Bite me |taekook

By brown_piano93

60.2K 11.2K 4K

What if cold vampire falling love with cute naughty boy!!! Taekook fiction Top tae Bottom kook More

bite me chapter 1
bite me chapter 2
bite me chapter 3
preface
bite me chapter 4
bite me chapter 5
bite me chapter 7
bite me chapter 8
bite me chapter 9
bite me chapter 10
bite me chapter 11
bite me chapter 12
bite me chapter 13
bite me chapter 14
bite me chapter 15
bite me chapter 16
bite me chapter 17
bite me chapter 18
bite me chapter 19
bite me chapter 20
bite me chapter 21
bite me chapter 22
bite me chapter 23
bite me chapter 24
bite me chapter 25
bite me chapter 26
bite me chapter 27
bite me chapter 28
bite me chapter 29
bite me chapter 30
bite me chapter 32
bite me chapter 31
bite me chapter 33
bite me chapter 34
bite me chapter 35
bite me chapter 36
bite me chapter 37
bite me chapter 38
bite me chapter 39
bite me chapter 40
bite me chapter 41
bite me chapter 42
bite me chapter 43
The end of Eclipse

bite me chapter 6

1.4K 280 85
By brown_piano93

"ඔහ් මෙන්න පුවත් මවන්නා...අපෙ ජියොන් ජන්කුක්කා...

ජන්කුක් උදේ වැඩට එද්දි එයාගෙ ටීම් මෙම්බර් ස්ලා ජන්කුක් ට චියර් කරා,මොකද සෝශල් මීඩියා වල හැමතැනම වගේ ජන්කුක්ගෙ 'කිම් ටේහියුන් ඇත්තටම මනුස්සෙක් ද?" කියන හෙඩ් ලයින් එකෙන් තිබ්බ නිව්ස් එක මාර විදිහට විරාල් වෙලා.ඒකෙ පැහැදිලිව ජන්කුක් කියලා තිබ්බා කිම් ටේහියුන් එයාවයි ජිමින්වයි පැහැරගෙන ගියා කියලා වගේම කවුද මනුස්සෙක් ජිමින්ව හැපුවත් කියලා..

"ඔය සිද්ධිය ඇත්තද ජන්කුක්-ශී..මං කියන්නෙ ඕක වෙන්න පුලුවන් දෙයක්ද?

"හහ්...මායි ජිමිනුයි ලොකු ගේමක් දාල එතනින් පැනලා ආවේ,සැක නැත්තන් ජිමින්ව බලන්න අපෙ ගෙදර එන්න..ඒ අහිංසකයට නැගිට්ටගන්නවත් පන නෑ..මං ටේහියුන් ට උඩින් යන්න එකක් දීලා ජිමින්ව මේ අතට උස්සන් එතනින් පැනලා දිව්වෙ"

ජන්කුක් කිව්වෙ එයාගෙ ටැටූ ගහලා තියන අත පෙන්නන ගමන්.

"කිම් ටේහියුන් හරි අමුතු මනුස්සෙක් වගේ..ඉතින් ජන්කුක් ඔයාලා මේ ගැන පොලිසියට කිව්වද?

ජන්කුක් යාලුවෙක් ජන්කුක්ගෙන් අහද්දි ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න.

"මං ඔක්කොටම කලින් කිම් ටේහියුන්ගෙන් පලි ගන්න ඕනි...

"කිම් ටේහියුන් කියන්නෙ සල්ලි ගහක් ජන්කුක්..මං හිතන්නෙ ඔයා ඒ මනුස්සයගෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි...

"හහ්..අපි මාධ්‍යවේදියෝ , අපි ඔය සල්ලි කාරයින්‍ට බය නැ..මං යනවා චීෆ් ගෙ කැබින් එකට..මිනිහා මට එන්න කියලා තිබ්බා..මේ බී ප්‍රමෝශන්..

ජන්කුක් යාලුවන්ට ඇහැකුත් ගහලා චීෆ් ගෙ කැබින් එකට ගියා.ජිමින් තවම ගෙදර,එයාගෙ බෙල්ලෙ තුවාලෙ හොද වෙනකන් ජන්කුක්ගෙ අම්මා ජිමින්ට ගෙදරින් එලියට බහින්න තහනම් කරා..

"ගුඩ්මෝනින් සර්,

ජන්කුක් චීෆ්ගෙ රූම් එකට ඇවිත් ග්‍රීට් කරෙ චීෆ්ට ලොකු හිනාවක් දාලා.

"ගුඩ් මෝනින්..කරන්න පුලුවන් හැමදේම කරලා තව හුරතල් වෙන්නත් එනවද ජන්කුක් ????

චීෆ්ගෙ කටෙ සද්දෙ වැඩිවෙද්දි ජන්කුක් ඇස් ලොකු කරගෙන චීෆ් දිහා බැලුවා.

"ඇ..ඇයි සර්?

"කිම් ටේහියුන් සර් කියන්නෙ කවුරු කියලද හිතන්නෙ ජන්කුක්...මොකද වෙන්නෙ ඒ මිනිහා අපෙ නිව්ස් පේපර් එකට විරුද්ධව නඩු දැම්මොත්?තමුසෙ දන්නවද ඒ කම්පැනි එකේ ඇඩ්වටීස්ට්මන්ට් වලින් අපි කොච්චර ලාභ ගනන්වද කියලා..ඔලමොට්ටලයා වගෙ මල විකාරයක් ලියලා දාලා....යූස්ලස්.

චීෆ් ගෙ සද්දෙන් ජන්කුක්ට බනිද්දි ජන්කුක්ගෙ ඇස් වල කදුලු පිරුනෙ එයාටත් නොදැනි.අපෙ බනී ගොඩක් සෙන්සිටිව් කෙනෙක්...

"ඒත් සර්,මං ඇත්ත ලිව්වෙ..කිම් ටේ-

"කටවහනවා...මං ටේහියුන් සර්ට පොරොන්දු උනා මේ ප්‍රශ්නෙ ශේප් කරනවා කියලා..ඒ වගේම තමුසෙව අස් කරලා දානවා කියලා.....දැන් කරුනාකරල මෙතනින් යනවා....

චීෆ් ජන්කුක්ට කෑගැහුවෙ ජන්කුක් ඉස්සරහට ජන්කුක්ගෙ අස්වීමෙ ලියුමක් විසික් කරන ගමන්.

ජන්කුක් ලියුම දිහයි චීෆ් දිහයි ඇස් ලොකු කරන් බලන් හිටියෙ ඇත්තටම එයාව රස්සාවෙන් අස් කරාද කියලා හිතාගන්න බැරුව.

"තමුන්ගෙ තත්වෙට ගැලපෙන වැඩ කරනවා..දැන් යනවා!!!!!

චීෆ්ගෙ කටහඩ ඔලුව ඇතුලෙ දෝංකාර දෙද්දි ජන්කුක් එයාගෙ වයිෆිට නැග්ගෙ කම්පැනි එක දිහා තාමත් ඇස් වල කදුලු පුරවගෙන බලන ගමන්.

එයා ගොඩක් ආසාවෙන් වැඩ කරපු තැන.එයාගෙ හීනෙ ,එයාගෙ ඩ්‍රීම් ජොබ් එක..මේ හැමදේම එක මොහොතකින් ජන්කුක්ට නැති උනා කියලා ජන්කුක් ට දැනෙද්දි ජන්කුක්ගෙ කදුලු ආයෙම අලුත් උනා.

"හරිම නරකයි හැමෝම..

ජන්කුක් තමන්ටම මුමුන ගනිද්දි එයාට බැරිඋනා එයාගෙ කට සෑඩ් පවුටි එකකට වෙනස් වෙන එක නතර කරගන්නවත්,මොකද ජන්කුක් හිටියෙ ගොඩක් දුකින්..එයා ඇත්තනෙ කිව්වෙ..කිම් ටේහියුන් එයාලට කරදර කරා...

ජන්කුක් බයික් එකට නැගලා වේගෙන් පැද්දෙ ගෙදර යන්න හිතන් උනත් ගිය පයින්ම ආයෙ ආවෙ ඇයි කියලා අම්මලා අහන නිසා ජන්කුක් පාර්ක් එක පැත්තට බයික් එක හැරෙව්වා.

පාර්ක් එකට ඇවිත් ජන්කුක් සෙනග ගොඩක් අඩු කොනකට ගිහින් අදුරු තැනක තිබ්බ බෙන්ච් එකකින් වාඩිඋනා..

ෆෝන් එක ස්ක්‍රෝල් කරද්දි ජන්කුක් දැක්කෙ එයාලගෙ නිව්ස් චැනල් එකෙන් ඔෆීශියලි ටේහියුන් ගෙන් සමාව ඉල්ලලා වගේම ජන්කුක් ප්‍රසිද්ධ වෙන්න ඕනිකමට බොරු දේවල් ප්‍රචාරය කරලා කියලා පැහැදිලිවම ඒකෙ සදහන් වෙලා තිබ්බා..නිව්ස් එකට යටින් තියන කමෙන්ට්ස් කියවද්දි ජන්කුක් ආයෙම ඇඩුවා.මිනිස්සු ජන්කුක් ට ගොඩක් බැනලා,ජන්කුක්ගෙ පේජ් එකෙ වෙනදට ලස්සන කමෙන්ට්ස් දාන අය පවා ජන්කුක් ට හොදටම බැනලා..

"හහ්..මං ඉරිසියාකාරයෙක්ලු..පෝසත් මිනිස්සුන්ට ඊරිසියා කරනවලු..හහ්...බෑඩ් බෑඩ්...නරකයි හැමෝම...

ජන්කුක් කදුලු පිහ පිහ ෆෝන් එක ඕෆ් කරලා මූන එහෙට මෙහෙට හෙලෙව්වෙ කදුලු ටික ඇස් වලින් අයින් කරගන්න...

ටේහියුන් ගොඩ වෙලාවක ඉදන් කෙනෙක් දිහා බලන් ඉන්නවා.ටේහියුන් ට විකාරයි වගේ,මොකද එයා තමයි පලවෙනි කෙනා ටේහියුන් ගෙ බලෙන් මෝහනය නොවී මතකය ඉතුරු වෙච්ච,කොහොමද එහෙම වෙන්නේ?ටේහියුන් ගෙ බලය කොහෙත්ම අවතක්සේරු කරන්න බෑ,එහෙම තියෙද්දිත් ඇයි ටේහියුන් ට මේ පොඩි කොල්ලෙක් ගෙ මතකෙ මකන්න බැරි උනේ..

ඒ වගේම ටේහියුන් හිටියෙ ලෝක දෙකක අතරමං වෙලා..ටේහියුන් මේ ආවෙ ජන්කුක්ව මරලා දාන්න..නම්ජූන් රජතුමා මේ ප්‍රශ්නෙ ගැන දැනගන්න කලින් ටේහියුන් මේක අනිවාර්යයෙන් ම විසදන්න ඕනි,මොකද සාමාන්‍යයෙන් වැම්පයර් රහස් දන්න මිනිස්සු එයාලගෙ නීතියට අනුව මරලා දාන්න ඕනි..මෙතන තියන ප්‍රශ්නෙ ඊට වඩා වෙනස්,ටේහියුන් කියන්නෙ උරුමක්කාරයා , වෘර්කයෝ යක්ශයෝ විතරක් නෙමේ වැම්පයර්වරු පවා බලන් ඉන්නෙ ටේහියුන් මැරෙනකන් .එතකොට ඔටුන්නට අයිතිකාරයෙක් නැති වෙලා යනවා, ඔටුන්නෙ අයිතිය හිමි වෙන කෙනාට මුලු තුන්ලෝකෙම බලය ලැබෙනවා.

ජන්කුක් ටිකක් කලුවර වැටෙද්දි ආයෙම යන්න නැගිට්ටා..ඒ වෙද්දි සෙනග ගොඩක් ගෙවල් වලට ගිහිනුයි හිටියෙ,පාර්ක් එක මූසල විදිහට ජන්කුක් එක්ක තනිවෙලා තිබ්බා.ජන්කුක්ට පොඩි අමුත්තක් දැනුනත් ජන්කුක් ඒ ගැන නොහිතා බයික් එකට යන්න හැදුවත් කලු ඇදගත්ත කෙනෙක් ජන්කුක්ට ඉස්සරහට යන්න නොදී පාර හරස් කරගත්තා.

"ක...කවුද ඔයා?

ජන්කුක් ආගන්තුකයගෙ මූන දිහා බැලුවත් එයා දන්නෙ නෑ ඒ කවුද කියලා..

"ජියොන් ජන්කුක් නේද?

ජන්කුක් ගෙ ප්‍රශ්නෙට ප්‍රශ්නයක් ඉතුරු කරද්දි ජන්කුක් සුපුරුදු මූඩ් එකට ආවා.අපි කොහොමද අමතක කරන්නෙ මේ ජියොන් ජන්කුක් කියලා..දුක හිතුනම සුට්ටක් ඇඩුවත් කොහෙත්ම එයා අහිංසක කෙනෙක් නම් නෙමේ..

" තමුසෙට මොකද මං කවුරු උනත්..උසට උසෙ කලු ඇදගෙන ඉර බහින වෙලාවෙ මෙතෙන්ට පාත් උනෙ මං කවුද කියලා අහන්නද?

"මං..

"ආආආආආ....ඔම්මාහ්..මෙන්න කලුකුමාරයා ඇවිත්..අනෙ දෙයියනේ මෙන්න එයා මට කරදර කරන්න හදනවා...

ආගන්තුකයා බලන් හිටියෙ ජන්කුක් අමුතු විදිහට කෑගගහ දගලන දිහා..අන්තිමට ජන්කුක් ලොකු හුස්මක් අරන් කෑගහන එක නතර කරා..

"මං ගොඩක් දුකින් ඉන්නෙ මිස්ටර් කලු උස අයියා..ඔයා කලුකුමාරයනම් සමාවෙන්න මට සාරි නම් අන්දන්න තේරෙන්නෑ..අනිත් එක...

"ඔයා මාත් එක්ක යන්න එන්න..

ජන්කුක් කියව කියව ඉද්දි කලු ඇදගත් කෙනා ජන්කුක් ගෙ අතින් අල්ලගත්තා..ජන්කුක් අතගස දාන්න ට්‍රයි කරත් ජන්කුක් හිතුවට වඩා තදට ඒ කෙනා ජන්කුක් ව අල්ලන් හිටියා.

"යාහ්...මේ මොකද ?මාව අතාරිනවා...තමුසෙට පිස්සුද ඕයි...බේරගන්න මෙන්නෝ කලුකුමාරයා මාව කිඩ්නැප් කරනවෝ....

ජන්කුක් කෑගැහුවත් අර මනුස්සයා ඒකගනන් ගත්තෙ නෑ...අනික ජන්කුක් වගේ ත්වයිකොන්ඩෝ චැම්පියන් කෙනෙක් මොන කෙහෙල් ඇවරියකටද මේ බයෙ කෑගහන්නේ..

ටිකක් වෙලා දගලපු ජන්කුක් එයාගෙ හුරතල් කලු පාට බූට්ස් දාන් ඉන්න කකුලක් අර මිනිහගෙ වදින්න ඕනිම නැති තැනක වැදෙන විදිහට ගැහුවත් ජන්කුක් බලාපොරොත්තු වුන විදිහට ඒක එයාට වැදුන්නෑ..ඒ වෙනුවට ජන්කුක් ගෙ කකුල අවකාශෙ හරහා ගියෙ එතන මනුස්සෙක් නැති ගානට..

"ක..කවුද ඔයා?මං ගැහුව පාර වැදුන්නැත්තන් ඔයා කොහොමද මාව අල්ලන්න ඉන්නේ..

ජන්කුක් පුදුමෙන් ඇහුවත් ටිකකින් එයාට හැමතැනම බොද වෙනවා වගෙ දැනුනා..

ලාවට හිනාවෙලා කලු ඇදගත්ත කෙනා ජන්කුක් ව උස්සගන යන්න හැරුනත් ඇස් රතු වෙලා තියන කෙනෙක් ඔහුගෙ පාර වැලකුවා.

"කොල්ලව දාලා මෙතනින් යනවා..

ටේහියුන් මූන ලොගුවකින් කවර් කරන් කැගහද්දි කලු ඇදගත්ත මනුස්සයා ටේහියුන් ට කට කොනට හිනාඋනා.

"වවුල්ලු මොකද මේ මිනිස්සු පස්සෙන් යන්නේ...

"මේ අපෙ කොටස...අනික යක්ශයින්ට බෑ මිනිස්සුන්ට කරදර කරන්න .."

"යක්ශයින්ට අභියෝග කරන්න උබට කොහෙන්ද ඔච්චර හයියක්..වැම්පයර්වරු ගෙ අවසාන කාලෙ මේ ඉන්නෙ..තව ඉස්සරහට ජීවත් වෙන්න ඕනිනම් අයින් වෙනවා..

ටේහියුන් ගෙ කට කොනට හිනාවක් ආවා..ටේහියුන් කියන්නෙ කොහෙත්ම අපහාස අහලා කටවහන් ඉන්න කෙනෙක් නෙමෙයි,දැන් කෙනෙක් ටේහියුන් ගෙ ඉවසීම පරීක්ශා කරනවා,ඉතින් ටේහියුන් ඉවසයිද?

Continue Reading

You'll Also Like

1.6M 146K 80
"ကို့ ကိုယ် မင်းရဲ့ Husband Anna လေးရဲ့ Daddy အဖြစ်အသိအမှတ် ပြုပေးနိုင်မလား " မင်းဆက်ခ "ခင်ဗျား ပြန်ပေးမဆွဲမှာ ကြိမ်းသေရင်...
14.8K 2.5K 19
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
150K 20.9K 15
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."