන දිහා යුන්ගි බලන් හිටියා.ජිමින් ඇගට දාපු බ්ලැන්කට් එක ඇදලා විසික් කරපු යුන්ගි බිත්තියට පිට දීලා අමාරුවෙන් බිමින් වාඩි උනා.කලින් යුන්ගිට දැනුනෙ මුලු ඇගම ලොක් වෙලා ගිහින් වගේ,දැන් දැන් ටික ටික එයාට පහසුවක් දැනුනත් යුන්ගිට හොදටම ශුවර් එයාට පියාබගන්න තියා කෙලින් ඇවිදගන්නවත් බෑ කියලා ,

"ඔ..ම්මා...

ජිමින් දොර බාගෙට ඇරලා ඔම්මා ට කතා කරා.

"ඔයාට කන්න එහෙම කල්පනාවක් නැද්ද ජිමිනි...ඕක ඇතුලට ම රිංගන් ඉන්නේ...අනික ඔයා හොදට කන්න ඕනි කියලා ඩොක්ටර් කිව්වා මතකයි නේද?

"ආහ් ඔම්මා..මං බෙහෙත් බිව්වා,ඔම්මා ආවේ වැඩකටද?

"ඔයා මොකාක් හරි හංගනවද මෝචි..?කාමරේ මොනාවහරි හංගන් ඉන්නවද ඔයාලා?මගෙ මෝඩ පැටියත් ඊයෙ ඕක ඇතුලෙ රිංගන් හිටියනේ දෙන්නා එක්ක මොකෝ කරේ?

"එහෙම දෙයක් නැහැ ඔම්මා..අපි මේ නිකන් ...

ජිමින් ට බොරු කියන්න බෑ,ඔම්මා ඉස්සරහ නම් කොහොමත් එයාට බොරු කියන්න බෑ,ජිමින් ගොතගගහා ඉද්දි ඔම්මා ජිමින්වත් එහාට තල්ලු කරන් කාමරෙ ඇතුලට ආවා.

එතකොට ඔම්මා දැක්කෙ ජනේලේ ලග මුල්ලෙ එතිලා තිබ්බ ගුලිය.

_________________________________________

"Privat secretary ,

ජන්කුක් reception එකෙ හිටිය ඇන්ටිට තුන්වෙනි පාරත් මුමුනද්දි එයා තඩි කන්නාඩි කුට්ටමෙන් ජන්කුක් දිහා ආයෙම හොදට බැලුවා.

"මේ අහන්න මිස්ටර් ජියොන් මට එහෙම දැනුම් දීමක් ඉහලින් ඇවිත් නැහැ,අයිම් රියලි සොරි ,

ජන්කුක් ට ආයෙම ඒ ඇන්ටි එක්ක කතාකරන්න උවමනා උනෙ නැහැ.ආහ් ගෙදරදි එයා ලොකුවට කියෙව්වා උනත් ජන්කුක්ට දැනුයි ඔලුවට ආවේ එයා ඉන්නෙ ලොකුම ලොකුම බිල්ඩින් එකක පලවෙනි තට්ටුවෙ උසම උසම රෙසෙප්ක්ශන් ටේබල් එක ලග නියපොතු හපන ගමන් කියලා .

එයා තමයි කිව්වෙ එයා කිම් ටේහියුන් ව බ්ලැක්මේල් කරනවයි කියලා,ඒ කොහොම උනත් කවුද හිතුවෙ ටේහියුන් ඉන්නෙ මෙච්චර ලොකු බිල්ඩින් එකක කියලා, අනිත් එක මේ ඇන්ටි හරිම වසයි...

"අහම්..මිස්ටර් ජියොන් ඔයාට පුලුවන් සර්ව හම්බවෙන්න අපොයිමන්ට් එකක් දාන්න..දවස් දෙකකට කලින් වත් දාන්න ඕනි.. අද දැම්මොත් අනිද්දට වගෙ සර්ව හම්බෙම්න පුලුවන් ....

ජන්කුක් හිමින් ඔලුව වැනුවා.ආහ් එයා ට කොහෙත්ම බෑ අර වවුල් කාරයවයි ජිමින්වයි තනියෙන් තියලා මෙච්චර වෙලා ඉන්න,අනික ජන්කුක් ට ඔනි ටේහියුන් කවුද කියලා ඔප්පු කරන්න,එතකොට එයාව අස්කරපු මහලොකු බොස්ට තේරෙයි ජන්කුක් ගෙ වටිනාකම,හම්ප්...

"මිස්ටර් ජන්කුක් ,

ඇන්ටි ආයෙම කතාකරද්දි ජන්කුක් ඇස් ලොකු කරන් එයා දිහා ගොඩක් අහිංසක විදිහට බැලුවා.ඒ අහිංසක මූන ඇතුලෙ තියන ඔලු ගෙඩියෙ ලොකු ප්ලෑන් එකක් වැඩ කරනවයි කියලා මේ අහිංසකී දැනන් හිටියෙ නෑ.

"ඔයාලගෙ බොස් ඉන්නෙ ෆස්ට් ෆ්ලෝ එකේද මිස්...මං වැඩකරන තැන බොස් නම් ඉන්නෙ බිල්ඩින් එකෙ උඩම තට්ටුවේ..ඒක තමයි කොරියාවේ උසම බිල්ඩින් එක....

"Wait what,මිස්ටර් කිම් ගෙ ඔෆිස් එක තියෙන්නේ 33 වෙනි ෆ්ලෝ එකේ..අනික ඔය ලමයා කියන්නෙ බොරු කියලා ඕනිම කෙනෙක් දන්නවා..මොකද මේ බිල්ඩින් එක තමයි මෙහාට තියන උසම බිල්ඩින් එක..

හොදයි ජන්කුක් එයාට ඕනි දේ දැනගත්තනේ...දැන් තියෙන්නෙ ශේප් එකට යන්න...වෙලාවට අපෙ ජන්කුකී බුද්ධිමත් උනේ,

කොහොම හරි ජන්කුක් ලිෆ්ට් එකෙන් බැහැලා ටේහියුන් ගෙ ඔෆිස් එක හොයාගෙන ගියා,ගොඩක් අය එයා දිහා බලන එක ඇත්තටම අපහසුයි වගේ දැනුනත් ජන්කුක් ට මෙවෙලාවෙ ඕනි කරේ ටේහියුන් ව හම්බවෙන්න.

එතකොට එයාට පුලුවන් මිනිස්සු න්ට ඔප්පු කරන්න ටේහියුන් ඇත්තටම කවුද කියලා ,එතකොට එයාව ආයෙම එයාගෙ කම්පැනි එකට ගනී...ආ නැද්ද?ජන්කුක් ගෙ ප්ලෑන් එක ගොඩක් හොදයි..

ජන්කුක් ඇවිදගෙන යද්දි එයා දැක්කා 33 floor එකෙ මැප් එක,ඉතින් ජන්කුක් කෙලිබ්ම ගියෙ ටේහියුන් ගෙ ඔෆිස් එක තියන තැනට, තඩි දොරක් තියන රූම් එක ඉස්සරහ ලොකුවට ඉංග්‍රීසියෙන් kim taehyung කියලා ගහලා තියනවා දැකලයි ජන්කුක් ගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ.ඇයි අප්පා මේ නොදන්න මිනිස්සු අස්සෙ ඉන්නවට වඩා අදුරන සතුරා එක්ක ඉන්න එක හොද නැද්ද මං අහන්නේ..

ජන්කුක් දොර තල්ලු කරගෙන ඔෆිස් රූම් එක ඇතුලට ආවා,එයා හිතුවටත් වඩා ඒක හුගක් ලොකුයි,එයාගෙ රූම් එක වගෙ දෙකක් ඇති..
ඒවගේම හැමදේම කලුයි රතුයි...

"ආහ්...වැම්පයර් තින්ග්ස්...

ජන්කුක් ඔලුවට තට්ටුවක් දාගෙන හිමින් හිමින් ඇතුලට ගියේ ඇස් ලොකු කරලා වටේම බලන ගමන්

ඔයාලා අමතක කරන්න එපා ජන්කුක් ආවේ කිම් ටේහියුන් ව බ්ලැක්මේල් කරන්නයි කියලා ,එයා කියන විදිහට එයා ගොඩක් දරුනුයි,මේ ඔෆිස් එකෙ අමුතු අමුතු ජාති තියෙන නිසයි එයා එහෙම ඇස් ලොකු කරන් ඉන්නේ..

"මිස්ටර් ජියොන් ජන්කුක් !!!!!

ජන්කුක් හිරිවැටිලා ගියෙ එයාගෙ පිටිපස්සෙ න් ඇහිච්ච ගැබුරු කටහඩ නිසා,ජන්කුක් දැනුයි ඒතන ඉදන් ආවේ,එතකොට කොහොමද ටේහියුන් එතනින් මතු උනේ,දැන් නම් ජන්කුක් ට ශුවර් ටේහියුන් කියන්නෙත් යුන්ගි වගේම වවුලෙක් කියලා ,

ජන්කුක් හිමින් ටේහියුන් ඉන්න පැත්තට හැරුනෙ ලොකු හුස්මක් උඩට අරන්,කොහෙත්ම එයා ටේහියුන් ට බයවෙන්නෙ නෑ..ටේහියුන් වැම්පයර් කෙනෙක් නම් ජන්කුක් ගෙ වගකීම ඒ ගැන මිනිස්සු දැනුවත් කරන්න ,ජන්කුක් දන්නවා වැම්පයර් ලා කියන්නෙ කොහෙත්ම හොද අය නෙමේ කියලා ,

බෑග් එකෙ තිබ්බ රිදී පාට කුරුසෙ හිමින් අතට අරන් ජන්කුක් කතා කරෙ ටේහියුන් ගෙ ඇස් දිහා එක එල්ලෙම බලාගෙන,

"කිම් ටේහියුන් මං දන්නවා ඔයා ඇත්තටම කවුද කියලා ,

ජන්කුක් කියද්දි ටේහියුන් හිනාවෙලා ජන්කුක් ලගට හිමින් ලං උනා.ජන්කුක් හිතුවා එහෙම කිව්වහම ටේහියුන් බයවෙයි නැත්තන් කලබලවෙයි කියලා ,ඒත් ටේහියුන් ගෙ මූනෙන් කිසිම හැගීමක් පෙනුන්නෑ..ඒකෙන් උනෙ ජන්කුක් බය උන එක..

"කියන්න,මං කවුද ම්ම්ම්ම්...

ටේහියුන් ලගට එද්දි ජන්කුක් ටිකෙන් ටික පස්සට උනා..එයා දැන් ඉන්නෙ බිත්තියටම හේත්තු වෙලා..ටේහියුන් ඉස්සරහට එන එක නතර කරේ ජන්කුක් ගෙ දෙපැත්තෙන් අත් බිත්තියට හිර කරගත්තට පස්සෙයි.

"කෝ...මෙච්චර වෙලා කියවපු කට...ජියොන් ජන්කුක් ?

ජන්කුක් අත් දෙකෙන්ම කුරුසෙ අල්ලගෙන බිත්තියට පුලුවන් තරම් ගුලි වෙලයි හිටියේ.ටේහියුන් ජන්කුක් ට වඩා හුගක් ලොකු නොවුනත් ජන්කුක් ට දැනුනෙ ලොකු කලු වලාකුලකින් වැහිලා ඉර එලිය හොයන පුංචි කුරුලු පැටියෙක් වගේ...

"වැ...ම්පර්...තමුසෙ මනුස්සෙක් නෙමෙයි...වැම්පයර් කෙනෙක් .

ජන්කුක් මුලින් ගොත් ගැහුවත් එයා කෑගැහලා කිව්වා ටේහියුන් කියන්නෙ වැම්පයර් කෙනෙක් කියලා , ටේහියුන් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවෙ ජන්කුක් කියපු දේවල් අදහගන්න බැරුව.

මේ පොඩි කොල්ලා කොහොමද දැනගත්තේ එයා වැම්පයර් කෙනෙක් කියලා ,

"කොහොමද ,කොහොමද තමුසෙ දන්නේ?

ටේහියුන් පුදුමෙන් අහද්දි ජන්කුක් එයාගෙ ෆෝන් එක අරන් උඩම තිබ්බ ෆොටෝ එක ටේහියුන් ගෙ ඇස් ඉස්සරහට ගෙනාවේ.එතන හිටියෙ බෙල්ල පැත්තකට කඩන් වැටිලා හිටිය යුන්ගි...

ටේහියුන් යුන්ගි ගෙ ෆොටෝ එක දැක්ක ගමන් ජන්කුක්ගෙ බෙල්ල තදේට එක අතකින් හිර කරගෙන අතෙ තිබ්බ ෆෝන් එක පොලවෙ ගැහුවෙ ජන්කුක් ව හොදටම බය කරලා..

"කියපන්......යුන්ගි ට මොකද්ද උනේ?

ටේහියුන් ගෙ ලොකු අත් වලට බෙල්ල හිරවෙලා වේදනා දුන්නත්,ඇස් වලින් කදුලු ගැලුවත් ජන්කුක්ට ඕනි උනෙ නෑ ටේහියුන් ඉස්සරහ එයා දුර්වලයි කියලා පෙන්නන්න,ජන්කුක් කෙලින්ම ටේහියුන් ගෙ රතුපාට නහර මතුවෙන ඇස් දිහා බලාගෙන හිටියා,

"එයා ජිමින් ගෙ ලේ බිව්වා...ඒකපාරක් නෙමේ සැරෙන් සැරේ...එයා ඊයෙ රෑත් ආවා..තමුසෙලා තිරිසන්නු...හී ඩිසර්ව් දැට්...

ජන්කුක් කෑගහද්දි ටේහියුන් ජන්කුක් දිහ ටික වෙලාවක් බලන් ඉදලා ජන්කුක් දගලද්දිම බෙල්ලෙන් අල්ලලා හිමින් උඩට ඉස්සුවා.ජන්කුක් ටේහියුන්ගෙ අත බෙල්ලෙන් ගලවන්න හැදුවත් කකුලුත් එක්ක ජන්කුක් ව ටිකෙන් ටික උඩට ඉස්සෙද්දි ජන්කුක් ට දරාගන්න බැරි තරම් ඒක ලොකු වේදනාවක් උනා.

"උබවත් මරලා,උබෙ පවුලත් මරලා දාන එක මට මහලොකු දෙයක් නෙමේ..කියපන් කොහොමද යුන්ගිට මෙහෙම උනේ...උබලා මොනවද කරේ කියපන්..

ටේහියුන් හිටියෙ පුදුමෙන් ,මොකද යුන්ගි කියන්නෙ සාමාන්‍ය වැම්පයර් කෙනෙක් නෙමේ.යුන්ගි ගෙ ඇගෙ දුවන්නෙ රාජකීය රුධිරය ,හරියට ම කියනවනම් වැම්පයර් ලව නිර්මාණය කරපු ඇපලෝ දෙවියන්ගෙ රුධිරය,ඉතින් සාමාන්‍ය වැම්පයර් වරුන්ට වගේ ශුද්ධ ජලයෙන් වත්,නැත්තන් ශුද්ධ වස්තු නිසාවත් යුන්ගි ට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ...

"ආහ්..දන්නෙ නෑ...අපි නැගිටිනකොට එයා වැටිලා හිටියෙ..සමහරවිට ජිමින්ගෙ බෙල්ලෙ තිබ්බ කුරුසෙ..

ටේහියුන් ජන්කුක් ව අත ඇරලා දැම්මෙ ජන්කුක් ගෙ මූන නිල් පාට වෙනවා ටේහියුන් ට බලන් ඉන්න අමාරු උන නිසා,සමහරවිට ජන්කුක් වේදනාවෙන් ඉන්න එක ටේහියුන් ට දරාගන්න අමාරු ඇති...

"පීටර්,ජින් හියොන්ට කියන්න ඉක්මනට ඔෆිස් එකට එන්න කියලා ,කොයි ලෝකෙක හිටියත් කමක් නෑ..

ටේහියුන් කෝල් එකෙ ඉද්දිම කහින ගමන් බෙල්ල අතගාන ජන්කුක් දිහා බලාගෙන හිටියා,ටේහියුන් හිටියෙ ජන්කුක් ව මරන්න තරම් කේන්තියකින්..ටේහියුන් ට ඒක දැනෙනවා,ජන්කුක් ව මරලා දාන්න තරම් කේන්තියක් ටේහියුන් ට දැනුනා උනත් ටේහියුන් ජන්කුක් ට පොඩිම හරි වේදනාවක් දෙන්න ඕනි කරෙ නෑ...හරියට ටේහියුන් ගෙ කේන්තිය පාලනය වෙනවා වගේ....

"කියනවා කොහෙද තමුසෙගෙ ගෙදර ...

ටේහියුන් ජන්කුක් ලගට නැමිලා අහද්දි ජන්කුක් අමාරුවෙන් කෑගැහුවා.

"ප්ලීස් එයාලට කරදරයක් කරන්න එපා..ඔයාලයි පටන් ගත්තේ..ඔයාලට අයිතියක් නෑ මිනිස්සු ට කරදර කරන්න ..

"තමුසෙ හිතන් හිටියෙ මං කවුරු කියලද පොඩි එකෝ..තමුසෙ සෙල්ලම් කරන්න හිතන් හිටියෙ කිම් ටේහියුන් එක්ක...උබ හිතන් හිටියෙ මාව බය කරන්නද...

ජන්කුක් කදුලු පාලනය කරන්න හදනගමන් ඔලුව දෙපැත්තට වැනුවා , ටේහියුන් ගෙ මේසෙ උඩ තිබ්බ වීදුරු ස්ට්‍රැචූස් එකපාර පුපුරපු නිසා ජන්කුක් ඇස් පියාගෙන කන් දෙක තද කරලා වහාගත්තා.

"ටේහියුන්...මොකද්ද මේකේ තේරුම..

ඔෆිස්ස් රූම් එකට ආපු කඩාගෙන ආපු ජින් බිම ඉන්න ජන්කුක් දිහයි කේන්තියෙන් ඇස් රතු කරන් ඉන්න ටේහියුන් දිහයි බලලා කෑගැහුවා..නෑ එයාට කෑගැස්සුනා..ටේහියුන් කේන්තියෙන් ඉද්දි ජින් උනත් ටේහියුන් ට බයයි...ජින්ට පුදුම හිතුනා ජන්කුක් තාමත් කරදරයක් නැතුව හුස්මගන්න එක ගැන.

"මූට එලියට යන්න දෙන්න එපා..

ටේහියුන් ජින්ට කියද්දි ජින් හෙමින් ඔලුව වැනුවා.ජන්කුක් ටේහියුන් යන්න හදද්දි බිම දිගෙ දනගාගෙන ටේහියුන් ගෙ පැත්තට ආවේ ජිමින්ලට කරදරයක් කරන්න එපා කියලා කැගහන.

ජන්කුක් ඇත්තටම මෙච්චර දෙයක් හිතුවෙ නෑ..එයා හිතුවෙ නෑ එයාලා මේතරම් නපුරුයි කියලා ,එයා හිතුවෙ නෑ කවුරුත් මැරෙයි කියලා ,අඩුම එයා හිතුවෙ නෑ කාටවත් පුංචි හරි තුවාලයක් වෙයි කියලා ,

ජින් ජන්කුක් ව නවත්තන්න හැදුවත් ටේහියුන් ගෙ දකුනු අත ඉස්සිලා ජන්කුක් බිමදිගේම ගිහින් ආයෙම බිත්තියෙ වැදුනා,බිම වැටිලා තියන වීදුරු නිසා ජන්කුක් ගෙ කිරිගරුඩ හම තුවාල වෙලා යද්දි ජින් උනත් වෙන දෙ හිතාගන්න බැරුව ටේහියුන් දිහයි ජන්කුක් දිහයි මාරුවෙන් මාරුවට බලන් හිටියා.

"යුන්ගිට මොනවහරි වෙලා තිබ්බොත් උබයි උබෙ පවුලයි පනපිටින් වලලලා දානවා.....සොක්ජින් මූවත් අරන් මැන්ශන් එකට යන්න,යුන්ගිට බේත් කරන්න ලෑස්ති පිට ඉන්න...

ජන්කුක් ඇස් වලින් කදුලු බේරෙද්දි ටේහියුන් එකපාරට අතුරුදන් වෙන දිහා බලන් හිටියා.ටේහියුන් ගිය ගමන් ජින් ජන්කුක් ලගට දුවලා ගියෙ ටේහියුන් අන්තිමට දොඩවපු දේවල් මොනවට කියලවත් තේරුම් ගන්න බැරුවයි.


They took our moon and sun,

Stay tuned


पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222
51K 9K 45
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
58.5K 15.4K 54
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥