Episode 37

501 110 41
                                    


"මේ ඉන්නෙ පුංචි කරදරකාර හා පැටියා.... දැන් ඔයාව බේරගන්න කාටවත් බෑ කොල්ලො...."

මැර කල්ලියේ එක් සාමාජිකයෙක්ට අවාසනාවන්ත ලෙස අහු වුණත් ජන්කුක්ට එහෙම ලේසියෙන් යටත් වෙලා දුර්වලයෙක් වගේ පරාජය භාර ගන්න ඕනි වුණේ නෑ. මැර සාමාජිකයා ජයාග්‍රාහි විලාසයෙන් කතා කරන අතරෙම ජන්කුක් ළඟට ඇවිදගෙන ඇවිත් උරහිසෙන් අත තියන්න හදද්දිම ජන්කුක් කළේ හිතන්නවත් කාලයක් නොදී ඒ අත අල්ලලා අනිත් පැත්තට අබරලා ඈතට විසි වෙලා යන විදිහට හයියෙන් බඩට පයින් පාරක් ගහලා එතනින් පැනලා දුවපු එක.

"තමුසෙ එහෙනම් අපි හිතනවට වඩා අමාරුකාරයෙක්.... හරි බලාගමු කොල්ලො ඔයාට අද දුවලා බේරෙන්න බෑ."

ජන්කුක්ගෙන් ලැබුණ ප්‍රහාර හමුවේ බඩත් අල්ලගෙන කෑ ගහන මනුස්සයා දිහා එක පාරක්වත් හැරිලා බලන්නෙ නැතුව ජන්කුක් පුලුවන් තරම් වේගයෙන් ඉස්සරහට දිව්වේ තමන්ගෙ ජීවිතේ බේරගන්න වුණත් ජන්කුක්ට එහෙම වැඩි දුරක් යන්න ඉඩ ලැබුණෙ නෑ. යකඩ පොල්ලකුත් අතේ තියාගත්ත මනුස්සයෙක් ඉදිරියෙන් මඟ හරස් කරගෙන හිටගන්නවත් එක්කම ජන්කුක් එහෙම්ම අනෙක් පැත්තට හැරිලා ආපහු දුවන්නයි හැදුවෙ. ඒත් අඩියක්වත් ඉස්සරහට යන්න නොදී ඒ පැත්තෙනුත් ජන්කුක්ගෙ මඟ හරස්කරලා තවත් මනුස්සයෙක් හිටගත්තේ හැඩි දැඩි මිනිස්සු දෙන්නෙක් මැදට අසරණ ජන්කුක්ව කොටු කරගෙනයි.

"අයිශ්..... "

හිතට බයක් වගේම ඒ හා සමානව කේන්තියක් දැනෙද්දී ජන්කුක්ට ඉඹේටම කෑ ගැස්සුණත් ටිකෙන් ටික තමන්ට ළං වෙන දෙපැත්ත ඉන්න හැඩි දැඩි පිරිමි දෙන්නා දිහා සැරින් සැරේ හැරිලා බලලා ජන්කුක් එයාලගෙ ඊළඟ පියවර ගැන විමසිල්ලෙන් ඉදන් ඊට හොඳින් මුහුණ දෙන්න සූදානම් වුණා. බිම දිගේ ඇදගෙන එන යකඩ පොල්ලේ සද්දෙන් ජන්කුක්ට බයක් දැනුණට ළඟටම ආපු එක මිනිහෙක් ඒ යකඩ පොල්ල උස්සලා ගහන්න යද්දී තමන්ගෙ මූණ ඉස්සරහටම ආපු යකඩ පොල්ල අල්ලගෙන විතරක් ජන්කුක් නතර වුණේ නෑ. එහෙම්ම තමන්ට ගහන්න හදපු මනුස්සයට උඩ පැනලා පපුවට පයින් පාරක් ගැහුවේ යකඩ පොල්ලත් අතැරලා තල්ලුවෙලා ගිහින් වැටෙන්නයි. ඒත් එක්කම අනෙක් පැත්තෙන් ආපු මනුස්සයත් ගහන්න පනිද්දී ජන්කුක් කළේ අතේ තිබ්බ යකඩ පොල්ලෙන් බඩට පාරක් ගහලා දුවන්න වුණත් ජන්කුක්ට එතනින් හෙල්ලෙන්වත් ඉඩ නොතියා ඉතුරු මැර කල්ලියම ඇවිත් පැනලා යන්න බැරි වෙන්න ජන්කුක්ව වට කර ගත්තා.

I Need You ( JM sinhala Ff )Tempat cerita menjadi hidup. Temukan sekarang